IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විදුලි ගාස්තු සියයට 30 කින් අඩු කළ යුතුයි

(යොහාන් භාසුර)

විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව අඩු කළ යුතු බවත්  ඒ අනුව විදුලිගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පැවසීය.

මෙම සියලු සාධක පිළිබඳව අවධානය යොමුකර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට මාර්තු 30 වැනි දින නිර්දේශ කළ බව කී රත්නායක මහතා  ඉහළ විදුලි ගාස්තුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ථ අංශයේ ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට කඩිනමින් සහනයක් සැපයීමට විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.  
ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට වහා ලබාදිය යුතු බවට මුදල් අමාත්‍යංශය ද නිර්දේශ කර තිබියදී ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාට ද සහන සැලසීමට පියවර ගත යුතු බව කී රත්නායක මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු යෝජනා සකස්කරන විට ගල් අගුරු කිලෝ එකක මිල රුපියල් 104 ක් ලෙස පදනම් කරගෙන තිබුණ ද මේ වන විට ගල් අගුරු කිලෝවක් රුපියල් 59.60 ක් බවට පත්ව ඇති බවත්ය.

ඒ වන විට ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල රුපියල් 187.50 ක් මෙන්ම නැප්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබූ බවත් වෙළෙඳපොලේ නැප්තා මිල මේ වන විට රුපියල් 153 ක් ද, ලීටරය රුපියල් 405 ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක් අද වන විට රුපියල් 247 ක් දක්වා පහළ බැස ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන අඩු මිලට දී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු බවත් රත්නායක මහතා වැඩි දුරටත් සදඟන් කරයි.

කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (4) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සබාපති ජනක රත්නායක මහතා එසේ පැවසීය. 



අදහස් (1)

විදුලි ගාස්තු සියයට 30 කින් අඩු කළ යුතුයි

යෝගා Tuesday, 04 April 2023 06:14 PM

අයියෝ ඔයා වැඩේ කෑවා. අඩු කරන්න අදහසක් තිබුණත් ඔයා කට ඉස්සර කර ගත්තු නිසා දැන් නම් ළඟකදී ඔය වැඩේ වෙන්නෙම නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 36 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 237 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 101 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1017 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1179 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 610 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site