(ප්‍රියන්ත දසනායක)
මාපියන්ට සලකා තමාගේ සිහින ලෝකය ගොඩනඟා ගැනීමට සරිලන රැකියාව සොයා ගැනීමට නොහැකි බවට ලිපියක් ලියා තබා අකුරැස්ස පරදුවවේ 29 හැවිරිදි තරුණයකුගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව අකුරැස්ස පොලිසිය කියයි.
විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට වෙරදැරු මෙම තරුණයාගේ සිරුරු වහළයේ එල්ලෙමින් තිබියදි නැදෑහිතවතුන් ඔහු අකුරැස්ස රෝහලට රැගෙන ගොස් තිබූ අතර රෝහලට යන විටින් මියගොස් තිබූ බබත් වෛද්‍යවරු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ තරුණයෙකි. පසුගියදා පෙදරේරුවකුගේ අත්උදව්වට ගොස් තිබුණේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමටය. කොරියන් විභාගයෙන් ලකුණු 5ක් අහිමි වීමේ නිසා සිත්තැවුලෙන් සිටි බවට තොරතුරු ලැබුණු බව පොලීසිය සදහන් කරති.
දරු තිදෙනාගෙන් වැඩිමහල් පුතු වන කසුන් අංජන පවුලේ බර කර මත තබා ගෙන සිය සිත් පරිදි මාපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි මව පැවැසුවාය.
සිය බාල සොහොයුර භාණ්ඩ බෙදාහැරින ස්ථානයක තාවකාලික රැකියාවක යෙදෙන අතර බාල සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටිනා බවයි ඔවුහු පවසති.
සිය බාලම සොහොයුරා සමග දහවල් බනිස් ගෙඩියකින් බඩ පුරවාගෙන මල්ලි පන්ති ගිය බව ද පවුලේ ඥාතීහු කියති.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ රැකිය සිහිනය බොඳවූ තරුණයාගේ සිරුර නිදන කාමරයේ
Asangi Thursday, 12 January 2023 08:02 AM
හරිම දුකයි .අපේ තරුණ පරම්පරාව විඳින දුක් දැක්කම .රාජපක්ෂලාට දැන් සැප ඇති
Lal Thursday, 12 January 2023 08:36 AM
මෝඩ වැඩක්
ලුම්බිණි Thursday, 12 January 2023 09:07 AM
අපේ රට පාලනය කරන උන්ට මේක කිසිම ගානක් නැහැ. ඇත්තටම හරිම දුකයි.
sharm warn Thursday, 12 January 2023 10:05 AM
කොලඹ කානිවල් දාල වසන් කරන්න හදන ලන්කාවෙ තරුණ පරපුරේ ඛෙදවාචකය.. නාකි මල පෙරේතයන්ට රටම පිදේනි තටුවක තියලා දුන්න එකේ විපාක යන දුර තමයි මෙ.. දෙමව්පියනි, ඔබෙ චන්දය දෙන විට ඔබෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතන්න.. චන්දෙ ඉල්ලන උන්ගෙ සහ උන්ගෙ පක්ශ වල අනාගතය වෙනුවෙන් ඔබෙ ආත්මය පාවා නොදෙදෙ.. .
අප්පුහාමි Thursday, 12 January 2023 10:11 AM
මෙහෙම දේවල් වෙන්නෙ ලංකාවෙ පවතින අධ්‍යාපන ක්රමයේ දුර්වලතා නිසා කියලා හිතෙනවා මොකද බලන්න අපි අපේ දරුවො කොහොම හරි පාසලකට ඇතුළත් කරන්නෙ කොපමණ බොරුබේගල් කරලද.පළමු වසරට ඇතුළත් කරන්න ඉල්ලීම කර ශිෂ්‍යත්ව දක්වා යනවා සමත්වුනොත් තවත් ඉල්ලුම් පත්‍රයක් දමා නැවතත් ඇතුළත් වීමට (සිටි පාසැලටත්) ගාස්තු ගෙවල යනවා සාමාන්‍ය පෙළ සමත්වෙලා නැවතත් ඉල්ලීම් කර ගාස්තු ගෙවල උසස් පෙළ සදහා ඇතුළත් වෙනවා උසස් පෙළ අය නැවතත් ඉල්ලුම් කර විශ්ව විධ්යාලවල අධ්‍යාපනයට යනවා ඇත්තටම මේ විකාර' මොනවාද සමහර දියුණු රටවල් දරුවො පාසැලට ඇතුළත් වුනාට පස්සෙ අදාල විභාගයට අවුරුදු 16 දී පෙනී සිට ගන්න ලකුණු අනුව එක් එක් විශ්ව විද්‍යාල සදහා රජය මගින්ම යොමුකිරීම කරනවා කියනවා( ලකුණු සියයෙන් අනූවක් ගතහොත් වයිද්ය විද්‍යාලය වගේ දෙනවා) ඒ අනුව සෑම කෙනෙකුටම කුමක් හෝ රැකියා පුහුණුවක් ලැබෙනවා අපේ රටෙත් එහෙම වුනාම කොපමණ හොදයිද .ඇයි ලංකාවට එහෙම කරන්න බැරි .නුවනැත්තෝ සිටීනම් සිතත්වා
nadeera Thursday, 12 January 2023 10:28 AM
මතු උපදින ආත්මෙකදි හෝ ඔබගේ බලාපොරොත්තු ඉටුකර ගත හැකි රටක ඉපදේවි මල්ලි.......!!!!
JagathS Thursday, 12 January 2023 11:25 AM
රාජපක්ශ පුතුන් සැපසේ වෙසෙනවා ආතල් ගන්නවා . උන් කෑ රටේ තරුණ පරම්පරාවට බෙල්ලෙ වැල දාගන්න සිද්ධ වෙලා තියෙන්නෙ.
CC Thursday, 12 January 2023 11:56 AM
අපේ මේ සුන්දර මාතෘභූමිය තුළ උපදින්න සුවිශේෂි පුන්‍යවන්ත කමක් තිබිය යුතුයි. එවන් උතුම් රටක් දූෂිත,අදූරදර්ශී,උද්ධච්ච දේශපාලකයන් මිහිපිට අපායක් කර ඇත. මොවුන්ගෙන් මිදෙනතුරු මෙවැනි අහින්සක තරුණ තරුණියන්ට මෙයට වඩා අත්වන ඉරණමක් නම් නැත.
fairoos Thursday, 12 January 2023 01:03 PM
ඉතාම කනගාටුයි .මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු විනාශයේ ප්‍රතිපල
Anonymus Thursday, 12 January 2023 01:19 PM
ඉතාමත් කණගාටුදායක සිදුවීමක් නිවන් සුව. මේක ශ්‍රී ලාංකිකයන් ගොඩක් බලන නිසා මම මේ ප්රශ්නය අහන්නේ ඔයාල හැමෝගෙන්ම, මේ කාලකන්නි දේශපනකයන්ගෙන් රට බේරගන්න අවශ්‍ය බව අපි හැමෝම දන්නවා එත් චන්දයකදී අපේක්ෂකයෝ විදියට අපි හැමදාම දකින්නේ මේ නාකි ටික හරි උන්ගේ පවුල් වල අය හරි. අපේ සමහර මිනිස්සු තාමත් මුන්ට කඩේ යනවා පුද්ගලික වාසි බලාගෙන. බුද්ධිමත්, රට හදන්න ඕන මනුස්සයෙක් චන්දෙ ඉල්ලනවා දැකලම නෑ ඇත්තටම. අපි එකට මොකද කරන්න ඕන. කොහොමද හරි මිනිස්සු ටිකක් ගේන්නේ.
අසාධාරණ Thursday, 12 January 2023 02:15 PM
අපි ඔක්කොමලා හමුවී මැතිවරණ අවස්ථාවල ඡන්ද හිගාකෑම සදහා අපේක්ෂකයො හා උන්ට රැකවරණය දෙන ස්වාධීන කණ්ඩායම් ලෙසට උදර පෝෂණය සදහා අපේක්ෂකත්වය ලැබූ හෙංචයියො (කැන්වසින් ) ගෙවල්වලට එනවානේ එහෙම එන අයගෙන් පක්ෂයේ /සංධානයේ /කණ්ඩායමේ රට හදන සැලසුම් ඇති ප්‍රතිපත්ති පකාශයේ පිටපතක් ගේන්න කියමුකෝ එය මැතිවරණයට පෙර කියවීමට කාලයක් නැත්නම් හෝ එම ප්‍රතිපත්ති රටට අහිතකර වේවි කියලා හිතෙනවා නම් සියල්ලම ප්‍රතික්ෂේප කරමු පුද්ගලික ප්‍රතිපත්ති ඉවත දමමු පුද්ගලයා ගැන සැලකීම නවතා රට හැදීම සදහා හැකියාව දක්ෂතා ඇති දෑහිතකාමීන් පිරිසක් තෝරා ගනිමු මෙවැනි ජීවිත හානි නොමැති රටක් සදහා ඉදිරිපත් වෙමු මියගිය අසරණයාට නිවන්සැප ලැබේවා !!!
lankasriThursday, 12 January 2023 02:54 PM
මම නම් කියන්නෙ මේ ගොල්ලො චන්දේ හොර කරනවා කියලයි. මිනිස්සු මෝඩයි උන්ටමයි දෙන්නෙ කිව්වට මිනිස්සු මෝඩ නැහැ. මේකේ ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා. චන්දේ පරිගනක දත්තවලින් ගේම දෙන බවයි මගෙ හැගීම. විදිවතුන් මේ ගැන හොයා බැලිය යුතුයි. මේක හොයන්න ලෙසිත් නැහැ. මේ දෙගොල්ලොම කම්බා හොරු මුන් චන්දෙට විතරක් ගේම නොදී ඉන්න විදිහක් නැහැ. මේ නිසා තමයි රට කැකෑරි කැකෑරි එක තැන පල් වෙන්නේ. උන්ටයි මුන්ටයි බෝලේ පාස් වෙනවා විතරයි රටට සෙතක් නැහැ. අරගල අවශ්‍ය නැහැ එක අතකට මහජනයා එකතු වෙලා ප්‍රසිද්ධියේම සියලු දෙනාගෙ කැමැත්තෙන් නායකයෙක් පත් කරගෙන ඒ වටා රට වෙනස් කරන්න හැකි ශක්තිමත් අති දක්ශයින් වලල්ලක් සකසා ගෙන එම නායකයා චන්දෙට ඉදිරිපත් කරගන්න විදිහක් සකසා ගැනීමයි වැදගත් වන්නේ.
kim Thursday, 12 January 2023 03:09 PM
මෙහෙම වෙන්නේ විශාදය නිසා. අපේ අධ්‍යාපන ක්රමයේ මානසික සෞඛ්‍යයට තැනක් නෑ. ඇත්තටම බුදුදහම නිවැරැදිව උගන්වනවා නම් සහ පිළිපදිනවා නම් මැරෙන්න හිතන්නේ නෑ. මොකද බාහිර කරදරකාරි හේතු නිසා අපි විඳවන්න හිතන්නේ නෑ. කොපමන දුක් ආවත් සැහැල්ලු මනසින් ඒවා දරාගන්න පුරුදුවෙනවා සහ ධෛර්යයෙන් ජීවිතය ඉදිරියට අරගෙන යන්න හිතනවා.
sampath Thursday, 12 January 2023 05:57 PM
තරුනයන් සුරංගනා ලෝකවල ඉන්නව අවශ්‍ය දේවල් නොවේ ඉගෙන ගන්නෙ අනෙක රට යන්න ඔනෙ නම් එ රට්වල් වලට අවශ්‍ය දැනුමයි හදාගන්න ඔනෙ බෞද්ධ සන්ස්කෘතිය දේශපාලන විද්‍යව සිංහල වගෙ දේවල් ඉගෙනගත්තට රට රැකියා වලට ගන්නෙ නෑ ,විදේශ භාශාවක් උදා- හින්දි, කොරියන්, ඉංග්ලිෂ් වගෙ දෙයක් මුලික්වම ඔනෙ. ඊට අම්තරව රුප්ලාවන්ය ,හොටෙල්, වෙල්ඩින් වගෙ කෙෂේත්ර වල හොද නිපුනතාවයක් ගන්න ඔනෙ.
W.k raduni rajika Sunday, 15 January 2023 08:57 AM
මේ වගේ රටක ඔහොම වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද හොඳට ඉගෙන ගත්තත් කරන් ජොබ් එකක් නැහැ.