(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු ඇතුළු වන අලින් හත් දෙනෙකු ගම් වැදීම නිසා ගම්මුන් දැඩි භීතියට පත්ව සිටිති.
මෙම අලි රංචුව ගම්මානයේ අතරමංව තැන තැන ඇවිදිමින් බව භෝග විනාශ කරමින් තිබෙන බවත් ඊයේ (24 ) ගම්මාන දෙකක පුද්ගලයන් දෙදෙනෙකුට මෙම එක වන අලියකු විසින් පහරදී දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
පුද්ගලයෙක් නිවසක් ඉදිරිපිට බුදුන් වැඳීම සඳහා මල්කඩමින් සිටියදී එකවරම කඩාපැන්න වන අලියා පහරදී ඇතැයි පිබිදෙනුගම වනජීවී නිලධාරීහු පවසති.
අනෙක් තැනැත්තා වනජීවී නිලධාරින් දැඩි රැකවල් මත වන අලින් පන්නා දැමීමේ මෙහෙයුමක නිරතව සිටින අවස්ථාවේදී වනජීවී නිලධාරීන්ට සහ මෙහෙයුමේ නිලධාරීන්ට හොර රහසේ වෙනත් පාරකින් ගොස් වන අලියාගේ ඡායාරූප ගැනීමට උත්සාහ කෙරෙන අවස්ථාවේදී වන අලියා විසින් පහර දී ඇතැයි වනජීවී නිලධාරීහු පෙන්වා දෙති
මෙම ගම්මාන වල අතරමංව සිටින වන අලින් රංචුව තලකිරියාගම මහා විද්‍යාලයට ඇතුළු වී තිබෙන බවත් රාත්‍රී කාලයේ විද්‍යාලයේ භූමියේ සැරිසරන අයුරු එහි සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මීට පෙර මෙම ගම්මාන වලට වන අලි බියක් කිසිදු දවසක නොතිබූ බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ එහි භයානකකම ගම්මුන්ට දැනෙන බවය.දින කිහිපයක සිට දරුවන් සහ ගම්මානයේ පිරිස නිදිවරාගෙන දැඩි භීතියකින් පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
වන අලින් රංචුව පාසල් භූමියේ සැරිසරන දුටු දරුවන් පාසල් යැවීමට දෙමවුපියන් දැඩි බියට පත්ව සිටින බවත් දරුවන්ද පාසල් යෑමට අකමැත්තක් දක්වන බව දෙමව්පියෝ පෙන්වා දෙති.
පිබිදුනුගම ජීවී කාර්යාලයේ නිලධාරීන් සහ දඹුල්ල පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව මෙම වන අලින් රංචුව පලවා හැරීම සඳහා ඊයෙ( 24 ) රාත්‍රියේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කොට තිබිණි.
වන අලින් පන්වා දැමීම මෙදින සිදු කිර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොවන බවත් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් ලබා දෙන උපදෙස් පිළිපැදීමකින් තොරවන අලින් ආසන්නයට ගැවසීම නිසාවෙන් එම කටයුත්ත අසාර්ථකවන බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම වන අලින් ප්‍රදේශයේ එළවළු සහ අනෙකුත් වගාවන්ද රැසක් මෙවන විට විනාශ කර දමා තිබෙන බවය.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා
sugath Friday, 25 October 2024 02:31 PM
කොළඹ ඉන්න අපිට නම් ඔය වල් අලි ප්‍රශ්න නැහැනේ...!