(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 3 දෙනෙක් සහ තානාපතිවරු 7 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (30) සිය අක්ත පත්‍ර බාර දුන්හ.
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරු ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව සඳහා නව තානාපතිවරු ද මෙලෙස පත්ව සිටිති.
අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.
01. ආචාර්ය රොජර් ගෝපෝල් මහතා (Dr. Roger Gopaul) ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස්
02. එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් (Eligio Alberto Salas De Leon) පැනමා ජනරජයේ තානාපති
03. ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් මහතා (Mr. Didier Vanderhasselt) බෙල්ජියම් රාජධානියේ තානාපති
04. මහාචාර්ය ජොයිස් කේ කිකාෆුන්ඩා මිය (Prof. (Ms.) Joyce K. Kikafunda) උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්
05. දිමිත්‍රියස් ලොනව් මහතා (Mr. Dimitrios Ioannou) හෙලනික් ජනරජයේ තානාපති
06. ආචාර්ය බාසාම් අල්-කතිබ් (Dr. Bassam Al-Khatib) සිරියානු අරාබි ජනරජයේ තානාපති
07. ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් මහතා (Mr. Javier Manuel Paulinich Velarde) පේරු ජනරජයේ තානාපති
08. ලී මියොන් මහත්මිය (Ms. Lee Miyon) කොරියානු ජනරජයේ තානාපති
09. ඉස්ට්වාන් සැබො මහතා (Mr. István Szabó)හංගේරියාවේ තානාපති
10. ලලාටියානා ඇකෝචේ මහත්මිය (Mrs. Lalatiana Accouche) සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 10 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති
chandima Saturday, 01 July 2023 08:48 AM
කොළඹ වැඩකරපු කට්ටිය කලවංචිකුඩියට මාරු කළාම දැනෙන වේදනාව දැනෙනවා ඇති ඒ උත්තමයින්ට...