(සුජිත් හේවාජුලිගේ )
රට "ලොක්ඩවුන්"(වැසීම )කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් නිර්දේශකර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
රජය සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය හැමවිටම බැඳී සිටින බවත් මහාචාර්යවරයා පැවසුවේය.
දේශපාලන පක්ෂවල බළල් අත් වී සිටින ඇතැම් පුද්ගලයන්ට අද වුවමනා වී ඇත්තේ ආණ්ඩුව කුමන හෝ අයුරකින් පෙරළීමට බව පැවසූ ජයසුමන මහතා ඒ පහත් උත්සාහය සඳහා කිසිවිටෙකත් ඉඩ නොතබන බවද සඳහන් කළේය.
රට වැසීමට සෞඛ්‍ය අංශවලින් නිර්දේශ නිල වශයෙන් ලැබෙන්නේ නම් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන බවත් කවුරු කුමක් කීවත් රටේ එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයන් මේ මොහොතේදී අමතක කිරීමට රජයට නොහැකි බවත් චන්න ජයසුමන මහතා කීවේය.
රටේ පවතින තත්වය ගැන ජනාධිපතිවරයා ප්‍රධාන රජය නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’වෛද්‍ය නිර්දේශ හරියට ලැබුණොත් රට වහන්න සූදානම්’’
ragee Sunday, 15 August 2021 01:17 PM
බොරු බේගල් කිය කියා ඉන්නවා... මිනිස්සු මැරෙනකල්...
lalSunday, 15 August 2021 02:44 PM
එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයින් විතරක් ජිවත් වුණාම ඇද්ද? සියළු අය මැරිලා...
සමන්Monday, 16 August 2021 05:05 AM
හරියට ඉස්සරහට ඇවිත් කියන්න විශේෂඥයින්ට බැරි මොකක්හරි හේතුවක් ඇති. ඉස්සර මෙහෙම නැහැනේ. කෙලින් කථා කලානේ .සාමාන්‍ය මිනිහා පවා. ඒ හේතුව හොයන්න කාටවත් කට අරින්න බය ඇයි කියලා
Upali De SilvaMonday, 16 August 2021 12:34 PM
වෛද්‍යවරුන්ගේ ඇඟට ඒ පාර වැරැද්ද පටවන්න උත්සාහ කරන්න එපා. වෛද්‍යවරුන් කියන දේ කරන්න ලෑස්ති නම් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කීවොත් ඒක කරන්නත් ලෑස්තිද?
මහසෙන් Sunday, 15 August 2021 01:34 PM
එතකොට මෙච්චර දවසක් මේ රෝගය පිළිබඳව රටට කරුණු කිව්වේ පශු වෛද්‍යවරු වෙන්න ඇති. ඔයාලාගේ විශේෂඥයින් කියන්නේ ඔය කමිටුවට වාඩිවෙන එහෙයියන් වෙන්න ඇති. රට්ටු තවමත් බොහොම ඉවසීමෙන් ඉන්නේ. නිකන් කුණුහරප කියවන්න එපා..
gunarathnaSunday, 15 August 2021 08:24 PM
මෙපමණ කල් රටට කිව්වා තමයි. මාධ්‍ය සාකච්ඡා තියලා එක එක දේවල් කියනවා. නමුත් කිසිම කෙනෙක් ලිඛිතව දෙන්නේ නැහැ. මොකද රටේ ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒවාට වගකියන්න වෙන නිසා... ආණ්ඩුව බේරෙන්න ලිඛිතව ඉල්ලනවා. මේ කට්ටිය ඇඟ බේරාගන්න මාධ්‍යවලට කියනවා. මේක තමයි ඇත්ත කතාව...
බමුණු.Monday, 16 August 2021 07:55 AM
ගුණරත්න ආණ්ඩුවේ අමුඩේ හෝදන්න යනවා වගේ තමයි පේන්නේ.ඔබේ හා බමුණු ආරච්චිගේ ගැති මොලවලට වටහා ගන්නට නොහැකි උනාට,වෛද්‍ය අංශ ප්රවෘත්ති සාකච්ඡා මගින් කරනා දේ නීත්‍යානුකූල යි.ඒ වෙලාවේ රජයට අවශ්‍ය නම්,ලිඛිතව ඉල්ලා ගන්න තිබුණා.වෛද්‍ය අංශ හා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේට රජය කන් දෙන්නේ නැහැ.වෛද්‍ය අංශ රාජිතට කතාකරලා කියපු දේවල් ගැන ඔන්න යූටියුබ් එකේ විස්තර ඇතිව තියෙනවා බලන්න.රටට ලෝකෙට පේන්න වෛද්‍ය අංශ ගෙන්නලා අන්තිමට තමන්ට ඕනෑ දේ කියනවා.එදා උනෙත් ඒකමයි.ඒ අය ගෙන්නලා රටේ ප්‍රධානියා කිව්වා රට වහන්නේ නැහැ කියා.ඒ වගේම බන්දුල ගුණවර්ධන කියන සියල්ල දත් මහා ප්රාඤයා කිව්වා රට වැහුවම ආර්ථිකය කඩා වැටෙනවා කියා.මිනිසුන් මේ විදිහට දවසට සිය ගණන් මැරී වැටෙන කොට,ආර්ථිකය ගෙනියන්න මිනිසුන් ඉතුරුවෙයිද කියා මේ ආර්ථික ඔස්තාර්ලට තේරුම් ගන්න මොළයක් නැහැ.ඒ අයගේ එහෙයියෝත්, ගෝල බාලයින් ද එහෙමයි.
Namal Sunday, 15 August 2021 01:37 PM
පිස්සුද නැත්තන් හැටිද? මිනිස්සු කොයිවෙලේ මැරෙන්න වෙයිද කියලා බයේ ඉන්නවා. මෙයා කියනවා මිනිස්සු ආණ්ඩුව පෙරලන්න ලෑස්ති වෙනවා කියලා...
කල්ප Sunday, 15 August 2021 01:40 PM
ඔය මහාචාර්යකම දුන්නා නම් ළමයෙකුට...!
කල්පනාSunday, 15 August 2021 05:01 PM
අනාගතයේ වත් මහාචාර්ය තනතුරු දෙනවිට දැනට අවශ්‍ය සුදුසුකම්වලට වඩා ජනතා අපේක්ෂාවන් තේරුම් ගැනීමේ හැකියාව ප්‍රායෝගික අත්දැකීම්වලින් ලබා තිබීමත් අනිවාර්ය කළොත් මෙවැනි තත්වයක් ඇතිනොවනු ඇත..
සෙනවි Sunday, 15 August 2021 01:50 PM
රජයේ සිටින විශ්වාස නොකළහැකි තවත් පුද්ගලයෙකුගේ කතා මොනවටද?
Raveendra Sunday, 15 August 2021 01:55 PM
මෙම පුවත කියවීමෙන් පසු කෙනෙකුට හැඟෙන එක දෙයක් ඇත. එනම් "විශේෂඥ දොස්තර 'මහත්තයලාත්' එක එක පට්ටිවලට බෙදී" අවුරුදු උත්සවයට කඹ ඇදීමේ පුරුදු පුහුණු වෙන බවක් නොවේද?
දාස Sunday, 15 August 2021 02:14 PM
මේ මිනිහා දැන් පයිත්තියන් පැණි බීලාද කොහේද?
Jude perera Sunday, 15 August 2021 02:19 PM
ආ... මේ පැණි සුමනෙනේ...!!!
mp Sunday, 15 August 2021 02:25 PM
ඇයි වෛද්‍යවරු මේ තරම් කල් උපදෙස් දුන්නේ වැරදියටද? බහුභූත..!
chandanaSunday, 15 August 2021 05:36 PM
ඔහු කියන දේ සත්‍යයකි. කාට හරි විශේෂඥ මතයක් සද්භාවයෙන් කියන්න ඕනෑ නම් මාධ්‍ය සංදර්ශන දදා, පක්ෂවලට කඩේ නොයා, පොරක් බව පෙන්න පෙන්නා ඉන්නේ නැතුව... විශේෂඥයින් ටික එකතු වෙලා විධිමත් විදිහට රැස්වෙලා විධිමත් විදියට ඒ්කමතිකව ගන්න තීරණයන්, අදාල බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කළයුතුයි. මොකද කවදා හරි අධිකරණ කටයුත්තකට යන්න වුණොත් එදාට අරයා අරකේ කියපු නිසා කළා.. අරයගේ මෙයාගේ කීම් අහලා කලා කියන්න බැහැ. ඒ් සම්බන්ධ විධිමත් ලිඛිත නිර්දේශ හා වාර්තා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒ්ක හරියට එක එක රෝගවලට සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බෙහෙත් වර්ග අරගන්නේ නැතුව විධිමත් පරීක්ෂාවකින් පස්සේ තමන්ටම ආවේණික බෙහෙතක් ගන්නවා වගේ වැඩක්... අපි අමතක කළයුතු නැහැ.. භික්ෂුවගේ සිට ගුරු, සෞඛ්‍ය, මේ මොන වර්ගයකින් ගත්තත් සෑම මිනිසකුම විවිධාකාර දේශපාලන මතවාද දරන්නන් බව...
saliSunday, 15 August 2021 10:37 PM
රජයේ වගකීම විශේෂඥයන්ගේ මතය විමසීමයි .රටවැසියන්ගේ ජීවිත වල වගකීමක් රජයට ඇත .එය අනුන්ට පැවරීමට නොහැක .රටේ විශේෂඥයන්ට මේ සිදු වන දෙය දරා ගන්න බැරි නිසයි කියන්නේ ,පොර වෙන්න මේවා කියනවා නෙමෙයි
C J Ratnayeke Sunday, 15 August 2021 02:30 PM
මේ මහාචාර්යතුමා තම දැනුමත් හංගනවා දේශපාලනය රැකගැනීමට... ලංකාවේ අවාසනාවන්තකමට බුද්ධිමත්, උගත් බහුතරයක් බලය ඉදිරියේ තමන්ගේ තත්ත්වය නැතිකර ගන්නවා.
විජිත් Sunday, 15 August 2021 02:30 PM
නිකම් සෙවල හලන්නේ නැතිව ඉන්න හලෝ... මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය කමනි මෙන්ඩිස්, ශ්‍රී ලංකා සභාව... මේ අයටත් වැඩිය ලොක්කන් අපේ රටේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්නවද...? මේ අය සියලු දෙනාම කිව්වේ රට සති 3 කට වහන්න කියලා. ඒ කියලත් දැන් මාස කීයක් වෙනවද...? ඒ අය අදත් කියනවා... කරන ක්‍රමවේදය මලික් පිරිස් මහත්මයා බොහොම පැහැදිලිව විස්තර කරලා තිබුණා. රටේ පාලකයාගේ උද්දච්ච කම නිසයි මේ රෝගය රටේ හැමතැනම පැතිරුනේ. ඔහු ඇතුළු රට පාලනය කරන හොර රංචුවම මේ අවාසනාවන්ත තත්වයට වගකිව යුතුයි. බන්දුල ගුණවර්ධන කියලා තිබුණා... පොහොසත් රටවල් මාස ගණනක් වැහුවත් ඒ අයට ප්‍රශ්න නැහැ. ඒ අය පොහොසත්... නමුත් අපිට එහෙම කරන්න බැහැ.. අපි බොහොම දුප්පත් රටක් " කියා. සුද්දා අපේ රටින් යනකොට විශාල මුදල් සංචිතයක් අපේ රටට ඉතිරි කරලා ගියේ. එදා සිට අද දක්වාම රට පාලනය කරනවා කියමින් රටේ ධනය කොල්ලකෑවේ ඔය කෑගහන "දේශකාපාලුවන්" විසින්... ශ්‍රී ලංකාව යනු ඒ රට පාලනය කළ / පාලනය කරන අසික්කිත චවුර මිනීමරු දේශකාපාලුවන් රැසක් විසින් හොරාකන ලද, කලක් ඉතාම වාසනාවන්ත .... නමුත් අද අවාසනාවේ ගිලී ඇති දූෂිත පාලකයින් විසින් අන්ත අසරණ කර ඇති රටකි.
Dewa Sunday, 15 August 2021 03:01 PM
මේවා දැක්කාම අපිට නම් ආයෙමත් හොඳටම තහවුරු වෙනවා... අර 69 ලක්ෂය පත්කරගෙන තියෙන්නේ... නියම ගොන් රැළක් කියලා...
Prasanga Sunday, 15 August 2021 03:04 PM
ජයසුමන මහතාණනි, ඔබ ඉන්නේ හිඳගෙනද? හිටගෙනද?
ගමේ එකාලාSunday, 15 August 2021 07:27 PM
එයා ඉන්නේ මොලේ උඩ...
ratiya Sunday, 15 August 2021 03:05 PM
එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයින්ට ඇයි රජයට බැරි නිකන් දෙන්න? බැරි නම් ග්‍රාම සේවා මට්ටමෙන් හරි හොයලා බලලා පොලී නැතිව පස්සේ කපාගන්න කම් ඒ සති දෙකට විතරක් ණය මුදලක් දෙන්න...
HARAMANISSunday, 15 August 2021 08:33 PM
එහෙම කළොත් ඉස්සරවෙලාම ගන්නේ ගමේ ඉන්කම් එක වැඩිම කෙනා. ඒක තමයි අපේ සිස්ටම් එක..
siri Sunday, 15 August 2021 03:12 PM
වෛද්‍යවරු රට වහන්න කියනවා. ලොක්කා කට වහන්න කියනවා. වසංගතය බරපතල වෙන එක අහන්න දෙයක්ද? නිර්දේශ හරියට දෙන්න කියලා කියන්නේ "බුලත් කොලයක තියලා ඔප්පු කරන්න" කියලද?
PJ Sunday, 15 August 2021 03:34 PM
ජාතික මට්ටමේ වෛද්‍ය විශේෂඥයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ශ්‍රී ලංකාව සඳහා කළ නිර්දේශ ටික පත්තරෙන්වත් දැක්කේ නැද්ද?
sam Sunday, 15 August 2021 04:33 PM
මහාචාර්ය කියන ගරු නම්බු නාමය විනාශ කරනවා. මහාචාර්යකමෙන් වැඩක් ගන්න බැරි මෙවන් අය තමයි දේශපාලනයට එන්නේ..
siri Sunday, 15 August 2021 04:36 PM
රට වහලා බෑ. තව හොරු ටිකක් නිදහස් කරගන්න තියෙනවා. තියෙන තව මොනවාහරි විකුණලාවත් කීයක්හරි ගසාකන්න ඕනෑනේ...
Rohana Sunday, 15 August 2021 04:51 PM
ආණ්ඩු පෙරලන්න තියා කෙලින් හිටගන්නත් බැරුව ඉන්නේ... කෝවිඩ් හැදිලා මුළු ඇඟම අප්‍රාණිකයි...
amitha Sunday, 15 August 2021 05:03 PM
අම්මෝ මේක නම් පුදුම විහිළුවක්නේ... !!!
Buddika Sunday, 15 August 2021 05:07 PM
අපි හිතුවා මෙයා වියතෙක් කියලා... බලාගෙන ගියාම මහාචාර්යකම ගැනත් සැකයි. ඇයි මේ ටිකේම රට වහන්න කියන්නේ වෛද්‍යවරු නෙවෙයිද? ලංකාවේ නෙවෙයිද හිටියේ? දවස ගානේ මිනිස්සු මැරෙනවා. ඒ මැරෙද්දිද ආර්ථිකය හදන්නේ? මේ අය තමයි රට කන්නේ..
අබිලින් ආතා Sunday, 15 August 2021 05:13 PM
සිරි... කියපු දේ හරි. මොකද කෝවිඩ් කමිටුව රැස්වෙන්නේ ලොක්කගේ මූලිකත්වයෙන්. ඉතින් කවුරුවත් ලොක්කාට ඉහළින් යන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මෙයාටත් පත්තර කියවන්න වෙලාවක් වත් රූපවාහිනී පුවත් බලන්නවත් වේලාවක් නැහැ. අපි නම් හැම වෙලාවේම වෛද්‍යවරුන්, වරියන් දෙන උපදෙස් දකිනවා මට මතක් වෙනවා... කුඩාකාලයේ අහපු කවියක් ... ලැදිව රජෙක් බොරුබස් කී විගසකයා... නැතිව සෘධි බලයත් ඒ මිනිස්කයා... පොළව පලාගෙන ගොස්වැටුනි නරකයා... ඇමතිතුමෝ ඔය බස් කීම නරකයා...
de silva Sunday, 15 August 2021 05:32 PM
නිර්දේශ අවශ්‍ය නැහැ... දැනටමත් ආදාහනාගාරයක් ඉස්සරහටම අය ඕනෑම කෙනෙකුට තත්වය කුමක්ද කියලා පේනවා.. මෙහෙම ගියොත් ලබන මාසේ වෙනකොට මෘත ශරීර ගංගාවල පාවෙනකොට මොලේ පෑදේවී...
Nuwa Sunday, 15 August 2021 05:37 PM
දේශපාලන බලල් අත් නෙමෙයි, මිනිස්සු දැන් දන්නවා නුඹලා කවුද කියලා... ආයේ ඔයාලාට රෙද්දක් ඇඳගෙන ඡන්දෙකට යන්න බෑ මහ ලොකු මහාචාර්යතුමෝ... ඔයාටයි, ඔයාගේ ලොක්කන්ටයි කියන්න තියෙන්නේ එක දෙයයි.. අතට ගත්ත දේ කටේ දාගන්න පින නෑ... ආයේ අතට ගන්න ලැබෙන්නෙත් නෑ ඉතිං.. මෙච්චර තමයි.
Sena Sunday, 15 August 2021 05:41 PM
මේ මිනිස්සුන්ට පිස්සුද?
Sena Sunday, 15 August 2021 05:45 PM
මේ මිනිස්සුන්ට පිස්සුද? මෙයාලා කියන්නේ දොස්තරලා නිර්දේශ ලියාපදිංචි තැපෑලෙන් එවන්න කියලද?
sas Sunday, 15 August 2021 06:00 PM
මේ වගේ විහිළු හා බොරු වැඩ...
Thilan Sunday, 15 August 2021 06:18 PM
බබා හුකුං පාට්...!!!
Bamunuarachchi Sunday, 15 August 2021 06:22 PM
ජෙප්පන් කියයි රටවහන්න ඊට පස්සේ අය මිනිස්සු කුලප්පු කරනවා 5000 ඉල්ලන්න. ජෙප්පන් සතේකට විශ්වාස කරන්න එපා.. රට වහන්න එපා.. එක එක්කෙනාට වහගන්න කියන්න. ගැන සුපර් මාකට් වල සෙනඟ නැහැ... තමන්ම ලෝක ඩවුන් වෙලා.
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 15 August 2021 06:55 PM
පිස්සුද එහෙම නැතිනම් උපන්ගෙයි හැටිද? වෛද්‍ය අංශ මොනතරම් කිව්වාද රට වහන්න කියලා. ආණ්ඩුව කියන්නේ රට වැහුවොත් ආර්ථිකය කඩාවැටෙනවා කියලා. ඒත්, දැන් කියන්නේ වෙනත් දෙයක්... අනේ මන්දා මෙහෙමත් ආණ්ඩුවක් හා දේශපාලකයින් ඉන්නේ මේ රටේ විතරක් වෙන්න ඇති...
pakeer Sunday, 15 August 2021 07:58 PM
එදාවේල හොයන් කන අයට රට ඇරලා... අනිත් අයට වහපල්ලා.. එතකොට ඒ අය එදාවේල හරි හොයාගනීවි...
pakeer Sunday, 15 August 2021 08:04 PM
වහන්න වගේ හදන්නේ...!!! ඔය පැන්නා බළලා මල්ලෙන් එළියට...
lakvidu Sunday, 15 August 2021 08:20 PM
කරුණාකර කවුරු හෝ මෙම අසරණ මානසික රෝගියාට ඉක්මණින් බෙහෙත් අරං දෙන්න, පිං සිද්ධ වෙයි...!
මංගල Sunday, 15 August 2021 08:25 PM
ආණ්ඩුව රට වහන්නේ නෑ කියලා බැන බැන ඉන්නේ නැතිව ජනතාව ආරක්ෂක වුණා නම් ඉවරයිනේ. ආණ්ඩුවට රට වහන්න වෙන්නේ මිනිස්සු කිසි වගකීමක් නැතිව පිස්සු නටන නිසානේ...
janahithaSunday, 15 August 2021 08:49 PM
ඒක තමයි. පොහොට්ටුව නළලේ තබමු... ඔබතුමාට ආණ්ඩු තියෙන්නේ රබන් කරකවන්නද? රට පාලනය කරන්නද?
nirodayana Sunday, 15 August 2021 08:51 PM
ආණ්ඩුව රට වහන්නේ නෑ කියලා බැන බැන ඉන්නේ නැතිව, නළලේ පොහොට්ටුවක් තබාගෙන කට වහන් ඇවිදින්න...
Siri Monday, 16 August 2021 12:04 AM
මේ මිනිහා බීපු පැනිය දැන්ද කොහෙද ක්‍රියාකරන්නේ .පවිත්‍රාත් දැන් පටන් ගනීවි දොඩවන්න .මුන්ට මහාචාර්ය පදවි දීලා තියෙන්නේ සල්ලි වලට මං හිතන්නේ
pj Monday, 16 August 2021 02:46 AM
ආණ්ඩුවට රට වහන්න වෙන්නේ ආණ්ඩුව මුලසිටම කිසි වගකීමක් නැතිව පිස්සු නටන නිසානේ.., යනුවෙන් නිවැරදි විය යුතුයි...
සමන් Monday, 16 August 2021 11:39 AM
පේපර් සුදුසුකම් වලින් මිනිසෙකුගේ බුද්ධිය මැනිය නොහැක කියන එක සාක්ෂාත් කරන්න ම හැගී උදාහරණයක් තමයි. මේ මහාචාර්යතුමා. මේ මනුස්සය මොන ක්ෂේත්රයෙන් මහාචාර්ය උනාද කියන ගැටලුව මට ආවේ, අර පැණි බෙහෙත එක්ක ඔට්ටු අල්ලනකොට. අනෙක් කරුණ තමයි මේ සම්ප්‍රදායික දේශපාලන ක්රමයේ තියෙන රැවටීම හා මිනිසුන් ඇන්දවීම මුලික කොට කටයුතු කරන්නෙක්. මෙයා කියන දෙය වැඩිය බරට ගන්න නරකයි. උඩ ඉන්න උත්තමයෝ සතුටු වෙයිද කියල හිතල කථා කරන ඇමතිවරයෙක්.
Rata Perata Monday, 16 August 2021 07:34 PM
මේ අය අපේ ලේ රත් කරලා මරලා දාන්න හදන්නේ මේ වගේ කථා කියලා...