IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘වේදනාවට සැනසුම ඉල්ලා‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි ,කොච්චිකඩේ වාර්තාකරු සහ මීගමුව අධිකරණ ඩබ්ලිව් කීර්ති  )

දෙවසරකට  ඉහත පාස්කු ඉරිදා  සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මරණයට පත්වූ 269 දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පියතුමන්ලාගේ හා කන්‍යා සොහොයුරියන්ගේ සහභාගිත්වයෙන් පැවති පා ගමන  අද  (21)  පස්වරු 6ට පමණ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය කරා ළඟා වූයේය.

පස්වරු 4ට පමණ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අසලින් මෙම පාගමන ආරම්භකරන ලද්දේ මැල්කම්  කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ  ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාවට දිවයිනේ සතර දෙස විසිරී පැතිරී සිටින දේවස්ථානයන්ගේ පියතුමන් ලාද රදගුරුවරුන් ද සමග දේශය සුරැකීමේ ව්‍යාපාරයේ ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලා  පිරිසක් ද සහභාගීව සිටියහ .

දෙවසරකට ඉහත දී සිදු වූ මේ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉෂ්ට කර වේදනාවට පත්ව සිටින අයට සැනසුම ලබා දිය යුතු බව මෙහිදී අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

 එමෙන්ම මහා වෘක්ෂයක්  සේ කාදිනල් හිමියන් රැඳී සිටිමින් කළ සේවයද උන්වහන්සේගේ පැසසීමට ලක්විය . 

මැල්කම්  කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පස්වරුවේදී  කටුවපිටිය සාන්ත සෙබස්තියන්  දේවස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව වෙනුවෙන් ඉදි කර ඇති සිහිවටන ඵලකය ඉදිරියේ මල් කළඹක් තබා උපහාර  දැක්වූහ.

යුක්තිය සාධාරණය පතන අතර රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් මෙම පා ගමනේ පිරිස ගමන් කළහ

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 269 දෙනා වෙනුවෙන් ඔවුන්ගේ ඡායාරූප ඒ අවස්ථාවට සහභාගිව සිටි පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් වෙත බාර කිරීම සිදු වූ අතර ඉන් අනතුරුව  පාගමන කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය කරා ගමන් ඇරඹිණි .

දෙපැයකටත් අධික කාලයක් තිස්සේ පා ගමන සාමකාමී අන්දමින් පැවැති අතර පොලිසිය ගුවන් හමුදාව මෙන්ම යුද හමුදාවද ප්‍රදේශයේ  ආරක්ෂාව  කර තිබිණි.

        



අදහස් (0)

‘වේදනාවට සැනසුම ඉල්ලා‘

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 10 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 76 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 26 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1582 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1004 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site