IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලිබල මණ්ඩලයේ නාස්තියක් ගැන වෘත්තීකයන්ගෙන් චෝදනා

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්‍ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්‍රාන්ස්ෆෝමර් පරීක්‍ෂණ යන්ත්‍රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව එම පරීක්‍ෂණ යන්ත්‍ර කීපයක්ම තිබීම නිසා නව යන්ත්‍රයක් මිලදීගැනීම මුදල් නාස්තියක් බවත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

විදුලිබල මණ්ඩලයේ ජනන අංශය යටතේ පවතින වත්කම් කළමනාකරණ ශාඛාවේ ඇති එම උපකරණයෙන් මේ දක්වා එම පරීක්‍ෂණ කළ බවත් නව යන්ත්‍රය මිලදීගැනීමේ කටයුතු කරන නිලධාරීන් අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමඟ යවමින් යන්ත්‍රය මිලදීගැනීමට අනුමැතිය ගෙන ඇති බවත් වෘත්තීය සමිති කියයි.

වත්කම් කළමනාකරණ ශාඛාවේ එම මණ්ඩලය විශාල වියදම දරා පුහුණු කළ ඉංජිනේරුවන් සිටියදී නොරෝච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන් සඳහා ඉතාලියේ පුහුණුවක් සහ කර්මාන්තශාලා පරික්ෂාවක් ඇතුළත් කරන ලෙස ලංසු කැඳවූ ලියවිල්ලේ සඳහන් කර ඇති බවත් සති දෙකක ඉතාලියේ සංචාරයට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොරකමින් සිටින බවත් වෘත්තීය සමිති නිලධාරීහූ පවසති.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ එවැනි මිලදීගැනීමක් පිළිබඳව දැනුවත් නොමැති බවත් හැකි ඉක්මණින් සොයා බලා අදහස් දැක්විය හැකි බවත්ය.  



අදහස් (4)

විදුලිබල මණ්ඩලයේ නාස්තියක් ගැන වෘත්තීකයන්ගෙන් චෝදනා

රංබොඩ Thursday, 30 May 2024 05:53 PM

මෙයාලට පිස්සු නේ. තියෙන එව්වා ඔහොමම තිබුණා වෙ. අලුත් එකක් ගන්නකොට කොම්ස් මුදලයි, හොරකම් කරන හරියයි සේරම එයාලගෙ සාක්කු වලනෙ. සාමාන්‍ය ජනතාව දත්මිටි කාගෙන විදුලි බිල ගෙවනවනෙ.

:       2       5

Nalaka Thursday, 30 May 2024 06:50 PM

හොර ඕටි කෙරිල්ල හින්දා සල්ලි නැති වෙන්නේ නැද්ද? සාප වෙනවා

:       1       6

Ruwan De Silva Thursday, 30 May 2024 07:02 PM

මම ඉන්නේ ප්‍රංශයේ දැන් අවුරුදු 20කට වැඩියි, මෙහේ විදුලිය එන්නේ Engie කියන ප්‍රංශ රජයට අයිති සමාගමකින් යුරෝපයේ අනෙකුත් රටවලටත් විදුලිබලය දෙනවා අද මම හිටිය අවුරුදු 20ට විදුලිය කැපිලත් නෑ, සමාගම පාඩු ලබලත් නෑ, ලංකාවේ මිනිස්සු ගෙවන ගානට පොඩි ගානයි වැඩියි. Engie වගේ සමාගමකට CEB එක දුන්නා නම් ලාභත් ලබයි, විදුලි එකකයට ගෙවන ගානත් අඩු වෙයි, දැන් මෙහෙත් ගොඩක් දැන් සුර්යය බලය, සුළං බලය පාවිච්චි කරනවා

:       0       3

End Game Friday, 31 May 2024 10:30 AM

මෙහෙ ඉන්නේ හොරු. වැඩක් කරන්නේ ඕටී දාලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1745 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 14 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1096 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1645 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1150 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site