(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
එසේම සියයට 31 සිට හැට දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ස්ථාවර ගාස්තුව රුපියල් හාරසියය රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල අවමය සියයට 29 - 40 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කීවේය
විජේසේකර මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි බිලට ජුලි මාසයේ සිට ලොකු සහනයක්
Hemantha Wednesday, 24 May 2023 02:11 PM
2023 මුල විදුලි බිල 300% කින් වැඩිකරලා සොච්චම් ප්‍රතිශතයක් අඩු කිරීම හරිද?
fairoos Wednesday, 24 May 2023 02:24 PM
නිකන් පට්ටපල් බොරු කියන්න එපා. ඉස්සෙල්ලාම මේ කාලකණ්ණි ඇමතිව අයින් කරන්න ඕනේ.
Arainda monarawila Wednesday, 24 May 2023 03:05 PM
ඔයාට කොහෙද දැන් විදුලිබිල ගැන තීන්දු ගන්න අවසරයක් තියෙන්නේ.
චන්දන Wednesday, 24 May 2023 03:13 PM
ඔය දඟර නැටුම් දැම්මාට වැඩක් නැහැ. පුළුවන් නම් ඊළඟ මැතිවරණෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන්න. මේක අභියෝගයක්...!
ගජමිතුරු Thursday, 25 May 2023 05:03 AM
අතපය හකුලාගෙන සමුර්ධි කකා නිකරුණේ සිටින කම්මැලියන් දිනවීමට කරන දිරිගැන්වීමක් මෙහි තියෙනවා මොකද ඒකක බිංදුවේ සිට ගාස්තු අඩුකරන්න උත්සාහ කරන්නෙ උන්දැලා තමයි දුරදිග නොබලා ඡන්ද දීමට යන පිරිස නිසාද කියලා .
Sujan Thursday, 25 May 2023 07:07 AM
තව වැඩි කරපල්ලා සල්ලි තියන මිනිස්සුන්ට