(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය මාසය තුළදී ඩොලර් මිලියන 300 කින් (රුපියල් කෝටි 6000) පමණ අඩුවී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
විදේශ ප්‍රේෂණ ලෙස වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් (ඩොලර් කෝටි 700) පමණ ලැබෙන බව කී මහ බැංකු අධිපතිවරයා ඇතැම් පුද්ගලයන් හේතුවක් නොමැතිව වෙනත් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.
මුදල් විශුද්ධිකරණ නීතියට අනුව එවැනි ගිණුම් තහනම් කිරීමට ද පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 300 ක් අඩුවෙලා
ravin Sunday, 05 December 2021 12:31 PM
තමතමන් මහන්සියෙන් උපයාගත් ආදායම් මෙහෙ එවලා හොරුන්ට උඩගෙඩි දෙන්නද?
සිල්වා Sunday, 05 December 2021 01:35 PM
ගරු මහබැංකු අධිපතිතුමනි, ඩොලර් බලෙන් ගෙන්වා ගැනීමට යාමෙන් ඩොලර් රටතුළට ලැබීම තවත් අඩු වෙනවා මිස වැඩි වන්නේ නෑ. හාල්, සීනි සහ අනෙකුත් ප්රශ්නවලදී අත් වූ ප්‍රතිඵල ඔබතුමාට පාඩමක් විය යුතුයි...
de silva Sunday, 05 December 2021 01:45 PM
ඩොලර් එකක වෙළඳපළ වටිනාකම රුපියල් 230-240 අතර ප්‍රමාණයක්... මෙහෙ දෙන්නේ 200 ... තව රුපියල් 10ක් දෙනවා කියනවා. කවුද කැමැති තමන් මහන්සියෙන් උපයාගනු ලැබූ මුදල් කුණු කොල්ලෙට දෙන්න? ඇරත් හදිසියේ කොරෝනා වැනි ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ රජයෙන් කිසිම සහනයක් නැතිව පාරේ හිඟාකන්න. සල්ලි ළඟ තියාගෙන ලංකාවට පැමිණි දිනක කලු කඩෙන් මාරුකර ගනීවි.
sanjeewa Sunday, 05 December 2021 01:46 PM
සල්ලි ගෙන්වාගන්න ඕනෑ නම් ඩොලර් එක පාවෙන්න හරින්න. එවිට මිනිස්සු සල්ලි එවාවි. එහෙම කළොත් ඩොලරය බහීවි.
boattuwaSunday, 05 December 2021 05:14 PM
මේ ටික තේරෙන්නේ නැති හැත්ත... කාලා වරෙල්ලකෝ...
දාස Sunday, 05 December 2021 01:53 PM
ඩොලර් එකට රුපියල් 230-240 ගන්න පුලුවන්කම තියෙද්දී කව්ද මේ රටට අඩු ගානට ඩොලර් එවන්නේ...? උන්ඩියල් බෝයිස්ලා මැදපෙරදිග ගජරාමෙට අපේ කොල්ලන්ගේ, කෙල්ලන්ගේ සල්ලි ගන්නවා ඇති වැඩි ගාණට. මේ සැරේත් නාගන්නවා හොඳට...
සෙනෙවිරත්න Sunday, 05 December 2021 02:01 PM
මම නම් එවන්නේ නැහැ. ඉන්න රටක බැංකුවක දාලා එන දවසක ගන්නවා මිස... මෙයාලාට මෙයාලගේ පවුල් හවුලට විනාශ කරන්න මොකට මහන්සි වෙනවාද? අර ඡන්දෙට කලින් කියපු ක්‍රමේට හොයාගන්න සල්ලි...
චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 05 December 2021 02:17 PM
මිනිස්සුන්ට කියන්නේ හොරුන්ට සල්ලි එවන්න කියලාද..? අඩුම ගණනේ ඔය නීති පනවන්න ඉස්සර වෙලා රාජ්‍ය ලැබීම් සහ වියදම් ගැන තොරතුරු මිනිස්සුන්ට දැක බලාගත හැකි හරි වැඩපිළිවෙලක් සකසන්න... අරයට ඕන වුණාම දෙන්නයි.. මෙයාට ඕන වුණාම දෙන්නයි නෙමෙයිනේ... මිනිස්සු දහදුක් විඳලා නිදිමරාගෙන කීයක් හරි උපයන්නේ...
Lal Sunday, 05 December 2021 02:22 PM
ජනාධිපති නන්දසේන මහත්තයා මේ වෙලාවේ දී රටට දැනෙන දෙයක් කළ යුතුයි.පාර්ලිමේන්තුවේ ඇමතිවරු සංඛ්‍යාව 15 දක්වා අඩු කරන්න. නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු කියන තනතුරු අහෝසි කරන්න.ඩොලර් නිකං සට සට ගාලා ලංකාවට ගලාගෙන ඒවි.වෙනස නොකොළොත් නො ඩොලර්...
Hafeel Sunday, 05 December 2021 02:26 PM
මහන්සියෙන් උපයාගත් ඩොලර් හෝ වේවා වෙනත් විදේශ මුදල් හෝ වේවා දැනදැනම හොරුන් මාර්ගයෙන් කවුරුත් යවන්නේ නැහැ... අනික මේ කබ්රාල්ට මොන බලයක්ද තියන්නේ මෙහෙම ගිණුම් වහන්න...? හැබැයි මතක තියාගන්න මේ කබ්රාල්, පී බී ජයසුන්දරලා වගේ අපේ විදේශගතවූ ලාංකික ශ්‍රමිකයින් රටට බරක් නොවේ...
fairoos Sunday, 05 December 2021 02:50 PM
සර් ෆේල්, කවුරුත් පිටරට ඉඳලා සල්ලි එවන්න එපා...
ඇන්තනි Sunday, 05 December 2021 04:12 PM
විදෙස්ගත ලාංකිකයිනි, අත්‍යාවශ්‍ය කරුණකට හැර නිසි වෙළෙඳපළ වටිනාකම ලැබෙනතුරු ඔබගේ ඩොලර් ලංකාවට යවන්න එපා. මේ මහබැංකු තක්කඩීන්ට පාඩමක් උගන්වමු...
ජයන්ත මිලානො Sunday, 05 December 2021 04:39 PM
මමත් මුදල් යැවීම නතර කළා. රටකන, විකුණන දේශපාලකයින්ට උඩගෙඩි දෙන්නේ කුමටද?
අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Sunday, 05 December 2021 05:17 PM
ඔයාලා කියන්නේ අපි මෙහේ දුක් විඳලා විඳවලා හම්බ කරන සල්ලි ලංකාවේ ඇමැතිකම් අරගෙන ඉන්න මන්ත්රීකන් අරගෙන ඉන්න අයට ඒ අයගේ කොන්ද පණ නැති නිසා මොවුන්ට යන්න බැරි නිසා වාහන ගන්න එවන්න කියලාද? අපි ආයේ රැවටෙන් නෑ. රැවටුනා හොඳටම ඇති.. ඔය දෙගොල්ලන්ම එකයි කරපු තරමක් කලේ රට විනාශ කරපු එක විතරයි...
Lalith M Sunday, 05 December 2021 06:08 PM
ලොකු පඩියට වැඩ කළාට මැදපෙරදිග ඉන්න බෝහෝ අය අඩු පඩියට වැඩ කරන අය. ඒ සොච්චම ජාත්‍යාලය වෙනුවෙන් පූජා කරන්න නම් ලොක්කෝ ආදර්ශය දෙන්න ඕන රටේ සල්ලි වලින් ලොකු පඩි සූරා නොගෙන...
kapila Sunday, 05 December 2021 06:38 PM
රජය තමන්ගේ වියදම් කපා හැර, මුදල් නාස්ති කිරීම් අඩුකර යම් ආදර්ශයක් ඇති කළොත් විදේශ සම්ප්‍රේෂණ ලැබෙයි. උදාහරණයක් හැටියට මේ අවස්ථාවේදී ඇමති මණ්ඩලය අඩුකර රාජ්‍ය වියදම් අඩු කර ගත හැකිය.
සුසන්ත Sunday, 05 December 2021 06:44 PM
මේ විදිහට සද්දෙ දාලා එන ටිකත් නැති කරගන්නයි හදන්නේ... කට්ටිය සල්ලි නොදා ඉඳලා එන දවසක අරන් ඇවිත් කළු කඩෙන් මාරු කරයි.. කබ්රාල් මහත්තයා අපි ඉන්න තැන හිටියා නම් එයත් දායි වැඩියෙන් දෙන තැනින්... කව්ද කැමති වැඩි වටිනාකමක් තියන දෙයක් අඩුවට දෙන්න... හොඳම දේ ඩොලර් එකට රු20ක් වැඩිපුර දුන්නා නම් ඕන කෙනෙක් දායි මහත්තයෝ.. මේ අපේ දාඩිය කදුළු මිසක් නුඹලාගේ බූදලයක් නෙවෙයි.
Kumara Sunday, 05 December 2021 06:48 PM
මම පොඩිකාලේත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්... හතලිස් වසරකට පසුත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්... මම පොඩිකාලේ පාර්ලිමේන්තුවේ හිටපු හිස්ගෙඩි තමයි තාම ඉන්නේ.. එතකොට මේ හිස්ගෙඩි වල KPI එක කෝ? අපි පිටරට ඇවිල්ලා උපන් රටට බරක් නොවී ජීවත් වෙනවා. මැති ඇමති , ආහාරපාන ,යානවාහන ,ගෙවල් , වැටුප්, විශ්‍රාම, ආරක්ෂාව, මෙකී නොකී දේවල් සහ පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා නඩත්තු කරමින් ළඟා කරගත් ප්‍රතිඵලය කුමක්ද? එබැවින් මේ සඳහා අති විශාල මුදලක් දැරීමට පිටරට ඉන්න අපි මුදල් දෙන එක හරිද? පළමුව මෙතැනින් පටන් ගන්න. හිස් ගෙඩි ටික අඩුකරන්න.. පාර්ලිමේන්තුව ඔන්ලයින් කරන්න හරි ට්‍රැක් එකට ගත්තාම වැඩිපුර මුදල් එවන්නම්...
de silva Monday, 06 December 2021 01:03 PM
මිනිස්සු කබ්රාල් හිතන තරම් මෝඩ නැහැ.
Herath Monday, 06 December 2021 06:28 PM
මගේ අදහස විදෙස් ශ්‍රමිකයින්ගේ ලොකු බලාපොරොත්තුවක් තමා වාහනයක් ගැනීම රටට ආර්ථික දායකත්වයක් නැති වෘත්තිකයන්ට පර්මිට් දෙන වෙලේ විදේශ ශ්‍රමිකයන්ට අවුරුදු අටක් පැරණි ජපන් වාහනයක් තමාගේ නමට ගැනීමට ලංකා බැංකුව මහජන බැංකු හරහා යම් ක්‍රමවේදයක් සකස් වුවහොත් රටට අවශ්‍ය විදේශ විනිමය කෙටිකාලීන සහ දිගුකාලීනව ලබාගත හැකියි මිනිස්සු බය කරලා මුදල් ගැනීමට යාම තුළින් පෙන්නුම් කරන්නේ ඔබත් ප්‍රබල ආර්ථික ඝාතකයකු බවයි
Herath Monday, 06 December 2021 06:36 PM
ඩොලර් හිගයට හොඳම විසඳුම හැම විදේශගත ශ්‍රමිකයෙක්ම වාහනයක් ගැනීමට කැමතියි. රටට ආර්ථික දායකත්වයක් නැති අයට වාහන බලපත්‍ර දෙන වෙලේ විදේශගත ශ්‍රමිකයින්ට අවුරුදු අටක් පැරණි ජපන් වාහනයක් ගැනීමට ලංකා බැංකුව මහජන බැංකුව හරහා යම් ක්‍රමවේදයක් සැකසුවහොත් ඩොලර් ඉතා ඉක්මනින් ලැබේවි. බලහත්කාරයෙන් මුදල් එකතු කිරීමට යාම තවත් ආර්ථික ඝාතන ක්‍රියාවලියක් පමණි