IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


වෛද්‍ය උපදෙස් නොපිළිපැද වළ කපා ගන්න එපා

ඇඳිරි නීතිය ඉවත් කළද තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මේ මොහොතේදී සියල්ලන්ටම ඉහළින් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිපැදීම මාරාන්තික වයිරසයෙන් ගැලවී යන එකම මඟ බවට අවධාරණය විය යුතුය.

එකිනෙකාගේ මනස්වල දිග පළලට අනුව කෙරෙන විග්‍රහ හා විවේචන මේ මොහොතට අදාළම නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් නියත අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි.

ගුවන් නියමුවකුට ඔහුගේ පුහුණු කාලයේදී ලබාදෙන ප්‍රධාන උපදේශයක් වන්නේ ඔබට අත්වැරදීමකට කිසිදු ඉඩක් නැත යන්නය. මහ පොළොවේ හෝ සාගරයේ සිදුවන යම් අත්වැරැද්දක් වේ නම් එය ඊළඟ නිමේෂයේදී නිවැරැදි කරගත හැකිය. එහෙත් ගුවනේදී එය එසේ නොවේ. ගුවනේදී යම් අත්වැරැද්දක් වේ නම් එය අත්වැරැද්දක්ද කියා සිතා ගැනීමටවත් කාලයක් ඉතිරි නොවී ජීවිතවලින්ම වන්දි ගෙවීමට සිදුවනු නියතය.

එහෙයින්ම මේ මොහොත යනු ගුවනට අදාළව දෙනු ලැබූ උපදේශයක් මහ පොළොවේ ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට බල කෙරුණු නිමේෂයක් වේ.

කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඇතැම් බලවත් රටවල් හා සසඳනවිට අප රට බොහෝ ඉදිරියෙන් සිටියේය. කුහක නොවන ඕනෑම කෙනකු එය ඒකාන්ත සත්‍යයකැයි පිළිගනු නියතය. එහෙත් කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආශ්‍රිත වතු මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරද එම තත්ත්වය මුළුමනින්ම වෙනත් තලයකට රැගෙන ගියේය. කොතැනක හෝ සිදුවූ අත්වැරදීමක් නිසා මෙම සටහන තබන මොහොත වනවිට කොරෝනා මාරාන්තික වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවා ඉහළ නැඟ තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය බවට පත්ව තිබේ. මුළුමහත් සමාජයටම මරණ බිය රැගෙන ඒමට තරම් තත්ත්වය බිහිසුණුය යන්න ඒකාන්තය. මෙම තත්ත්වය නිරීක්ෂණය වීම සඳහා අපේම අත්වැරදීම්, නොසලකා හැරීම් කොතරම් බලවත් ලෙස දායක වූයේ දැයි සන්සුන් මනසින් මෙනෙහි කළ යුතු භාවනා කමටහනකි.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් සියල්ල යහපත් අතට හැරී ඇතැයි යමකුට සිතිය හැකිය. එසේ යහපත් අතට හැරී නොමැතිනම් ඇඳිරි නීතිය ඉවත් නොකරනු ඇතැයි ඔහුගේ තාර්කික බුද්ධියට වැටහී යා හැකිය. ඇසට පෙනෙන සියල්ල සත්‍යනම් ලෝකයට විසඳුමක් අවශ්‍ය නොවේය යන්න යථාර්ථයකි. එළැඹ ඇත්තේ තම තමන්ගේ මනස්වල දිග පළලට අනුව තත්ත්වය විග්‍රහ කරගත යුතු මොහොතක් නොවන බව ඒකාන්ත වශයෙන්ම අවධාරණය විය යුතුය.

කොරෝනා යනු ලෝක වසංගත තත්ත්වයකි. මෙබඳු ලෝක උවදුරකට මුළු මහත් ලෝකයම නතුවී තිබෙන්නේ සියවසකට පසුවය. කොරෝනා වයිරසය යනු පූර්ව අත්දැකීම් සහිත වයිරසයක්ද නොවේ. පියවරෙන් පියවර කළ යුත්තේ කුමක්දැයි සිතමින් සෞඛ්‍ය විශේෂඥයන්ට පවා කටයුතු කිරීමට සිදුව ඇති තත්ත්වයකි. එමෙන්ම කොරෝනා යනු ඇඳිරි නීතියෙන් පාලනය වන හෝ පාලනය කළ හැකි වයිරසයක්ද නොවේ.

ඇඳිරි නීතියෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් චර්යා පාලනය කිරීමය. එහෙයින් ඇඳිරි නීතිය හා කොරෝනා වයිරසය අතර කිසිදු සම්බන්ධයක් නැතුවා සේම ඇඳිරි නීතිය ඉවත් කිරීම හා කොරෝනා වයිරසය අතර සම්බන්ධයක්ද නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කර ඇති පරිදිම ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමය. එහෙයින් ඇඳිරි නීතිය ඉවත් කළද රජයේ කාර්යාල, පෞද්ගලික සේවා ස්ථාන හා ඔසුසල් මෙන්ම වෙළඳසල් ආදියට ගියද මීටරයක සීමාව පවත්වාගෙන යාම නිතර දෑත් සේදීම හා මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව’ එම මහත්මිය පවසන්නීය.

මේ මොහොතේ අපගේ මරණ සහතිකය තිබෙන්නේ අපගේ අතේය. එයට දිනයක් නියම කිරීමේ හැකියාවද අප අතේය. ඔබ බුද්ධිමත් විය යුත්තේ එහෙයිනි.



අදහස් (5)

වෛද්‍ය උපදෙස් නොපිළිපැද වළ කපා ගන්න එපා

විජිත් Thursday, 30 April 2020 10:38 AM

පබා පලිහවඩන මහත්මිය මේ රටේ වසංගත රෝග සහ ප්‍රජා වෛද්‍ය සේවය වෙනුවෙන් අපමණ සේවයක් කල උගත් ප්‍රවීන විශේෂඥවරියකි.

:       0       50

sam Thursday, 30 April 2020 11:12 AM

වෛද්‍ය උපදෙස් කියන දේ රජය මගින් පත්කළ එක පුද්ගලයෙකු (සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හෝ එතුමන් නොමැති විටක නියෝජ්‍ය අධ්‍යක්ෂක) මගින් පමණක් ලබා දිය යුතුයි. තම බලය ගිලිහී යතැයි බියෙන් සිටින වෛද්‍ය සංගම් කාරයන්ටවත්, තම තමන්ගේ දැනුම පෙන්වීමට සහ දේශපාලන මත සමාජ ගත කිරීමට මාධ්‍ය සංදර්ශන පවත්වන වෛද්‍ය/ආචාර්ය /මහාචාර්ය වරුන්ටත්, දේශපාලුවන්ටත් ඒ සඳහා ඉඩ නොදිය යුතුයි. ඒ අයටත් තමන්ගේ අදහස් හෝ යෝජනා ඇතොත් ඒවා ඉහතකී රාජ්‍ය අනුමැතිය ලත් නිලධාරියා මගින් පමණක් ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතුයි. එයින් බොහොමයක් දෙනා අපේ රට හා එහි ජනතාව මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමේ උත්සාහය වෙනුවට තමන්ගේ යටි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට මේ ව්‍යසනය ප්‍රයෝජනයට ගන්නා බවයි පෙනෙන්නේ.

:       0       22

Raveendra Thursday, 30 April 2020 02:21 PM

මොන දෙයක් කරත් මිනිසුන්ගේ හික්මීමක්, හැදියාවක්, ඉවසීමක් නැති නම් ඒ කල කිසිදු දෙයක් ප්‍රතිපලයක් නොමැත. කාලකන්නි කුඩ්ඩෙක් කල හදිය සැමටම මතකනේ. එමෙන්ම සමහර තැන්වල සාමාන්‍ය මිනිසුන් හැසිරෙන ආකාරය පුදුමයිනේ.. එමෙන්ම " කාලකන්නි දේශපාලුවන් හැම එකාම " මේ අවස්ථාවේදීත් තමන්ගේ ගොඩ වැඩිකරගන්න මාන බලනවා නොවේද?

:       0       54

Rohana Sunday, 03 May 2020 03:33 AM

රටේ පළමු කොරෝන අසාදිතය වර්තා වූ සැනෙන් මේ පියවර ගත්තනම් මේ කරදරය සිදුවන්නේ නැහැ. මේවා කියන්න මා විශේෂඥයෙක් නොවෙයි. මට දැනෙන හැටියටයි කියන්නේ.

:       0       7

vipula Saturday, 09 May 2020 08:43 AM

වෛද්‍ය උපදෙස් නොපිළිපැද චිමිනියට යන්න එපා...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 19 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 128 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 343 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 90 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 373 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 359 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2186 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site