(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කෑගල්ල දැඩිගම විදුහලක විදුහල්පතිවරයකු දහවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ මුහුණ සිප ගත් බවට එම සිසුවාගේ මව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විදුහල්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දහවෙනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා සිගරැට් පානය කරපැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත සිගරට් ගඳ වාහනයවන්නේ දැයි යන්න සොයා බැලීමට එසේ කළ බව විදුහල්පතිවරයා පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
සිසුවා සිගරට් පානය කරනොමැති බව එම පරීක්ෂාවේ දී අනාවරණය වූ බව ද විදුහල්පතිවරයා පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.
එසේ නොමැතිව වෙනත් අරමුණකින් මෙවැන්නක් නොකළ බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පොලිසියට පොලීසියට පවසා ඇති බවද කියති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුහල්පති සිසුවකුගේ මුහුණ සිපලා
fairoos Wednesday, 18 January 2023 04:34 PM
දෙයියෝ සාක්කි කිව්වලු.
චන්දන Wednesday, 18 January 2023 04:58 PM
මේ දෙමාපියන් කවදාවත් ළමයාට ආදරේ කරපු නැති බව පේනවා. ළමයා කුඩු කාරයෙක් වුණු දාට තේරෙයි රඟේ...
පිටිගල මිලානෝ Wednesday, 18 January 2023 05:01 PM
ළමයා සිගරට් බිව්වේ පාසලෙන් පිටදී නම් ඒ ගැන විදුහල්පතිවරයාට ඇති අමාරුව කුමක්ද…? අනවශ්‍ය දේවල් වැඩිපුරම කරන රට ලංකාවයි...
චතුරිWednesday, 18 January 2023 06:14 PM
ඇත්තටම මිලානෝ ඔයා පාසල් ගියාද? විනය ඇතුලු හැමදෙයක්ම පුරුදු කරන්නේ පාසලෙන්... දුම් බොන්නේ කොහොමද? එළියේ හෝ ඇතුලේ... විදුහල්පති. බලයක් නැතිනම් පාසලේ දරුවා ආරක්ෂා කරන්න. වෙන කව්ද ඉන්නේ...? මේ අහලා තියෙන ප්‍රශ්නෙ හරිම ගොන් කතාවක්. ඔයාගේ දරුවා පාසලෙන් එළියට ගිහින්. කුඩු ගැහව්වාට ප්‍රශ්නයක් නැත්ද? මේ වගෙ අදහස් තියෙන දෙමව්පියන් කොයිතරම් ඇත්ද? ඔය වගෙ එක කුඩ්ඩෙක් ඇති පාසලටත්, ගමටත්... කුඩු, සිගරට්... මේ සේරම එකයි. අපේ රටේ මී හරක් දේශපාලකයින් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි...
Shantha Qatar Wednesday, 18 January 2023 05:15 PM
මේවා නම් විකාර නඩු... මෙහෙ නම් මුණගැහෙන හැමවෙලාවකම අරාබි මිනිස්සු පිළිගන්නේ මුහුණ සිපලා. මේකෙන් වෙන්නේ ළමයාගේත්, වැඩිහිටියාගේත් නම කැතවෙන එක...
Bandara Wednesday, 18 January 2023 05:39 PM
ආදරේට පොඩි කිස් එකක් දෙන්න ඇති. වැරැදියටමයි හිතන්නේ...!
sidath Wednesday, 18 January 2023 06:02 PM
මේක නම් බොරුවක්...