IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විදුලි බිල අඩු කිරීම දෙවැනි වරටත් කල්යයි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම අද (1) පියවර ගත්තේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් අතර අද පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ අතර පසුව අවශ්‍ය සම්පූර්ණ දත්ත සපයන ලෙස කොමිසමේ නිලධාරීන් විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නේය.

මෙම වසරේ විදුලි සැපයුමට සම්බන්ධ වියදම් පිළිබඳ දත්තවල ගැටලු තව දුරටත් පැවතීම මෙම තත්වයට හේතුවයි.

මහජන උපයෝගිතා කොමිසම මීට පෙර ද විදුලිබල මණ්ඩලයට සම්පූර්ණ දත්ත යොමු කරන ලෙස දැනුම් දුන්නේය.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කා මහතා පැවසුවේ මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල විස්තර අඩු බවත් ඒවා දින කීපයකදී යොමුකරන්නේ යැයි මණ්ඩලයේ නිලධාරීන් පැවසූ බවත්ය.

එම දත්ත ලැබුණු පසු විදුලි ගාස්තු එක් එක් කාණ්ඩයට අඩුවන ප්‍රතිශතය තීරණය කරන බවත් ඩග්ලස් නානායක්කා මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (10)

විදුලි බිල අඩු කිරීම දෙවැනි වරටත් කල්යයි

චන්දන Friday, 01 March 2024 09:03 PM

ඔය කොමිසම වැඩක් නැහැ.. ඇමැති හිටියාම ඇති. දෙකම එකයි.

:       0       9

ravin Friday, 01 March 2024 09:14 PM

එක්කෝ දක්ෂ නිලධාරීන් නැතිනම් හොරු නේද? උත්තරය..?

:       0       7

KAHAWITA Saturday, 02 March 2024 04:20 AM

මොවුන් නම් මහ කාලකණ්ණි...

:       0       8

කම්ඹහොරුන්ගේ සෞභාග්‍යය Saturday, 02 March 2024 06:18 AM

නොකරන වෙදකමට එදා කෝඳුරුතෙල් සොයා ගියා වර්ෂාව අධිකව පැවැති කාලයේ උපරිමයෙන් මණ්ඩලය ලාභ ලැබුවා. ඒ වෙලාවේ නොකර අධික පෑවිල්ල සමග වැව් අමුණු වියැළීමට පටන්ගත් කාලයේ බිල් අඩුකරන්න ඇමැතිවරයා කටයුතු කරනවා කීමෙන්ම ඔය වැඩේ කිසිදාක නොකරන වැඩක් කියලා පැහැදිලි වුණා.

:       0       10

Rohana Saturday, 02 March 2024 08:00 AM

විදුලිබිල වැඩිකරනකොට නම් දවසෙන් දෙකෙන් කාර්යක්ෂමව කරනවා. බිල අඩුකරනකොට මාස ගණන් සාකච්ඡා සම්මන්ත්‍රණ කෙලවරක් නෑ. මීට වඩා හොඳයි... ඔය අඩුකරන කතා මාධ්‍යයෙන් දැනුවත් නොකළා නම්.

:       0       11

Bamunuarachchi Saturday, 02 March 2024 08:17 AM

මාසයක් කල් ගියත් අඩු කිරීමට යෝජිත දිනයේ සිට බලපාන අයුරින් තීන්දුව දෙන්න.

:       0       7

Jayasekara Saturday, 02 March 2024 10:02 AM

ආයෙමත් ජලාශවල වතුර හිඳෙනකන්ම ඕක දෙපැත්තට අදියි.

:       0       11

නිහාල් Saturday, 02 March 2024 12:58 PM

වැඩි කරන්න නම් මෙච්චර වෙලා යන්නේ නෑ...!

:       0       9

de silva Saturday, 02 March 2024 07:51 PM

වැඩි කරන්න නම් මොවුන්ට එක දවසක්වත් යන්නේ නැහැ. අපි ඡන්දෙදී බලාගමු. දැන්නම් හොඳටම ඇති විදුලිබිල 50% අඩු කළත් බොලාට ඡන්දෙ දෙන්නේ නැහැ.. හිතන් ඉන්නේ අපි බුරුවෝ කියලාද?

:       0       7

duminda Sunday, 03 March 2024 08:11 PM

තව මාස 10යි උපරිම..., වතුර රත්වෙනකල් නටන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1476 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1245 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site