වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ටකොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා කාලය තුළ එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වේ.
එමෙන්ම CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මුලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුළවීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් කොටුව අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
අදාළ නියෝග නිකුත් කර ඇති සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.
*සමීර අල්විල් - බැංකු හා මුල්‍ය සංසදයේ ක්‍රියාකාරි
* නිරෝෂන් ගොරකානාගේ - සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම්
*විජයතිලක ජයසිරි - අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ සභාපති
*සමීර පතිරණ - ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති
*උදයංග හෙට්ටිආරච්චි - ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක
*ඩී.පි. ජයවර්ධන - ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවක සංගමයේ උපසභාපති
*ගාමිණි රත්නායක - වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
*අනුර නයනාන්ද - අන්තර් සමාගම් සේවක සංගමයේ බියගම කලාප සංවිධායක
*මංජුල සිරිසෝම - රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති
*අසංක සංජීව - සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ උපලේකම්
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෘත්තීය සමිති සාමාජිකයින්ට කොළඹ පාරවල් තහනම්