(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ඉක්මනින්ම දැනුම් දිය යුතු බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට ඊයේ (19) දැන්වූහ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ජනක රත්නායක මහතා පැවසුවේ තමන්ට මේ පිළිබඳ තීරණය දැනුම් දිය හැක්කේ විදුලිය ගාස්තු ගණනය කිරීම් අවසන් කිරීමෙන් පසුව බවයි.
විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද මේ වනවිට හිමිවී ඇත.
විදුලිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීහු ජාතික සභාවට පෙරේදා කැඳවනු ලැබූහ. මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ජාතික සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා(19) පස්වරුවේදී රැස්විය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේමේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සාකච්ඡා කර අවසන් තීරණයක් ගත යුතු බවයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ලබන 24 වැනි දා ජාතික සභාව හමුවට නැවත කැඳවීමටද මෙහිදී තීරණය කෙරිණ.
මේ අතර ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකාරක සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා විසින් ජාතික සභාවට පෙරේදා ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, කංචන විජේසේකර සහ නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන්වන ඩී.වී. චානක, නීතීඥ සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක සහ ඒ.එල්.එම් අතාඋල්ලා යන මහත්වරුන්ද සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන කොමිසමේ තීරණය තවම නැහැ