IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුම් නොදුන හොත් දැඩි පියවර ගන්නවා

 

(යොහාන් භාසුර)
වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම් අවසානයේදී  වෘත්තීය ක්‍රියාමාර්ගවලට වුවද යොමුවීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අයවැය (2025) හරහා වැටුප් වැඩිවීමක් වුවද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණයෙන් වෛද්‍යවරු තුළ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති බවත් මෙතෙක් ලැබූ සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුළ අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුල්‍යමය අහිමිවීමක් වන බවත් එම සංගමය පවසයි. 

අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වූක් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක්ව පැවතිය ද එය මෙවර අයවැය හරහා එක්වරම මූලික වැටුපෙන් 1/120 දක්වා සියයට 50 කින් පමණ අඩු කර ඇති බව ද සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අනුපාතයක පැවතිය ද එය අයවැයෙන් 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් සේවාවන් ඉටු කළ ද, ගෙවීම් සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණක් බවත් එම සංගමය කියයි.

අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සියයට 50 කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන් අවතක්සේරු කිරීමක් බවත් සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමා්‍යවරයාගෙන් සාකච්ඡා ඉල්ලා ඇති බවත් එම අවස්ථා හැකිඉක්මණින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.  

 



අදහස් (13)

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුම් නොදුන හොත් දැඩි පියවර ගන්නවා

දිමුත් Monday, 24 February 2025 02:55 PM

වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම නිවාඩු දින දීමනාව 1/20 සිට 1/30 දක්වා අඩු කරලා තියෙනවා. ඒක හරිම අසාධාරණයි. මේ ලෝකෙ කවුරුවත් මාසෙකට දින 30ක් වැඩ කරන්නේ නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මිනිස්සු හදිසියකටවත් නිඩාඩු දිනයක වැඩට එන්න මැලි වෙන එක.

:       10       18

Kamal koyrala Monday, 24 February 2025 06:17 PM

පුරප්පාඩු පුරවා පැය 8 සේවය සහ දින නිවාඩු කාලසටහනකට අනුව රාජකාරි පවරන්න.

:       1       3

ravijn Monday, 24 February 2025 03:00 PM

ආපහු වැඩ පටන් අරගෙන වගේ

:       21       17

Niranga Monday, 24 February 2025 03:19 PM

දොස්තරලා පාතාල වැඩේ පටන් අරන් වගේ...! කාලකණ්ණි, ලෙඩ්ඩු උගසට තියාගෙන සැප ගන්නවා.

:       20       23

casmir Monday, 24 February 2025 04:14 PM

මට දැනෙන විදියට සෞඛ්‍ය සේවයම පෞද්ගලික කරණය කළ යුතුයි. රජයට ඉතුරුවන සල්ලි වලින් පුද්ගලික අංශයේ වැඩ කරන අයට insuarance එකකට ප්ලෑන් කළා නම් රටක් විදියට ගොඩක් හොඳ තීරණයක්...

:       5       16

PGPTHILAK Monday, 24 February 2025 04:37 PM

ලක්ෂ හතරක් පහක් පඩිකද්දී ආණ්ඩු බයකරලා තවත් වටයකින් අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබොන ලේ මාපිල්ලුන්ට සාප වේවා...!

:       12       11

ගමේ එකාලා Monday, 24 February 2025 05:13 PM

ලෙඩ්ඩු මළත් තමුන්ගේ ගතමනාව වැඩි කරගන්න හදනවා. පුද්ගලික රෝහල් වලට යන අය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ...

:       11       13

Kamal koyrala Monday, 24 February 2025 06:18 PM

මේ කැස කවන්නේ මහජනතාවගේ මානව අයිතිවාසිකම් බල්ලට දාන්න. ජනතාව පෙරට ආ යුතුයි...

:       6       4

රුවන් Monday, 24 February 2025 06:23 PM

වෛද්‍යවරුන්ට මාසෙකට ඇමරිකාවේ වගේ ඩොලර් 8000-10000ක් දුන්නත් වැඩ වර්ජන කරන එක නවතින්නේ නෑ.

:       5       8

Niranga Monday, 24 February 2025 06:28 PM

ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් එපා කියලා විරෝධතා, වැඩ වර්ජන නම් දැක්කේ නෑ මේ අයගෙන්...

:       4       8

Kasun Monday, 24 February 2025 07:38 PM

සතියට දවස් 3ක් වැඩ කරලා මාසයක් පඩි ගන්න පින් පප්පලාට එකත් මදිද? රජයේ හොස්පිටල් එකේ තමන්ගේ බාරේ ඉන්න අම්මයි පැටියයි පණ අදිද්දී private hospital එකේ delivery වලට යන අයගේ නම් ලිස්ට් එකත් දාන්නද? මුන්ටනේ අවුරුදු 20ක් විතර අහිංසක මිනිස්සු බදු ගෙවගෙවා උගන්නන්නේ...

:       4       10

de silva Monday, 24 February 2025 08:49 PM

මේක මහා මාෆියා සංගමයක් , පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විවෘත කරන්න දෙන්නේ නැහැ තර්ජන , වර්ජන කරනවා , නොමිලේ ඉගෙන ගන්නවා මදිවට , රජයේ ඉස්පිරිතාලවල හරියට ලෙඩ්ඩු බලන්නේ නැහැ , මුන්ගේ රජයේ රෝහලේ වාට්ටුවකට ඇතුල් වෙන්නත් පුද්ගලික චනෙල් කඩෙකට මුදල් ගෙවල එපොයිමන්ට් එකක දමල චීට් එක අරගන්න ඕනේ .

:       1       5

kasun Tuesday, 25 February 2025 05:36 AM

රටේ වෘත්තින්‌ තියෙන්නෙ 2 යි. ) වෛද්‍ය වෘත්තිය. 2) ගුරු වෘත්තිය. මමි දෙගොල්ලන්ට විතරයි ප්‍රශ්න තියෙන්‌නේ.. වෙනත්‌ වෘත්තිකයින්ට, මහ ජනතාවට ප්‍රශ්න නෑ. රජයත්‌ කරන්නේ පාරට බහින්න පුළුවන්‌ සහ වැඩවර්ජන කරන පිරිස්‌වලට විතරක්‌ වරප්‍රසාද දෙනවා. හැබැයි ඔය වැඩ වරිජන කර කර ඉන්න අයට වෙන රටවල්‌ වල රැකියාවලට යන්න අමාරුයි. ඒ නිසා මහ ඉඳන්‌ මස්‌ රාත්තලම බබදා ගන්න දඟලනවා. අනිත්‌ වෘත්තිකයෝ ලංකාව අත්‌ හැර යනවා. වෙන රටවල්‌ ඔවුන්ගෙන්‌ ප්‍රයෝජන අරන්‌ පොහොසත්‌ වෙනවා. අපේ අයියලා චීන රටවල්‌ වලින්‌ හිඟා කාලා මස්‌ රාත්තලම ඉල්ලන අයට බෙදලා දෙනවා. මේ කපේදී මේ රටවල්‌ ගොඩ එනවා බොරු...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 882 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 902 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 527 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 320 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site