IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෛද්‍ය සිසු සිසුවියෝ පාරට බසිති

(යොහාන් භාසුර)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ හෝමාගම රෝහල පෞද්ගලික උපාධි ආයතනයකට පැවරීමට කැබිනට් මණ්ඩලයට ගෙන ඇති තීරණයට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් පැවැත්වීය.

“ජපුර වෛද්‍ය පීඨයට අනුබද්ධිත හෝමාගම රෝහල යෝජිත එන්එස්බීඑම් වෙද උපාධි කඩයට විකිණිමේ කැබිනට් තීරණය වාහා හකුළා ගනු” ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එහිදී විරෝධතාවයේ නිරත වූහ.


(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)  

 



අදහස් (25)

වෛද්‍ය සිසු සිසුවියෝ පාරට බසිති

Indika B Wednesday, 20 March 2024 07:07 PM

ඉගෙන ගත්තාට කුහකකම නැතිවෙලා නෑ!!! දොස්තර වුණත් වැඩක් නෑ ඔච්චර කුහක නම්!!!

:       41       2

chaminzFriday, 22 March 2024 09:51 PM

මහත්තයෝ ... ඔබතුමන්ලා රාජ්‍ය විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ට කුහකයෝ කියන්නේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව අබමල් රේණුවකවත් දැනුමක් ඇතිව නෙවෙයිනේ. ලංකාවේ ප්‍රමිතිගත වෛද්‍ය අද්‍යාපනයේ අවසානය තමයි මේ PMC දාන එක. කැට තියලා කියන්නම්, එදාට ඔබතුමන්ලාට තේරෙයි මොකද වුනේ.. ලංකාවට කියලා එදාට ඉතින් ආපහු හරවන්න බෑ වුණු දේ...

:       0       1

Bamunuarachchi Wednesday, 20 March 2024 07:25 PM

කඳුළු ගෑස්, ජල ප්‍රහාර මග එනවෝ. දැම්ම දුවන්න...

:       35       1

Lalla Wednesday, 20 March 2024 07:33 PM

පිනට ඉගෙනගන්න අයට වඩා මුදලට ඉගෙනගන්න අය රටට සේවය කරයි. ඒ නිසා ඔය විරෝධතා ගනන් ගතයුතු නෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හිතාගෙන ඇති රටේ සියලු අධ්‍යාපන අවස්ථා ඒ අයට විතරක් සීමා කරගන්න. ඒත් රට පවත්වාගෙන යන්නේ බහුතරය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලත් අය...

:       100       62

PasiFriday, 22 March 2024 09:19 AM

ඔබතුමා කියනවා රට පවත්වාගෙන යන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලද අය කියලා.. එතකොට දැන් රට මේ තැනට වැටෙන්න හේතුව විද්‍යාල අධ්‍යාපනය නැතිකම කියලා පිලිගෙන ඉවරයි ඔබතුමා. පිනට ඉගෙන ගත්තා කියලා ඔබතුමා කිව්වට ඇත්තම කිව්වොත් පිනට වෙන්නේ නෑ නේද. මොකද ශිෂ්‍යයින්ගේ දෙමාපියොත් බදු ගෙවනවා නෙහ්. හැමෝම ඉගෙන ගන්න ඕන.. ඒක හරි එක හින්දා තමා කියන්නේ සාදාරනව Al exam එකෙන් එන result මත රජයේ වෛද්‍ය පීඨ වලට ගන්න. Intake එක වැඩි කරන්න කියලා.. ඊට සමානව facilities එහෙමත් වැඩිවෙන්න ඕන ඉතින්. තව ලමයින්ට අවස්තාව වැඩි වෙනවා. ඒකෙන් දක්ෂයාට තැනක් එනවා. අනික ඉතින් දක්ෂ නම් වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න පුලුවන් නෙහ්. කාගෙන්වත් තහනමක් නෑ නේද.

:       8       35

ErectorSpinaeFriday, 22 March 2024 11:15 PM

පිනට ඉගෙන ගන්නවා කියන අයට වඩා සල්ලිදීලා ඉගෙන ගන්න අය රටට කරන සේවය මොකක්ද? මොන පදනමින් ද කියන්නේ? සාක්ෂි තියෙනවාද? රට පාලනය කරන්න, වැදගත් තැන් වල මුල් පුටුවලට ඒ ක්ෂේත්‍රය පිළිබඳ උගත් පුද්ගලයෙක් පත් නොවී මෙලෝ අධ්‍යාපනයක් නැති කිසි සුදුසුකමක් නැති අය පත්වෙන එකම නෙවෙයිද මේ රට මේ තත්වෙට වැටෙන්න හේතුව? හැමෝටම ලියන්න අවස්ථාව තියන උසස්පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන එකද සාදාරණ... නැත්නම් සල්ලි තියෙන කෙනා විතරක් සල්ලි ගෙවාගෙන උපාධි කඩයකින් උපාධියක් ගන්න හම්බෙන එකද?

:       0       1

බද්රානි Wednesday, 20 March 2024 08:01 PM

රටේ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගන්න ඔබලාට විතරද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අයිතිය තියෙන්නේ... මේ නරුම රැලද අනාගත දොස්තරලා වෙන්නේ...? මොවුන් දැන්ම ඉඳලාම සැලසුම් කරන්නේ වෛද්‍ය ඒකාධිකාරයක් හදාගෙන මහජනතාවගේ මුදල් කොල්ල කෑමටයි. ඇයි ඔබලාට බැරි පෞද්ගලික රෝහල්වලට විරුද්ධව උද්ගෝෂණය කරන්න... පෞද්ගලික රෝහල් වලින් රෝගීන්ගෙන් මොනතරම් මුදලක් ගසා කනවාද...? ඔබලා හිතාගෙන ඉන්නේ දොස්තර පට්ටම ගහගත්තාට පස්සේ, ආණ්ඩුවෙන් පිනට පඩිය අරගෙන පෞද්ගලික රෝහලේ සේවය කරලා අසරණ රෝගීන්ගෙන් මුදල් මංකොල්ල කන්න නේද...? උඹලා මේ රටේ දොස්තරලා වුණාට වගතුවක් හෝ සුන්දර ජීවිතයක් ලැබෙන්නේ නැහැ කවදාවත්... පිටරටක රෝහල් පවිත්‍රා කරන්නෙකුගේ ජීවිතය තරම් වත් ඔබලාගේ ජීවිත සුන්දර වන්නේ නැහැ... බලුකම් අත්හැරලා මනුස්සයෝ වගේ ජීවත් වෙන්න. නැත්නම් ඉතින් ඔබලාගේ ජීවිතයම ශාපයක් තමයි.

:       86       66

R.Wicramasinge Friday, 22 March 2024 11:22 AM

භද්‍රානි නැන්දේ, මෙහෙම කමෙන්ට් කරනවට ඔයාට ඒ මෙඩිකල් කොලේජ් එකෙන් කීයක් දෙනවාද? එක pmc ශිෂයකුගෙන් කෝටි 1.5ක් විතර ගන්නවානේ. නරකද ලෝකයට හොඳක් වෙන දෙයකට උදව් කළා නම්...? හිතේ මුදල් වලට තියෙන ලෝභය නැති කරගන්න. ලෝභය නිසා ඔයා වැරැදි පාරකුයි තෝරාගෙන තියෙන්නේ... අතීතයේත් ඒ වගේ අය හිටියා. මේ වර්තමානයේත් එහෙම අය ඉන්නවා. ඔච්චර අමාරුවක් තියෙනවා නම් බැයිද රාජ්‍ය විශ්ව විද්‍යාලවල අඩුපාඩු පුරවා ගන්න සල්ලි දෙන්න. සල්ලි වැඩියි නම්... දුප්පත් පවුල් වලින් තේරුණු දක්ෂ ළමයි මේවගේ ඉන්නේ... අපි ගාවට එන්නේ රෝගින්... අපි ඉන්නේ අසරණ රෝගීන් සුවපත් කරන්නයි. අලුතෙන් දාන pmc හින්දා දැන් ඉගෙන ගන්නා අයට මිනිස්සුන්ට උදව් කරන්න බැරිවෙනවා. ඔයාලා ඒකනේ කරන්නේ. ඒකටනේ මෙච්චර උදව් කරන්නේ. ටිකක් හිතන්න නැන්දේ...

:       3       17

DilanSaturday, 23 March 2024 09:43 AM

ඔයා පුද්ගලික ඇරියස් තමා ඔය විදියට පිටකරන්නේ. මොනවා හරි දේකට විරුද්ධ වෙන්න කලින් මොකද්ද මේ කියලා අඩුම අවබෝධයක් හරි තියෙන්න ඕනෑ. වෛද්‍ය සිසුන්ගේ දෙමාපියෝත් බදු ගෙවනවනේ. පිනට නෙවෙයි ඉගෙන ගන්නේ. ඔයාට හෝ ඔයාගේ දරුවෙකුට මෙඩිසින් හම්බුනේ නෑ කියලා PMC වලට support කරන්න එපා. ඒ නිසා සිදුවන දේ හිතලා බලන්න.

:       0       1

රංබොඩ Wednesday, 20 March 2024 09:58 PM

රටේ ආයතන මොවුන්ට අයිති දේවල් නෙවෙයි. වෛද්‍ය උපාධි ගන්න සෑම ළමයෙකුටම අයිතියක් තියෙනවා. මොවුන් උපාධි ගත්ත ගමන් දඟලන්නෙ රට දාලා යන්න. නියම උපාධිය මහන්සි වෙලා මුදල් වියදම් කරලා ගත්තම කාටවත් තියෙන කැක්කුම මොකද්ද. සාමාන්‍ය ජනතාව මොවුන්ව හෙළා දැකිය යුතුයි

:       69       10

Rohana Wednesday, 20 March 2024 10:41 PM

රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධිය හදාරන අය පෞද්ගලික ආයතනවලින් වෛද්‍ය උපාධි පාඨමාලා හදාරන අයට බාධා නොකල යුතුය. මොකද ඔබලා ලබන උපාධියට එමගින් අවහිරයක් නැතිවීමයි. ඉරිසියාව පසෙකදමා අනිත් දරුවන්ටද අධ්‍යාපනයට ඇති අවස්ථාව ලබා දෙන්න.උසස්පෙල විභාගයේ ලකුණු පිලිවෙලවටම වෛද්‍ය අධ්‍යාපනය රජයේ විශ්ව විද්‍යාලයකින්ම ලැබිය යුතුයි කියල සම්මතයක් තබා ගැනීම අවශ්‍ය නැත.

:       53       13

Lakmal PradeepFriday, 22 March 2024 08:18 AM

"කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය වන අපි, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය අවිධිමත් හා සීමා රහිත ලෙස ව්‍යාප්ත කිරීමෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරමු. මෙය දේශපාලන සහ ලාභ ලබාගැනීමේ අරමුණු මත මෙහෙයවනු ලබන අතර, රටෙහි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමෙහි ප්‍රතිපලයයි. ලාභ ලැබීමේ අරමුණු මත, වාර්ෂිකව සිසුන් 500ක් බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාලයක් අනුමත කරමින් සහ ශික්ෂණ රෝහල ලෙස හෝමාගම මූලික රෝහල අනුයුක්ත කරමින් පලවූ කැබිනට් පත්‍රිකාව මෙහි මෑතම ප්‍රතිපලයයි. මෙය, වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවලට පවා පටහැනි තීරණයක් ලෙසත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසත් අපි දකිමු. මෙම පියවර රාජ්‍ය වෛද්‍ය පීඨ තවදුරටත් අවදානමට ලක් කරයි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සිසුන් 100ක කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ඇඳන් 700කින් යුත් රෝහල් සංකීර්ණයක් අවශ්‍ය වේ. දැනට හෝමාගම මූලික රෝහලට ඇති ඇඳන් සංඛ්‍යාව 475ක් පමණ වන අතර, එම රෝහල දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සායනි

:       6       28

ThimaFriday, 22 March 2024 03:48 PM

මොනවා හරි දේකට විරුද්ධ වෙන්න කලින් මොකද්ද මේ කියලා අඩුම අවබෝධයක් හරි තියෙන්න ඕනෑ... මේ ළමයි පාරට බැහැලා තියෙන්නේ එයාලා අවුරුදු 30ක් තිස්සේ සායනික පුහුණුවට ගිය හෝමාගම රෝහල... පුද්ගලික වෛද්‍ය පීඨයකට දෙන එක වළක්වා ගන්න.. ඔතැන ප්‍රශ්නේ පුද්ගලික ද නැද්ද කියන එක ට වඩා මේ ළමයින්ගේ සායනික පුහුණු ආරක්ෂා කර ගන්න එක... පොඩි උදාහරණයක් කියන්නම් ඔන්න ඔබතුමා අවුරුදු 30ක් තිස්සේ ඔබේ ගෙදර ඉන්නේ... ගමටම තියෙන සාපේක්ෂව හොඳම ගෙදර ඒක.. ළඟපාත තව අය එයාලාගේ පාඩුවේ එයාලාට කැමැති විදියට ඉන්නවා... ගැටලුවක් නෑනේ... ඔන්න එක දවසක් .. වෙන ගමකින් ආව සෙට් එකක් එනවා... එයාලා ඔබතුමාගේ ගෙදර පහසුකම් දැකලා, ගෙදර ඉල්ලනවා, ඔබතුමා ගෙදර දීලා "අනේ පව් අපි ඔක්කෝම එකම රටේ ඉන්න මිනිස්සුනේ " කියලා පාරට බැහැලා යනවාද...? අවුරුදු 30ක් හිටපු ගෙදර අයිතිය වෙනුවෙන් ඉස්සරහට එනවාද...? ලංකාව වගේ රටක් ඇතුළේ අඩුම රාජ්‍ය වෛද්‍ය පීඨවලට ඕනෑ පහසුකම්වත් නැතුව ඉන්න කොට, පුද්ගලික විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පටන් ගත්තාම එන එක ගැටලුවක් ඕක...

:       1       18

sakalagune Thursday, 21 March 2024 03:31 AM

මේ ඉන්නෙත් අංක එකේ කුහක සෙට් එකක් . ඒ වගේම හීනමානයෙන් පිරුණු පිරිසක් . අතේ තියෙන බෝඩ් වලින් පෙනෙනවා කාගේ බළල් අතක්ද කියලා . උසස් පෙළ s 3 ක් ගත්තේ කෙනෙක් ඉන්දියාවට ගිහින් MBBS කරල ලංකාවට ඇවිත් ACT 16 කරලා රජයේ රෝහල්වල වැඩ කලාට කමක් නැහැ . රට ඇතුලේ ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතිකලොත් තමයි මෙයාලට ප්‍රශ්නේ . එකයි මම කියන්නේ මුන් අමු කුහකයෝ කියල . අපේ රටේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ක්‍රමය උස්සපෙල විෂය සංයෝජනයන්ගේ පටන්ම වෙනස් කලයුතුයි.

:       52       9

සම්පත් පෙරෙරා Thursday, 21 March 2024 07:07 AM

අනේ කුහකයිනේ...නවත්තයි කියලා තමා බය...උපාධිය ගත්ත දා ඉඳලා වර්ජන..ලෙඩ්ඩුන්ව හූරා කෑම්...පුහු මාන්නෙ...ඉගනගත්තෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියලා හැඟීමක් නෑ..රට දාල යනවා කියලා පඩි වැඩි කර ගන්න වලිකනවා.. යකෝ ඉගෙන ගන්න අයිතිය ආරක්ෂා කරපල්ලා....නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසක් තියනවා කියලා තේරුම් ගනිල්ලා...ඕවා දාන එකට වඩා නියාමනය කරන එක ඉල්ලපල්ලා.. බොරු කුහක ජේවීපී කාරයෝ නොවී.

:       46       17

Perera Thursday, 21 March 2024 08:29 AM

ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෝ පාරවල් වල රස්තියාදු ගහන වෙලේ පිටරටවල් බොහොමයක අය අවුරුදු 24 වෙනකොට වෛද්‍ය උපාධියටත් අරන්

:       32       16

priyangika Thursday, 21 March 2024 08:42 AM

පිටරට ගිහිල්ලා ගන්න වෛද්‍ය උපාධිය පිළිගන්නවා.. ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ‍ දෙන වෛද්‍ය උපාධියට විරෝධය.මේ ‍ ගොත්‍රික මානසිකත්වය තමයි ලංකාව මෙච්චර පහලට ඇද වට්ටලා තියෙන්නේ.

:       35       21

Anuradha Silva Thursday, 21 March 2024 08:58 AM

ඔන්න ඉතින් අනාගත කුහකයෝ එළියට බැහැලා. දැන්මම කුහක කම වපුරනවා. තමන්ගේ අනාගත රැකියා සුරක්ෂිත කරගන්න රටේ අනිත් එවුන් මෝඩයෝ වුනාම ලේසියිනේ. මේ වගේ රැකියා පාදක කොටගත් උපාධි පාඨමාලා පිනට උගන්වන එක නවත්වලා ණය මුදලක් දෙන්න ඕන උපයන විට ගෙවන විදියට. මොකද පිනට ඉගෙන ගත්තා කියලා නොමිලයේ සේවය කරන්නේ නෑනෙ.

:       38       15

Rohana Thursday, 21 March 2024 09:11 AM

මුදලට හරි වෛද්‍ය උපාධිය ලබාගන්න කැමති අයට ඉඩදෙන්න. වෛද්‍ය උපාධිය ලබා ගැනීම රාජ්‍ය විශ්ව විද්‍යල පද්ධතියේ හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් නොවිය යුතුය. ආදි ගල්යුග සහ වැඩවසම් යුගවල ආකල්පවලින් මිදී වර්තමානයට ගැලපෙනලෙස අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකිරීමට ඉඩදෙන්න.රටේ ආර්ථික ප්‍රගමනයක් ඇතිවන්නේ නිදහස් අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික අංශයටත් අධ්‍යාපනය ලබාදීමේ අවස්ථා ව්‍යාප්ත කිරීමට ඉඩකඩ සැලසීමෙන් පමණි.

:       31       17

ErectorSpinaeFriday, 22 March 2024 11:25 PM

වෛද්‍ය උපාධිය ලබාගැනීමේ අයිතිය මිනිස්සුන්ගේ සල්ලි හූරාකන දේශපාලුවන්ටයි, කළුකඩ වෙළෙන්ඳන්ටයි පමණක් හිමිවිය යුතුයි... රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ළමයි තේරීපත්වන්නේ ඉදිරිපත් වීමට සැමට සාධාරණ අවස්ථා තියෙන උසස්පෙළ විභාගය හරහා සමත් වී ඉහළම සුදුසුකම් ලබන අයටයි. ඒ වගේ හැමෝටම යන්න පුළුවන් පාරවල් අහුරලා ඒකාධිකාරයක් දේශපාලුවන්ටයි, කළු කඩකාරයින්ටයි හදා දෙමු! කරන්න ඕනේ දහසක් වැදගත් වැඩ මගහැරලා මෙලෝ තේරුමක් නැති දේවල් කරන අය රටේ ආර්ථික ප්‍රගමණයට නේ මේ හැමදේම කරන්නේ?

:       0       1

White devil Saturday, 23 March 2024 10:02 AM

වෛද්‍ය උපාධිය වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි.. කැමැති කැමැති කෙනාට සල්ලි දීලා ගන්න...! ඒකට ප්‍රමිතිය තියෙන්න ඕනෑ. අවම ප්‍රමිතියක්වත් නැති mbbs නිසා ජනතාවගේ ජීවිත තමා අනතුරේ වැටෙන්නේ...!

:       0       1

මැක්ස් Thursday, 21 March 2024 09:23 AM

බද්‍රානි අක්කි ගත යුතු යමක් කිව්වමද මංද ! හදවතේ නායකයා ජනාධිපතිකං කරන නිසා වෙන්ටැ!

:       21       4

සඩුශ Friday, 22 March 2024 12:49 AM

අද ලංකාවේ ඉතුරු වෙලා ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලාස්ලා පෞද්ගලික ආයතන වලින් ඉගෙන ගත්ත අය. උන්ට සල්ලි තියන නිසා රට දාලා යන්නේ නෑ. ඒ නිසා රාජ්‍ය පුද්ගලික දෙඅංශයෙන්ම වෛද්‍යවරුන් ඉන්න එක වටිනවා.

:       9       0

Suwath Friday, 22 March 2024 08:14 AM

මතක නැද්ද SAITM එකට වෙච්ච දේ!! වෛද්‍ය උපාධිය වෙලද භාණ්ඩයක් නෙවෙයි කැමති කැමති එකාට සල්ලි දීලා ගන්න!! ඒකට ප්‍රමිතිය වගේම උසස් පෙළින් තෝරන සුදුසු කමත් තියෙන්න ඕනි!! ඒ සුදුසු කම සපුරන්න බැරිවුණු අයට ඒ සලකන දැනුම නැතිව වෛද්‍යවරයෙක් වීමට සුදුසුකම් නැත!! උසස් පෙළ සුදුසුකම් ලබා ගැනීමට ආසන්නයට පැමිණි නමුත් නොහැකි වූ අයට සාධාරණයක් වීමට රජයේ වි.වි. තුල intake එක වැඩි කරලා පහසුකම් වැඩි දියුණු කලේ නම් ගැැටලුවට විසදුමක් ලැබේ නිසැකවම!! ඒ දේ නොකර හිතෙන හිතෙන විදියට private campus දාලා සල්ලිවලට රජයේ රෝහල් ටික private medical students ලට අරගෙන රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට තියෙන clinical practise වලට බාධා නරනවනන් ඒ දේට කිසි සේත්ම ඉඩ දිය නොහැනියි මන්ද ඒ දෙයින් වෛද්‍ය අධ්‍යාපනය ලබන සුදුසිසසන්ට සුදුසු තැන ලැබෙන්නේ නැති නිසා!! ඒ නිසා NSBM ගෙන යන මේ වැඩපිලිවෙලට එරෙහි සටන ජය ගන්නා තුරු නොබියව ඉදිරියට ම!!

:       3       31

White devil Saturday, 23 March 2024 09:52 AM

ඔබතුමාට ශුවර්ද ඔය කියන ප්‍රමිතිය ගැන...? මට හිතෙන්නේ මේ ගැන අවබෝධය මදි වගේ. ඔබතුමාට සහ රටේ ජනතාවට. මෙතැන ලොකුම ප්‍රශ්නේ ඔය ප්‍රමිතිය නැති එක තමයි. Degree ලාබෙට විකුණන කඩ තමා ඔය PMC. MBBS වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි. වැඩිදුර විස්තර සඳහා facebook page එක බලන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 776 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 570 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 824 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 605 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 516 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 331 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site