(ඉන්දිකා රාමනායක)
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි .
සැකකරු නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලිසියට පොලීසියට පැමිණ බාරවී මෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුගේ තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත .
අඩංගුවට ගත් සැකකරු දංකොටුව වලව්වත්තේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
සැකකරුද අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .
2025 දෙසැම්බර් මස 04
781
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
සෙනෙවිරත්න Thursday, 03 February 2022 12:48 PM
තාත්තා දන්නෙත් නැහැ .සම්බන්දත් නැහැ. මේව තමන්ගෙ නායකය නම් විශ්වාස කරයි. වයස 23 ක ළමය එහෙම කරවිද? කෝ අර අනුර කුමාරගෙ කසාද බැඳපු පුතා ක්ලබ් එකක නැටුවා කියලා වැලලෙන්න හදපු අය.
ජන හඩ Thursday, 03 February 2022 03:18 PM
මේ රටේ ඇමතිල ඉන්නේ රස්තියාදුකාරයන්ගේ සහ මදාවියන්ගේ කාර්යභාරය ඉටුකිරීමටද? අපට ලැජ්ජා තිබුණද මේ අයට ලැජ්ජාව නැති එකනෙ වැඩේ.
Bishan Thursday, 03 February 2022 03:44 PM
2026 දි බයියන්ට ඡන්දෙ දෙන්න තියෙන්නේ දැන් 23 හැවිරිදි පුතාට නේද?
sena Friday, 04 February 2022 03:11 AM
මහජනතාවගේ බදුමුදලින් යැපෙන පියවරුන් සහ පුතුන් රජයේ වාහන යොදාගෙන ජනතාවටම කරන පහරදීම් හෙලා දකිමු...