IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


විධායක ජනාධිපති නැති කිරීමේ යෝජනාව තක්කඩිකමක්

(යොහාන් භාසුර)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදි එසේ පැවසීය.

එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවට කිසිලෙසක වංගු ගැසීමට ඉඩ තැබිය නොහැකි බව කී ඩලස් අලහප්පෙරුම මහතා වර්තමාන ජනාධිපතිවරයාගේ මාමාගේ පාලන කාලයේ පැවති ජනමත විචාරණය මෙරට ඉතිහාසායට කළු පැල්ලමක් එක්කළ අවස්ථාවක් බව ද සඳහන් කළේය.

එම ජනමත විචාරණය ඡන්ද මංකොල්ලයක් වූ අතර ජනාධිපති අපේක්‍ෂයෙක් පවා හොර ඡන්ද දැමුවේ යැයි චෝදනා කළ විදේශ තානාපතිවරු පවා එළවා දැමීමට කටයුතු කළ බවත් එවැනි පසුබිමක් ඇති නායකයන් ජනතාවට එක් පැත්තකින් හාස්‍යය අනෙක් පැත්තෙන් වේදනා සපයන බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.  

මෙම තත්වයෙන් ගැලවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ඉදිරියට යා යුතු බව කී අලහප්පෙරුම මහතා පැවසුවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිළිව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් සම්පූර්ණ වීමට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි සඳහන්ව ඇති බවත්ය.

වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය මෙම වසරේ නොවැම්බර් මස 19 වැනිදාට වසර 5 ක් සම්පූර්ණ වන බවත් ඒ අනුව ඔක්තෝබර් මස 18 වැනිදා වන විට නව ජනාධිපතිවරයෙක් පත්වී සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ආණ්ඩුවේ වැඩපිළිවෙළට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් සහ මධ්‍ය ලක්‍ෂය ගන්නා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට සිය පාර්ශවය කැමති බව කී ඒ මහතා අධිතක්සේරුවෙන් සිටින ඕනෑම විපක්‍ෂ බලවේගයකට පාකිස්තිනු මැතිවරණයේ ප්‍රතිඵලය හොඳම උදාහරණය බව ද සඳහන් කළේය.

මෙරට ජනතාව 2020 සිට 2022 දක්වා කාලය තුළ සිස්ටම් චේන්ජ් කිරීමට මැතිවරණයක් සහ අගලයක් හරහා උත්සහ දෙකක් කිරීමෙන් රටට අවාසි ගොඩක් ගෙන දුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (6)

විධායක ජනාධිපති නැති කිරීමේ යෝජනාව තක්කඩිකමක්

සාලිය​ Wednesday, 14 February 2024 05:32 PM

හැමදාම ඕක එපා කියන අය, දැන් ඕනෑ කියනවා නම් ඒක කුහකකම...

:       23       14

chandimaThursday, 15 February 2024 07:02 AM

වෙන පැත්තකට බලේ යන බව තේරුනාම ඕක මතක්වෙන එකත් කුහක කමක් නෙමේද ?

:       0       5

Saththaya Wednesday, 14 February 2024 10:25 PM

මෙච්චර කල් රට බංකොලොත් වෙනකල් හැම තක්කඩි වැඩකටම උදව් දීල දැන් සුදනෝ . හිරිකිතයි අහන්න, හැමදෙනේකුගේම පිස්සු කතා .

:       0       3

siri Thursday, 15 February 2024 06:43 AM

මොන උප්පරවැට්ටි දැම්මත් ජනමතයක් නෙමෙයි මොකක් ආවත් ජනතාව එය පරාද කරනවා .ජනතාවට දීපු පීඩාව අමතක වෙන්නේ නෑ

:       2       2

Lalla Thursday, 15 February 2024 08:35 AM

ඔය කවූරුත් බලය නැති කල අහෝසිකර දාන්න කැමති බලයට ආ පසුව ඉන්න කැමති තනතුර. දූෂිත දේශපාලන සම්ප්‍රදාය නැතිකෙනෙක් බලයට ආපු දිනක විධායක ජනාධිපතිධූරය අහෝසි වෙයි. එතෙක් අපිට කාගේ පිහිටද?

:       1       2

Gamini Thursday, 15 February 2024 09:21 AM

අපේ අතැම් දේශපාලකයෝ උතුරු ඡන්ද බලාගෙන එහෙට ගිහින් එකක් කියනවා. ඡන්ද කිට්ටු වෙන කොට රට ගැන නෙවෙයි තමන්ගේ බලය ගැන හිතලා ව්‍යවස්ථා සංශෝධන ගේනවා. සමහරු එහෙට මෙහෙට පනිනවා. අද බනින කෙනාට හෙට හොද කියනවා බලය වෙනුවෙන්. අහිංසක දුප්පත් ඡන්ද දායකයෝ රැවටෙනවා. අරුම පුදුම දේශපාලකයෝ ඉන්න රටක් අපේ රට

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 602 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1158 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1723 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 430 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1151 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site