(නිමල් ජයරත්න)
පොලොන්නරුව මහවැලි බී කලාපයට අයත් සිංහපුර මහවැලි කොට්ටාශයේ රොටවැව හරහා නිසිපරිදි තම කුඹුරුබිම් සඳහා ජලය නොලැබීමෙන් මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 450 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් පවතින බව කන්දකාඩු ගොවීහූ සඳහන් කරති.
රොටවැව වැවට ජල ප්‍රවාහන පද්ධතියක් නොමැති නිසා සිංහපුර දෙසින් එන ජලය ප්‍රමාණවත් නොවීමත්, වැවේ ජලය සීග්‍රයෙන් අඩුවීම නිසා,මේ වනවිට කුඹුරු අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක පැළ ගොයම විනාශ වී ඇති බව 301 / ඩී 5, එස්.ඩී,2/3/ බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්.ඩබ්ලිව්.ඩී. සුමිත්‍රපාල මහතා සඳහන් කළේය.
තම ගොවි සංවිධානයේ ගොවින් 136 දෙනෙකු මෙවර යල කන්නයේ අක්කර දෙකහමාර බැගින් වීවගා කර ඇති අතර එම වගාවට නිසිපරිදි ජලය නොලැබීම නිසා, තව සතියක් දෙකක් ඇතුළත වැවට ජලය ලබා නොදුනහොත් දින පහළොවේ, විස්සේ පැළ ගොයම සම්පූර්ණයෙන් විනාශ වීමේ අවධානමක් පවතින බවද සුමිත්‍රපාල මහතා කීය.
මෙම ගොවි සංවිධානයේ ජල පාලක ඩබ්ලිව්. ජී.ජී. ගුණතිලක මහතා සඳහන් කළේ රොටවැව යටතේ ඇලවල් දාහතරක් පවතින බවත්, වැවේ ජලය ප්‍රමාණවත් නොවීමෙන් එම ඇලවල් දාහතර, මගින් ජලය නිකුත් කිරීම ගැටලු සහගත තත්ත්වය පවතින බවයි.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වතුර නැතුව රොටවැව කුඹුරු අක්කර 450ක් අවදානමේ