(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරි වළකට වැටී පස් හැවිරිදි පෙරපාසල් දරුවෙකු මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස පදිංචි එස් ආකාෂ් සංජය නැමති පෙරපාසල් දරුවෙකි දරුවා රෝහලට ඇතුළු කරන විට මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මරණයට පත් දරුවා වැලිපෑලැස්ස ප්‍රදේශයේ පෙර පාසලක පූර්ව ළමා අධ්‍යාපනය ලබන දරුවෙක් බවත් පොලීසිය පවසයි.
මරණකරුගේ නිවස පිහිටි ඉඩමේ නිවසට යාබදව වැසිකිලියට අවශ්‍ය වලක් කපා එය ගලෙන් බැඳ නිමකර ඇතත් එහි බිම්මට්ටමේ කොන්ක්‍රීට් වැස්ම සවිකර නැතිබව පොලීසිය පවසයි.
මෙය නිම කිරීමට නොහැකිව ඇත්තේ පසුගිය කාලය පුරාවට දිගින් දිගටම වර්ෂාව ලැබුණ නිසාවෙන් බව මිය ගිය දරුවාගේ පියා සඳහන්කර තිබේ.
මේ හේතුවෙන් එම වැසිකිලි වලේ වතුර පිරී තිබූ බවද පැවසේ. ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එකවර අතුරු දහන් වීම හේතුවෙන් සිය අසල් වාසීන් සමග එක්ව සොයා බැලීමේදී අසල්
වැසියෙකුට දරුවාගේ ශරීරය වතුර පිරි වලේ තිබියදී හමුවූ බව මව විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.
ඒ අනුව අසල්වාසීන්ගේ සහයෝගයෙන් මෙම දරුවාව හලාවත රෝහලට ඇතුලත් කර ඇත. මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.
ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් ජයවීර 36495 ඇතුලු නිළධාරීන් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වතුර වළකට වැටී දරුවෙක් මරුට
Bunny Preena Monday, 13 December 2021 04:32 PM
බොහොම කණගාටුදායක පුවතක්.. අඩුම ගානේ ලෑලි ටිකක් දාලා වහන්න බැරිද? ළමයින්ගේ ජීවිතවල වටිනාකමක් නොදන්න දෙමව්පියෝ ඉන්නකොට මෙවැනි දේවල් සිදුවන එක අරුමයක් නෙවෙයි. දැන් කියයි ළමයාට අපලයක් තිබුණා, මාරකයක් තිබුණා කියලා... අම්මයි, තාත්තයි කියන දෙන්නට උපරිමයෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.