(රංජන් කස්තුරි)
පරිපාලන නිලධාරීන්ට විධායක ශ්‍රේණිය ලබාදීම සඳහා විටින් විට සකස් කළ සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ පත්‍රිකා 5 ක් එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩු කිහිපයක් යටතේ සකස් කර තිබූ එම කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඇතත් ක්‍රියාත්මක නොකිරීමට එම වෘත්ති සමිතියේ නායකයන් කටයුතු කරන කර තිබෙන බවද පැවසේ
පරිපාලන තනතුරු වන ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් අධ්‍යාපන විද්‍යා පීඨ ලේකම්, කාර්මික විද්‍යා ලේඛකාධිකාරී අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරීන් මේ නිසා වසර 20 කට අධික කාලයක් තිස්සේ දැඩි අසාධාරණයට පත්ව සිටින බවද පැවසේ
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ සඳහන් කළේය.
ප්‍රාදේශීය සභා ලේකම් තනතුරු 276 ක තම සේවාවේ නිලධාරින් සිටියද ඔවුන්ට මීට පෙර හිමිව තිබූ විධායක ශ්‍රේණියේ උසස් වීම අහිමිකර තිබෙනවා.
ප්‍රාදේශීය සභාවල සහ රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් වැනි ඉහළ වගකීම් රැසක් පරිපාලන නිලධාරීන් හොඹවන නමුත් ඔවුන්ට අහිමි කළ විධායක ශ්‍රේණිය නැවත ලබා නොදීමට එක්තරා ප්‍රබල වෘත්තිය සමිතියක් කටයුතු කරමින් සිටින බවද ධර්මසේන මහතා පැවසීය.
රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්
හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානාය
පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගින
ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු
ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
වෘත්තීය සමිතියක් කැබිනට් පත්‍රිකා පහක් යටකරගෙන
සමන් Thursday, 27 February 2025 06:23 PM
පරිපාලන කිව්වට ඔවුන්ගේ සේවය කලමනාකරණ සහකාර මූලික සුදුසුකම අ.පො.ස. උසස් පෙළ. විශේෂ ශ්‍රේණියේ තවත් සේවාවන් තියෙනවා... මූලික සුදුසුකම උපාධිය තියන... එතකොට මෙයාලාට විධායක දුන්නාම ඒඅයට දෙන්නේ මොකක්ද?