(සුජිත් හේවාජුලිගේ )
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව රුපියල් කෝටි 154ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2020 වර්ෂයේදීද රුපියල් කෝටි 213 ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2021 වර්ෂයේදීද මෙලෙස නීතියට පටහැනිව ගෙවනු ලැබ ඇතැයි එහි දැක්වේ.
තවද විදුලිබල මණ්ඩලයේ සේවකයන් 323 දෙනකු සඳහා අමාත්‍ය මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලට පටහැනිව ගෙවා තිබූ දීමනා ඔවුන්ගේ වැටුපෙන් සියයට 65 ඉක්මවා තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේය.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලිය කෝටි 367ක දීමනා හොර පාරෙන් ගෙවලා
Perakum Monday, 01 May 2023 05:39 PM
මේ නිකං අපිව අන්දන්න කරන වැඩ. කවදාවත් මෙවැනි වැරදි වලට දඩුවමක් දුන්නු බවක් අහල තියනවද?
චන්දිම ෆොන්සේකාMonday, 01 May 2023 07:02 PM
සහතික ඇත්ත. මෑත ඉතිහාසයේ කිසිදිනක මෙවැනි වැරදි වලට කිසි දඬුවමක් නැත. ඒ විතරක් නෙවි අර කෝපා කියයි කෝප් කියයි තව නොයෙකුත් කමිටු ඇත. ඒවා නිකම් සල්ලි වියදම් කරලා අඬබෙර ගහලා රිපෝට් හදලා මිටිගහලා පැත්තකින් තියන ඒවා විතරයි. රටේ උගත්තු අහන්නෙත් නැහැ ඒවා ගැන. මිනිස්සු අහන්නෙත් නැහැ. හොරුන්ට ප්‍රශ්නෙකුත් නැහැ. හොරකම වංචාව කරන එකා ජයටම දිගටම මහා දවල් එළිපිටම බයක් සැකක් නැතුව ඒක හරියට තමන්ගේ අයිතියක් වගේ හොරකම කරගෙන යනවා. ඇත්තටම රටකට මේ මොකද්ද වෙලා තියෙන්නේ?
Sujeewa Monday, 01 May 2023 06:20 PM
පැරකුම් ඔබ නම් නියම සිංහල ශ්‍රී ලාංකිකයෙක්. දීන විදියට තමා තාමත් පුරුදු. නවතන්න ඕවැනි දීන සිතුවිලි. ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න. විගනකාධිපති කාර්ය මණ්ඩලයට ජනතාවගේ ප්‍රණාමය. කාංචන ඇමතිතුමනි, ඔබ මෙතුවක් ගත් නිර්භීත තීරණවගේ මේ හෙළිදර්වෙදි ඔබතුමා ක්‍රියාකරන ආකාරය අප ජනතාව උනන්දුවෙන් බලා ඉන්නෙමු.
Bamunuarachchi Monday, 01 May 2023 08:44 PM
මොකක්ද සුජීව පැරකුම්ගේ තිබෙන දීනකම. එයා අහලා තිබෙන්නේ මෙවන් වැරදී වලට දඬුවම් දුන්නේ කවදාද කියලා. ඔබ කියනවා මෙවන් හෙළිදරව්වකදී ඔබ ක්‍රියාකරන ආකාරය බලා ඉන්නවා කියලා. මේකත් හරියට මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා වගේ කතාවක්... දෙන්නම බලාපොරොත්තු වෙන්නේ දඬුවම් කිරීමක්. සුජීව පණ්ඩිතකම පෙන්වලා වගේ...
රමල් Monday, 01 May 2023 07:14 PM
සේවකයො 2000 පමන ගෙවන වැටුපත් අනීතිකයි... නඩු තීන්දුවකින් තහනම් කල හොර වැටුපක් ලබන් අයම තමයි අනීතික දීමනා හොරපාරෙන් ගන්නෙත්... ඕක නවත්තන්න බෑ.... ආයතනයේ මුල් පුටුවෙ ඉදන් ඔය හොර නඩේම තමයි ආයතනය හූරගෙන කන්නෙ... දේශපාලකයොත් නොදන්නවා නෙවේ...
පැරකුම්Monday, 01 May 2023 10:44 PM
හා හා රමල් ටිකක් ඉවසන්න අර ඉහත සුජීව කියන ධනාත්මකව සිතන නියම සිංහලයා අනුකරණය කරන්න පුරුදු වෙන්න. කාංචන ඇමතිතුමා වෙනද වගේම නිර්භීත තීරණයක් අරගෙන දඩුවම් දෙන හැටි බලාගන්න…!