වාර්තා වන ආකාරයට මේ වර්ෂයේදී උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන් විදේශගත වීම 90% කින් පමණ අඩු වී ඇති අතර දේශීය වශයෙන් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇති ඉල්ලුම ද විශාල වශයෙන් පහළ ගොස් ඇත.
“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් ආර්ථික අසීරුතා නිසා අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ වගකීම නිතැතින්ම පැවරෙන්නේ අපට බවත් පර්යේෂණ විශ්වවිද්‍යාලයේ ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රන්ජිත් රූබසිංහ මහතා පැවසීය. SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය වශයෙන් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමටත් ශ්‍රී ලාංකික සිසුන්ගේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අපේක්ෂාව ඒ අයුරින්ම සඵල කිරීමටත් අපට හැකියාව තිබෙන බව ද රූබසිංහ මහතා පැවසීය.
SLTC පර්යේෂණ විශ්විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ Deakin" James Cook සහ RMIT විශ්වවිද්‍යාල, නවසීලන්තයේ Auckland සහ Lincoln විශ්වවිද්‍යාල සහ එක්සත් රාජධානියේ Lancaster යන විශ්වවිද්‍යාල සමඟ අධ්‍යයන හවුල්කාරීත්වයන් පවත්වා ගෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මේ සියලු විශ්වවිද්‍යාල SLTCපර්යේෂණ විශ්විද්‍යාලය වෙතින් ලබා දෙන අධ්‍යාපනයෙහි ගුණාත්මක බව අතින් තමන් හා සම තත්ත්වයේ ලා සැලකීමයි. එම නිසා ශ්‍රී ලංකාවේ සිටSLTC හරහා උපාධියේ පළමු වසර දෙක සම්පූර්ණ කරන සිසුන් හට තමන්ගේ කැමැත්ත පරිදි එක්සත් රාජධානියේ, නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ අදාළ විශ්වවිද්‍යාලයේ සිට උපාධියේ අවසන් වසර සම්පූර්ණ කිරීම සඳහා ඉතා පහසුවෙන් අදාළ රටට සංක්‍රමණය වීමට හැකියාව හිමි වේ.
SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය වර්තමානයේ දී සිසුන් මුහුණ දෙන අසීරුතා සලකා බලා සිය ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර කළමනාකරණ, තාක්ෂණ හා සංගීත පීඨවල උපාධි පාඨමාලා සඳහා සියයට 20 ක් දක්වා විශාල මිල අඩු කිරීම් හඳුන්වා දී ඇත.
මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් මෙම විශේෂ මිල අඩු කිරීම සිසුන් වෙත හිමි වන්නේ SLTC විසින් ලබා දෙනENTECH ශිෂ්‍යත්ව වැඩසටහන හරහා සිසුන් හට හිමි වන දැවැන්ත මූල්‍ය ශිෂ්‍යත්වවලට අමතරව වීමයි. ENTECH ශිෂ්‍යත්ව වැඩසටහන SLTC විසින් ආරම්භයේදීම හඳුන්වා දුන් ශිෂ්‍යත්ව වැඩ සටහනක් වන අතර ඒ යටතේ අ.පො.ස උසස් පෙළ හෝ ලන්ඩන් උසස් පෙළ විභාගයේ දී ලබා ගන්නා A සාමාර්ථ වෙනුවෙන් සම්පූර්ණ ගාස්තුවෙන් සියයට 60 ක් දක්වා මිල අඩු කිරීමක් ලබා ලබා ගැනීමට සිසුන්ට හැකි වේ.
“මෙය ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන අගනාම අවස්ථාවක්. එක් අතකට SLTC නිසා සිසුන්ට සැබෑ වියදමින් අඩකට පමණ ජාත්‍යන්තර උපාධියක් ලබා ගැනීමට හැකි වෙනවා. අනෙක් අතට විදේශ රටක අධ්‍යාපනය ලැබීමේ ඔවුන්ගේ සිහිනයත් සැබෑ කරගැනීමට හැකියාව ලැබෙනවා” යැයි මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් රූබසිංහ මහතා පැවසීය.
SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය වර්තමානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද උපාධි පාඨමාලා 25 ක් ලබා දෙන අතර එය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් විසින් ලබා දෙනු ලබන වැඩිම පාඨමාලා ගණන වශයෙන් සටහන් වේ. එමෙන්මSLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විශ්වවිද්‍යාලය හා දකුණු ආසියාවේ හොඳම නව්‍යකරණ විශ්වවිද්‍යාලය වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත.
595
සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදෙස් අධ්‍යාපන වරම් අහිමි වූ සිසුන්ටSLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ විසඳුම්
Nisha Wednesday, 26 October 2022 07:50 PM
සංවර්ධිත රටක් වන්නට ගතවන කාලය සම්පූර්ණ කළ හැකි යැයි විශ්වාස කරන දුප්පත් සිසුන් නොමඟ මෙයින් යවයි. පාඨමාලා ගාස්තුව ශ්‍රී ලංකාවේ වියදම් කිරීමට ඇති මුදලට වඩා 10 ක් වැඩි වනු ඇත. එසේම IELTS සහ අනුග්‍රාහකත්ව අවශ්‍යතා ඉතා වැදගත් වේ.