IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක්



(සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා යැවීමට අපොහොසත් වන මන්ත්‍රීවරයකුට  වසරක කාලයක් දක්වා සිර දඬුවම්  සහ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය කිරීමට නව දූෂණ විරෝධී පනතින් විධිවිධාන සැලසී ඇති බව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

2023 අංක9  දරන දූෂණ විරෝධී පනත අනුව  සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන්නේ නම් එදින සිට සති දෙකක කාලයක් ඇතුළත ලිපිය යැවීමෙන්
එම මන්ත්‍රීවරුන්ට අවවාද කළ යුතු බවත් එසේම එදින සිට ජුලි මස 31 වැනිදා දක්වා කාලය සඳහා මාසික දළ වැටුපෙන් තිහෙන් එකකට සමාන දඩ මුදලක් නියම කළයුතු බවත් පනතේ සඳහන් වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම පසුගිය මාස හය සඳහා අදාළ වන දල වැටුපෙන් තිහෙන්  එකකට සමාන වැඩි කරන ලද දෛනික පරිපාලන දඩ මුදලක් අගෝස්තු මස 1 වැනිදා සිට 31 දක්වා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම සඳහා ගෙවීමට නියම කෙරෙනු ඇති බවත් එහි දැක්වේ.

එම ප්‍රකාශය සැප්තැම්බර් මස1 වැනිදා තෙක් යැවීමට අපොහොසත්වන මන්ත්‍රීවරුන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වනු ලබන ලගු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී එම තැනැත්තා අවසන් වරට ලබාගත් මාස දොළහක දළ වැටුප් වලට සමාන දඩ මුදලක් හෝ අවුරුද්දකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩ මුදල සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු බව එම පනත් කෙටුම්පතේ දැක්වෙන බව අල්ලස් කොමිසම පවසයි.

තවද වත්කම් බරකම් ප්‍රකාශ භාර නොදීම් සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්වේ.



අදහස් (7)

වත්කම් නොදෙන මන්ත්‍රීන්ට වසරක හිර දඬුවමක්

siri Monday, 08 July 2024 01:38 PM

මොවුන් ටික හිරේ දැම්මොත් නම් රටට යහපතක් වේවි...!

:       0       22

සොරිසේන Monday, 08 July 2024 02:13 PM

හෑහ් !!! වසරක් හිරේ, අවුරුද්දේ පඩිය.... එච්චරද? ඉතින් දියවන්නා හොරමුලට ඒක ලාබයි නේ...!!!

:       2       16

ගජමිතුරු Monday, 08 July 2024 03:16 PM

මෙහෙම අනවධානයෙන් කටයුතු කරන පිරිස් පක්ෂයේ අපේක්ෂකයින් ලෙසට නාමයෝජනා අත්සන් කරන අයට අවුරුදු පහක සිර දඩුවමක් නියම කලොත් ඔහොම මිනිස්සු පාර්ලිමේන්තුවේ අසුන් නොගනීවි

:       0       16

nanda Monday, 08 July 2024 09:09 PM

වත්කම් ඉදිරිපත් නොකරන කිසිවෙකුට චන්දෙ නොදෙමු

:       0       0

Srinath Monday, 08 July 2024 10:36 PM

පුලුවන්නම් හිරේ දාලා පෙන්වන්න ?

:       0       4

Ari Tuesday, 09 July 2024 07:12 AM

මේක තනිකරම ගොන් ආතල් ගැනීමක්. මෙම ආකාරයේ නීතිය කිසි විටෙකත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.

:       0       2

Perera Tuesday, 09 July 2024 12:00 PM

පාර්ලිමේන්තුව වසරකට හිර ගෙයක් කරන්න වගේ යන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 8 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2349 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1278 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 854 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1482 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site