(අංජුල මහික වීරරත්න)
පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ "සුරංගි" ඇතින්නට උපන් නිවුන් පැටවුන් දෙදෙනා බලන්නට වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය.
"සුරංගි"ගේ පැටවුන් දෙදෙනා “සජ්ජන” සහ “දිසා” ලෙස නම් තබා තිබේ.
අලුතින් පැටවකු උපන් විට ඌ අලි පැටවකු ද ඇත් පැටවකු දැයි කුඩා අවදියේම නිශ්චය කළ හැකි බව වනජීවී නිලධාරියෙක් එහිදී අමාත්‍යවරයාට පැවසීය.
අලියෙක් නම් කුඩා කාලයේ ම මව් ඇතින්නගේ පියවුර හිසෙන් තෙරපමින් කිරි උරන බවත් ඇත් පැටවකු නම් කිසි විටෙක මව් ඇතින්නගේ පියයුරු තෙරපමින් කිරි උරන්නේ නැති බවත් වනජීවී නිලධරයා පැහැදිලි කළේය. තමන්ගේ මුඛයේ ඇති දළ මව් ඇතින්නට ඇනේවි යැයි බිය නිසා එසේ කරන බවද වන ජීවී නිලධරයා පැවසීය.
"සුරංගි" ගේ පැටවුන් දෙදෙනා ඇත් පැටවුන් හෝ අලි පැටවුන් යැයි නිවැරදිව කීමට තවම පොඩි වැඩි යැයිද වන ජීවී නිලධරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවසීය.
කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව "සුරංගි" සහ පැටවුන් බලන්නට එහි ගියේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන නිලධරයාගෙන් වන ඇමතිට අලි ගැන පාඩමක්
ගමේ එකාලා Wednesday, 28 September 2022 02:49 PM
සාමාන්‍ය දේවල් ගැන දැනුමක් නැති උනාට හොරකම් වන්චා දූෂණ බොරුව කපටි කෛරාටිකකම් අතින් නම් සුපිරි මොළයක් තියෙන්නේ ?
nima Wednesday, 28 September 2022 03:52 PM
අර ඇමැතිගේ පිටිපස්සෙන් කොළපාට ඇඳගෙන, අත දික්කරගෙන ඉන්න කෙනා බයේ වගේ ඇමැති වැටෙයි කියලා... පුදුම ආදරයක්...
APerera Wednesday, 28 September 2022 09:35 PM
ඇමතියො දන්න දේවල් වලට වඩා, නොදන්න දේවල් ඉතා, ඉතා, ඉතාමත් වැඩියි.