(සනත් ගමගේ )
පැය දෙකක් හෝ තුනක් හම්බන්තොටට විදුලිය කපා, ජලය නැතිව විනාශයට ලක්වන කුඹුරු වගාව බේරා ගැනීමට සමනල වැවේ ජලාශයෙන් ඉක්මනින් ජලය ලබා දීමට වහා පියවර ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගොවි සංවිධාන ඒකාබද්ධව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීමේදී ඉල්ලීමක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කීය.
වලව මහවැලි කලාපයට අයත් මුරවැසිහෙන සහ මයුරපුර කලාපවල දැනට වගා කර ඇති හෙක්ටයාර 9000 පමණ ප්‍රමාණයෙන් සියයට 70 පමණ වී වගාව ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වෙමින් පවතින බව වලව මහවැලි කලාපයේ ජල පාලන අංශයේ නිලධාරීවරිය කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සඳහන් කළාය.
වී වගාව හානි වීමෙන් පසුව ගොවීන්ට වන්දි මුදල් ලබා දීමක් සිදු කරනවාට වඩා සමනලවැව ජලාශයේ ජලය උඩවලවට ලබාදීම තුළින් හම්බන්තොට දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ විනාශයට පත් වෙමින් පවතින මෙම කුඹුරු ආරක්ෂා කර ගැනීමෙන්ජාතික නිෂ්පාදනයට දායකත්වයක් ලබාදීමට හැකිවන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
ඒ අනුව මෙම ගොවි සංවිධානය එකාබද්ධ ව ඉදිරිපත් කළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුමනසේකර මහතා මෙහිදී සඳහන් කළේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින්
නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපත
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘විදුලිය නැති වුණාට කමක් නෑ වගාව බේරා ගමු‘‘
Rata Perata Friday, 04 August 2023 11:57 AM
මේ ඔක්කොම සෙල්ලම් එක කාලකණ්ණියෙක්ගේ කම්පැණියෙන් විදුලිය වැඩිමිලට අරගෙන අපේ බදුසල්ලි වලට දෙන්න තමයි.
පැරකුම් Friday, 04 August 2023 12:02 PM
නිසිකලට ජලාශ නඩත්තු නොකිරීමේ විපාක විඳින්නේ පොදු ජනතාවයි... බලධාරින් සැප කාමරවල සුවසේ සිටිති...!
Bamunuarachchi Saturday, 05 August 2023 02:37 AM
පැරකුම්ට ඔවා මතක්උනේ පෑවිල්ල නිසාද?
Nimal Friday, 04 August 2023 12:23 PM
තව මොන කතාද? මමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ... අපිට පැය තුන හතරක් විදුලිය කැපුණත් කමක් නැහැ. පවතින වගාව බේරා ගැනීමට ජලය ලබාදෙන්න. මෙය පුන පුනා කිවයුතු දෙයක් නොවේ. දුර්දාන්ත රජයකට මෙය නොතේරෙන එකයි අරුමය.