(සුජිත් හේවාජුලිගේ )
ඡන්දයට පෙර ලබන මස 8,9 වනවිට විදුලිය කප්පාදුව,ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සමහර කොමිෂන් සභාවල සිටින ඇතැමුන්ද ඒ දේශපාලන ව්‍යාපාරය කළ බව ඔහු සඳහන් කළේය.
ගිය අවුරුද්දේ උසස් උසස් පෙළ කාලයේ පැය හත හමාරක් විදුලිය කැපූ බව සමහරුන්ට අමතක යැයි පැවසූ අමාත්‍යවරයා පෝලිම්වල ජනතාව දවස් දෙක තුන සිටි බවද ප්‍රකාශ කළේය.
ඒ ප්රශ්නය කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම්ද කළමනාකරණය කරගත යුතු බවත් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හඳුන්වාදී ඇත්තේ ඒ සඳහා බවත් කංචන විජේසේකර මහතා පැවසීය.
සමහර ඒ කටයුත්තටත් විරුද්ධ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි ඇමැති කුමන්ත්‍රණයක් හෙළි කරයි
Buddika Monday, 13 February 2023 12:37 PM
මේ වගේ මාරි මෝඩ මීහරකට ජනතාව ප්‍රශ්න තේරෙන්නේ නෑ .යකෝ ඉන්ධන නැතිව විදුලිය දෙන්න බැරි නම් මොන මගුලකටද ඇමති ඉන්නේ ?ඉන්ධන,ජලය තියෙද්දී විතරක් විදුලිය දෙන්න මොකටද ඇමතිවරු
BamunuarachchiMonday, 13 February 2023 01:38 PM
මන්ද බුද්ධික මෙවැනි මීහරක් ප්‍රශ්න අහන්නේ...? අපේ රටේ 70%ක් විදුලි අවශ්‍යතාවය සපුරන්නේ ඉන්ධනවලින් බව පස්වෙනි ශ්‍රේණියේ ළමයි පවා දන්නවා. ඉන්ධන අපේ ළිංවලින් ලැබෙන්නේ නැහැ. ඩොලර් ගෙවා ඉන්ධන හා ගල්අඟුරු ලබාගත යුතුයි. ප්රශ්නය රටට ඩොලර් නැතිකමයි. ඇමැතිට මුදල් වෙන්කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ලැබෙන මුදල්වලට ඇමැති ඉන්ධන ගෙන්වනවා. ඔය ටික පස්වෙනි ශ්‍රේණියේ ළමකුගෙන් ඇසුවා නම් තවත් විස්තර සහිතව කියා දේවි. මහින්ද නොරොච්චෝලේ හා යුදගනාව විදුලි බලාගාර ඉදි නොකළා නම් ඉන්ධන තිබුණත් විදුලිබල දෙන්න බැහැ. සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාර ඉදිකරන්න නොදුන්නේ මෑණියන්ට රස්නේ වදිනවා කියලා නේද?
NandanaMonday, 13 February 2023 02:23 PM
උඹ කියන විදිහට ඩොලර්ස් වලට කෙලියේ ඔබගේ මව වෙන්න ඇති
Hafeel Monday, 13 February 2023 02:34 PM
මේ බමුණු දන්නා තරම්.... මෙයා මහින්දලාට කඩේ යනවා මිස සත්‍ය තෝරන්න නැහැ. යුගදනව් බලාගාරයේ ඉදිකලේ මහින්ද නොවේ. හැබැයි මහින්දගේ සහෝදරයා බැසිල් මධ්‍යම රාත්‍රියේ රටේ ජනතාවටත් කොලේ වහලා ඇමරිකාවට වික්කා. ඉතිහාසය දන්නේ නැත්නම්, අහල දැනගන්න. නොරෙච්චෝල බලාගාරය මහින්දගේ යුගයේ ඉදිකළාට, මහින්දගේ පුද්ගලික ධනයෙන් නොවේ ඉදිකළේ. හැබැයි එකින් ගසා කෑමේ ප්‍රතිඵල තමයි බාලා යාන්ත්‍රණය ඉදිකරලා, අදටත් විටින් විට අක්‍රීය වෙන්නේ... මහිද කරපු එක ව්‍යාපෘතියක් හෝ ලාබ ලැබෙන්නේ නැහැ. මහින්දලා රටට කළ විනාශය තමයි අද මිනිස්සු විඳින්නේ. ඩොලර් නැති එක ජනතාවගේ වැරැද්දක් නොවේ...
BamunuarachchiTuesday, 14 February 2023 07:59 AM
දැන් උඹලගේ ගෙදර සල්ලි වලට කෙලින්නේ උඹලගේ අම්මාද? මම උඹලගේ අම්මගෙන් උඹ ගැන ඇහුවා. උඹේ අම්මා මට කිව්වා ඔයා ඕවා ගනන් ගන්න එපා ඕකගේ නියම තාත්තා පිස්සෙක් කියලා.
sena Monday, 13 February 2023 12:37 PM
ගිය අවුරුද්දෙත් AL කාලේ විදුලිය කැපුවේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් කියලා තමුන්ට අමතක උනාට අපිට මතකයි
විජිත් Monday, 13 February 2023 02:54 PM
මේ වගේ අයට තමුන්නාන්සේ, මහත්තයා, සර්, ඔබතුමා වගේ වචන යොදාගෙන අමතන්න එපා. එසේ කිරීමෙන් වැදගත්, උගත්, අවංක අයට විශාල අපහාසයක් සිදුවෙනවා. මේ වර්ගයේ අයට කියන්නේ ගස්බල්ලන් කියලා...
Hafeel Monday, 13 February 2023 03:04 PM
අනික අදටත් QR කෝඩ් නිසා තමයි තෙල් පෝලිම නැහැ. නැතුව අදටත් අඛණ්ඩව තෙල් සපයනවා වගේ කතාව... QR කෝඩ් එක නිසා ජනතාව නොමග යැව්වා. විදේශ ණය නොගෙවා, ලෝකේට පොලු දාලාත්, අඛණ්ඩව තෙල් සහ විදුලිය දෙන්න බැරි නම්, මෙයා අයින්වෙලා යන්න ඕනේ... මෙයා කියන පරිදි ඡන්ද ළං වෙනකොට විදුලි කප්පාදු වැඩිකරලාම රටේ ආර්ථිකය වට්ටන්න තරම් අදටත් ශක්තිමත් ආර්ථිකයක්ද රටේ පවතින්නේ...?
චන්දන Monday, 13 February 2023 01:11 PM
එතකොට මේ ලයිට් කපන්නෙ අපි ද . තමන්ගේ අමාත්‍යාංශය තුළ ඇති දූෂණ නවත්වන්න බැරි වෙලා . මහජනතාව පලි නැහැ .
Bamunuarachchi Monday, 13 February 2023 01:24 PM
සමහරක් නොඑයි ජෙප්පෝ...!
අරවින්ද මොණරවිලMonday, 13 February 2023 06:35 PM
පොහොටුවට කඩේ යන සමහරක් දන්නේ අනුන්ට වරද පටවලා බේරෙන්න දඟලන්න විතරයි...
BamunuarachchiTuesday, 14 February 2023 08:05 AM
ගොන් පාට් දමන්න එපා හලෝ. විස්කි හොඳ නැහැයි කියන්නේ කසිප්පු හොඳයි කියන එක නොවෙයි. ජෙප්පනට විරුද්දව කතා කරන මිනිස්සු ඔක්කොම පොහොට්ටු කාරයෝ නොවෙයි. මහින්ද රටට වැඩකලේ පොහොට්ටුව එන්න කලින්.ඒ කරපු වැඩ නැහැයි කියන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බැහැ.
thilak Monday, 13 February 2023 01:24 PM
ඇමැති තනතුරක් කියන්නේ ජනතා සේවය කිරීමට ජනතාව ලබාදුන් තාවකාලික තනතුරක්, ජනතාවට වරක් හිතීමට අවස්ථාවක් එනවා. ආයතන විකිණීමට දීපු බලයක් නොවේ. ජනතා මතයට ගරුකර උද්දච්චකම අඩුකරගෙන, කළමනාකරණය කරගතහොත් බැනුම් නොඅහා ගමන ගිය හැකියි...
sharm warn Monday, 13 February 2023 01:24 PM
අයියෝ, අපි හිතුවා මේ මනුස්සයට වත් පොඩ්ඩක් මොලේ ඇති කියලා. බලද්දි මෙයා අනිත් අයට හරියන කෙනෙක්... ඇයි දෙයියනේ මේ මනුස්සයා ඇමැතිකමේ ඉන්න අතරේ වෙන අයට පුළුවන්ද ඉන්ධන විදුලි හිඟ ඇතිකරන්න?
අරවින්ද මොණරවිල Monday, 13 February 2023 01:36 PM
ඡන්දය කඩා කප්පල් කරන්න කුමන්ත්‍රණය කරන අයම තමයි ඒ දවස් කිට්ටු වෙනකොට රටේ තෙල් හා විදුලි අර්බුදයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ... ඒ අයගේ නම්ගම් අපි නම් දන්නවා. ඇමැතිතුමාත් දැනගන්න කැමැති නම් අපි කියන්නම්...
Kumara Monday, 13 February 2023 03:10 PM
ඔය වගේ කතා මහඑකාත් කිව්වා...!
fairoos Monday, 13 February 2023 05:47 PM
අනේ මෙයාගේ හෙළිදරව්ව... බම්බුව තමයි... රට තවත් වනසන්නේ නැතිව තොළොංචි වෙලා යන්න කාලකණ්ණි....
WCA Monday, 13 February 2023 06:53 PM
ඔය නොකිය කියන්නේ අපි ලයිට් කපනවා. කැපුවොත් අපි නෙවෙයි වගේ එකක් නේද?