IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


විදුහල්පතිගේ අවවාදය නොරිස්සූ අඹුසැමි යුවළ යකා නටලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ  විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ  විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව අද සවස කුරුණෑගල රෝහලට  ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි.

අඹුසැමි යුවලක් ්‍ විදුහලට පැමිණ එහි ගුරුවරියක් සමග කතා කතාබස් කරමින් සිටියදී පාසල් වේලාවේ කතා බස් නොකරන්නැයි විදුහල්පතිවරයා  අඹුසැමි යුවළට අවවාද කර අඹුසැමි යුවළ සමඟ කතා කතාබස් කරමින් සිටියේ යැයි කියන ගුරුවරියට ද පන්තියට ගොස් උගන්වන ලෙස දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ අවවාද කිරීමෙන් පසු කෝපයට පත් වූ බව කියන කාන්තාව විදුහල්පතිගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට දිගට හරහට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පහරදීම වැළැක්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාට කාන්තාවගේ සැමියා හෙල්මටයකින් පහර දී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඒ අවස්ථාවේ කාන්තාව පැළඳ සිටි රන් මාලය කැඩී බිම වැටී ඇති අතර විදුහල්පතිවරයා එම මාලය අහුලාගෙන  පොලිසියට බාරදී තිබේ.

එම කාන්තාවගේ සහෝදරියකගේ දරුවා එම පාසලේ ඉගෙනුම ලබන අතර එම දරුවාගේ මව විදෙස්ගතව සිටින බව කියති.

 



අදහස් (3)

විදුහල්පතිගේ අවවාදය නොරිස්සූ අඹුසැමි යුවළ යකා නටලා

සී ඒ පී Friday, 11 August 2023 11:08 PM

කටුස්සගේ කරේ රත්‍රන් බැන්දා වගේ අහංකාරයෙන් හිස උදුම්මාගත් විදුහල්පති කෙනෙක් කියන්න පුළුවන්... නැත්නම් දරුවන්ගේ දෙමාපියන් පංති භාර ගුරුවරු හමුවීම වරදක් ලෙස දකින්නේ නැහැ...

:       0       0

City Saturday, 12 August 2023 06:20 AM

අරගලවලින් පසු සිදුවූ බලපෑම්...!

:       0       0

Rata Perata Saturday, 12 August 2023 12:17 PM

ගැහැණු මිනිස්සුන්ට ගහනවා... මිනිස්සු ගැහැණුන්ට ගහනවා. මොවුන් දෙන්නා පැති මාරුවෙච්චි දෙබලක් වගේ... මෙහෙම හැසිරෙන්නේ සමහර විට ලෝකයේ පැරැණි රැකියාව කරන්න වෙන්න ඇති...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 4 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 147 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 303 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 324 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 1101 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1336 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 422 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site