(යොහාන් භාසුර)
නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පැය එකහමාර බැගින් අද (11) දිනයේ විදුලි සැපයුම අත්හිටුවන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ද විමලරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව ආර්,එස්,ටී සහ ඩබ්ලිව් යන කාණ්ඩවලට පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා ද, ඒ,බී,සී,ඩී,පී සහ කිව් යන කාණ්ඩවලට පස්වරු 5.00 සසිට රාත්‍රී 7.00 දක්වා ද, ඊ,එෆ්,ජී,එච්,යූ සහ වී යන කාණ්ඩවලට පස්වරු 6.30 සිට රාත්‍රී 8.30 දක්වා ද, අයි,ජේ,කේ සහ එල් යන කාණ්ඩවලට පස්වරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා ද, විදුලිය විසන්ධි කරන බව ඒ මහතා පැවසීය.
කිසියම් කාණ්ඩයක් යටතේ ඇති විදුලි ඉල්ලුම කළමනාකරණය, නියමිත වේලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව ධාරිතාව වෙනස්වීමට ඉඩ ඇති බවත් ඉහත දක්වා ඇති පරිදි විදුලි සැපයුම විසන්ධි කරන වේලාව සහ යථාතත්වයට පත්වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30 ක් ඇතුළත වෙනස් වීමට ඉඩඇති බව ද ධම්මික විමලරත්න මහතා වැඩි දුරටත් පවසයි.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
විදුලිය අද කපන්නේ මෙහෙමයි
Dayan Tuesday, 11 February 2025 04:29 PM
මේක ලෑස්ති කරපු මනුස්සයටවත් තේරෙන්නේ නෑ. ප්‍රහේලිකාවක් වගේ. ලංවිම ඉංජිනේරුවන් දක්ෂ නමුත් මුළු දිවයිනේම විදුලිය විසන්ධි වීම වැළැක්විය නොහැකි විය. ලැජ්ජයි.