IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


විදුලි බිල යළි ඉහළට ?

(අජන්ත කුමාර අගලකඩ)

විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසිඑක්වැනිදා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ,විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ වියදම් පියවා පියවා ගැනීමට නොහැකි වන බව ය.

විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ,ගාස්තු අඩු කර මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ ගාස්තු හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් කෝටි 3,300 කින් පමණ අඩු වී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් , පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ණය හිමියෝ සඳහා විදුලි බිල මණ්ඩලය ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි දඑම ලිපියෙන් දන්වා ඇත.

පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිග මුදල රුපියල් කෝටි දෙදාස් නවසිය හැත්තෑවක් පමණ වන බවද එහි සදහන් කර ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමත වූ ගාස්තුව විදුලිය නිපදවීමට යන වියදම පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමේ තීරණයට ද පිටින් යන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

මේ වසරේ විදුලිය ගාස්තු වැඩී කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ ගිගාවොට් 4,500 ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, වියළි කාල්ගුණය හේතුවෙන් ලබාගත හැකිවූයේ ගිගාවොට් 1,738 ක් පමණක් බව ද එහි සදහන් කර ඇත.

ඉදිරියේ දී ඇතිවිය හැකි නියං තත්වය හමුවේ තාප විදුලි නිෂ්පාදනය වැඩි විය හැකි බවත්,එවැනි තත්වයක් තුළ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවත් විදුලි බලමණ්ඩලය පෙන්වාදෙයි.

 



අදහස් (13)

විදුලි බිල යළි ඉහළට ?

කිරිපුතා Saturday, 05 August 2023 02:23 PM

අන්තිමට මහ ජනයාගේ අස්ථි ටිකත් සූප්පු කරලා තමයි කට්ටියම නවතින්නේ...

:       0       51

සිල්වා Saturday, 05 August 2023 04:47 PM

ඒත් නවතින්නේ නෑ මේ යන ක්‍රමයට... විදුලි බිල වැඩි කිරීමෙන් කිසිදිනෙක විදුලිබල මණ්ඩලය ගොඩගන්න හැකි වන්නේ නෑ. විදුලි ගාස්තු වැඩිකරන තරමට පාරිභෝගිකයින් පාවිච්චිය අඩු කිරීමට ක්‍රියාකරනු ඇත...

:       1       35

Karunapala Saturday, 05 August 2023 03:02 PM

විදුලිය කපන්නකෝ...!

:       0       20

Nimal Saturday, 05 August 2023 03:12 PM

අවසන් වරට මිල ඉහළ දමන විට ඇමැතියා කියා සිටියේ කොපමණ ජලය හිඟවුණත් අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බවයි. එසේ කියා වසරක් ගතවෙන්නත් මත්තෙන් තවත් දරුණු මිල වැඩි කිරීමක්... අවසානයේදී කුඹුරුත් විනාසයි.. රටටම විදුලියත් කැපෙයි. බිලත් විශාල ලෙස ඉහළ යයි. නුසුදුස්සන් ඉහළ තානාන්තර වලට පත්කර ගැනීමේ විපාකය තමයි මේ...

:       1       36

Tikiri Saturday, 05 August 2023 03:25 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...!! බලු රාජපක්ෂ පවුලට කඩේයන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.

:       5       47

Namal rajapaksha Saturday, 05 August 2023 03:26 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්... ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන් බයියන් ටික ඇවිස්සෙයි.

:       4       34

Nihal Saturday, 05 August 2023 04:02 PM

නාමල් රාජපක්ෂගේ මගුල් ගෙදර විදුලි බිල පියවන්නේ නැත්තේ ඇයි..?

:       1       38

රසික Saturday, 05 August 2023 04:19 PM

කොච්චර බිල වැඩිකළත් පාඩුයි නම් විකුණලා දාන්න...

:       0       39

Sunil Saturday, 05 August 2023 04:50 PM

ලක්ෂ 10 පන්නලා මාසිකව පඩි ගෙවපුවාම ඒක ජනතාවගෙන් ඉල්ලන එක හරිද? වහාම ඒ දෝශ නිවැරදි කරන්න..!

:       0       48

C.K.Lankaputhra Saturday, 05 August 2023 08:04 PM

කවම කවදාකවත් නොපියවෙන පාඩුව...!

:       0       2

ranjith Saturday, 05 August 2023 08:13 PM

දෙයියන්ගේ නාමෙන් මැතිවරණයක් ලංවෙලා මොවුන් ටික මකබෑවිලා ගියා නම් රටේ මිනිස්සුන්ට යහපතක් වේවි.

:       0       2

Nimal Saturday, 05 August 2023 11:25 PM

ආයෙ වැඩි කරලා නම් මීටරේ කියවන්න මිනිහෙක් නම් එවන්න එපා. රොබෝ කෙනෙක්වත් හදලා එවන්න. මොකද බිල අතට ගත්තාට පස්සේ වෙන දේ ගැන වගකියන්න බෑ...

:       0       2

සමන් Sunday, 06 August 2023 05:23 AM

විදුලි බල මණ්ඩලයේ, ඛණිජ තෙල් සංස්ථාවේ සුලු සේවකයා සිට විධායක නිලධාරියා දක්වා අනෙකුත් රාජ්‍ය සේවකයින්ට වඩා විශාල වැටුපකට හිමිකම් ලබනවා. ඒවගේම අනවශ්‍ය ලෙස රැකියා ලබාදී තිබෙනවා, ඒ අයගේ වැටුප් ගෙවන්න ඕන නිසා මිල කොපමණ වැඩි කලත් මදි. තව තවත් යටි මඩි ගහගහ ඉන්න. මිනිසුන් කොපමණ අපහසුවෙන්ද දැන් ජීවත් වෙන්නේ...? මොන ආණ්ඩුවත් එකයි. දැන් 225 කෝ,... එයලත් වැඩක් නොකරම පඩි ගන්නවා..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 29 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 584 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 657 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1382 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2623 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site