IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


වෘත්තීය පුහුණුවේ වැඩ කෝප් කමිටුව පට්ට ගහයි

වෘත්තීය පුහුණු අධිකාරියේ රේඛීය අමාත්‍යංශය වන අධ්‍යාපන අමාත්‍යංශය එම අධිකාරියේ කටයුතු නිසි ලෙස නිරීක්ෂණය කර නැතැයි  කෝප් කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා චෝදනා කළේය.ඒ පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේය. 

මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා,

'වෘත්තීය පුහුණු අධිකාරිය ඉතාම නරක තැනක තියෙන්නේ. අපි කැඳවීමක් කළා කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයෙකුට එතුමා අද ඇවිත් නැහැ. අපි නැවත වාරයක් එතුමා කැඳවනවා. එතුමා කිසිම අධ්‍යක්ෂ මණ්ඩල අනුදැනීමක් නැතිව  මෙහි බිඳවැටීමේ අවසාන ඇණයත් ගහලා ගිහින් තිබෙන්නේ.  එසේම අධ්‍යපන අමාත්‍යංශයේ විෂය භාර අතිරේක ලේකම්වරු මෙහි බිඳවැටීමට මුළුමනින්ම වග කියන්න ඕනි.'

' වෘත්තීය පුහුණු අධිකාරියේ කණගාටුදායක තත්ත්වය කොච්චරද කියනවා නම් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ප්‍රධාන නිල 10 ක් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහරු ගෙදර යවලා සමහරු ස්ථාන මාරු කරලා තියනවා. අපි ඔබතුමාගෙන් අහනවා (අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්)  අධ්‍යක්ෂ ජනරාල්වරිය මාස 4 ක් ගෙදර තියලා රුපියල් 486616.16 ක වැටුපක් ගෙවලා තියනවා. ඒක අපි කාගෙන්ද අය කරගන්නේ. ඊළඟට මේක පරිපාලනය බිඳවැටෙන්න මූලික හේතුව තමයි පරිපාලන අධ්‍යක්ෂ පරිපාලනයේ නෑ. පුහුණු අධ්‍යක්ෂ පුහුණුවේ නෑ. අමාත්‍යංශය මේක දැනගෙන හිටියේ නැද්ද. ඒකයි අපි කියන්නේ වෘත්තීය පුහුණු අධිකාරියේ මේ බිඳ වැටීමටට මේ අමාත්‍යංශයේ අදාල විෂය භාර නිලධාරීන් වග කියන්න ඕනි කියලා.'

'අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ මාසයේ 19 වැනිදා විශ්‍රාම යනවා. මේ කටයුත්ත කරන්න අධ්‍යක්ෂ ජනරාවරයෙක් පත්කර ගන්නේ කොහොමද? අනීතිකව මාරු කළ අය සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක්ද අධ්‍යක්ෂජනරාල්වරිය මෙහෙම අනීතිකව ගෙදර යවලා පඩි ගෙවපු එක සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා තීන්දුව මොකක්ද? ආයතනයේ පරිපාලනය බිඳවැටීම සම්බන්ධයෙන් වගකිව යුතු අය හඳුනාගෙන තිබෙනවාද? අපට නිරීක්ෂණය වෙලා තිබෙනවා අරමුණෙන් බැහැරව කටයුතු කරන අවස්ථා 16 ක්'  යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්යය නිවාඩු යැවීමේ කටයුත්ත හිටපු සභාපතිවරයා විසින් අමාත්‍යංශයට වාර්තා කළේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ගත් තීරණයක් ලෙස බවයි. එහෙත් එවැනි තීරණයක් නොවූ බවට පසුව අනාවරණය වූ බව ද ලේකම්වරයා මෙහිිදී පැවසීය. එසේම අධ්‍යක්ෂවරුන් තිදෙනකු මෙම තීරණයට එකඟ නොවූ බව ලිඛිතව දැන්වූ බවද ලේකම්වරයා පැවසීය.

මෙහිදී අදස් දැක්වූ කෝප් සභාපතිවරයා කියා සිටියේ හිටපු සභාපතිවරයා මූල්‍යමය අලාභයක් කර ඇති බවත් ආයතනයේ පරිපාලනය මුළුමනින්ම බිඳවට්ටා ඇති බවත්ය. මේ අනුව හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති ලේක්ම්වරයායට දන්වා යවන බවත් මේ අවස්ථාවේත් ඔහු කෝප් කමිටුව මඟහැර ඇතත් ඊළඟ වතාවේ ඔහු කමිටුව ඉදිරියට කැඳවන බවත් කෝප් සභාපතිවරයා පැවසීය.

එසේම අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය නිසි පටිපාටියකින් තොරව සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබූ බවද මෙහිදී අනාවරණය විය. එසේම හිටපු සභාපතිවරයා කළ හානිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමටද මෙහිදී තීරණය විය.

කෝප් කමිටුවේ දී අනාවරණය වූ වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු සභාපතිවරයාගේ අනීතික තීන්දුවකට අනුව අනිවාර්ය නිවාඩු යැවූ අධ්‍යක්ෂ ජනරාල්වරිය  නැවත සේවයේ පිහිටුවීමට වෘත්තීය පුහුණු අධිකාරිය මේවනවිට කටයුතු කර තිබේ. එහෙත් හිටපු සභාපතිවරයා රාජ්‍ය සේවයේ පළපුරුදු නිලධාරිනියක සහ තවත් නිලධාරීන් පිරිසකට කළ හානිය හෝ වෘත්තීය පුහුණු අධිකාරියට කළ පාඩුව පූරණය කර ගැනීම ලෙහෙසි නැත. කෝප් සභාපතිවරයා මෙම සිද්ධියේ දී කියූ ආකාරයටම බොහෝ රාජ්‍ය ආයතන සභාපතිවරුන් තමන්ට අවශ්‍ය ලෙස සියල්ල කළ හැකි යැයි සිතා සිටීම මෙවැනි අර්බුදවල මුලයි. 

 



අදහස් (3)

වෘත්තීය පුහුණුවේ වැඩ කෝප් කමිටුව පට්ට ගහයි

පැරකුම් Wednesday, 10 May 2023 10:24 PM

කෝප් කමිටුව කියන්නෙ ජනතාව අන්දලා පාලකයින්ගේ අඩුපාඩු වසා ගැනීමට යොදාගනු ලබන කූට උපක්‍රමයක් බව ප්‍රසිද්ධ රහසකි. මෙවැනි කමිටු තවත් ඇත. ඒවායින් කිසිදා කිසිවක් නිවැරදි කර නැත. වරද කරුවන්ට දඩුවම් කල බවක් අසා නැත. පැහැදිලිවම කාලය සහ මුදල් නාස්ති කිරීමක් පමණි.

:       0       0

කල්පනා Thursday, 11 May 2023 05:08 AM

වෘත්තීය පුහුණු අධිකාරිය රටට ප්‍රයෝජනවත් වැඩක් කරන්නෙ නැහැ නැහැ කියලා කියන්න පුළුවන් නැත්නම් රැකියා විරහිත තරුණ පිරිස් ඒවාට යොමුකර ගෙන විධිමත් පුහුණු දෙන්න පුළුවන් එනිසා ඉදිරියේ වත් හැකියාව සහිත රටට හිතැති උපදේශක වරුන්ගෙන් අධිකාරියේ තනතුරු සම්පූර්ණ කරන්න කියලා කියන්න වෙනවා

:       0       0

අන්දරේ Thursday, 11 May 2023 06:48 AM

නිලධාරින් ගෙදර යවපු විදිය වැරදි ඇති. ඒත් ඔය නිලධාරින් කරන ඇති වැඩක් නෑ. VTA වගේම TVEC දෙකම සුදු අලි. ඇතුලේ ඉන්න ඔක්කොම දේශපාලන පත්වීම් වලින් ආපු අය. අලුතින් එලියෙ කාටවත් ඔකේ ඇතුලට එන්න බෑ. තනතුරු පුරප්පාඩු උනාම බොරුවට Ad dala, interview කරනවා . එක්කෙනෙක් විතර එළියෙන් ගන්නවා. අනිත් ඔක්කොම ඇතුලෙ අයට ප්‍ර්‍රොමෝශන්. Director slata කඩේ යන ගොට්ට අල්ලන තරමට තමයි ප්‍රොමෝශන් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 195 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 51 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 535 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 281 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1317 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 1125 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site