(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.
ඔවුහු පිටබැද්දර මෙදේරිපිටිය පාසලෙන් මාරු වී යෑමේ උත්සවයෙදී ලද තෑගිද රැගෙන සිය සැමියා සමග මාකදුර නිවස දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර පිටබැද්දර ව්‍යාපාරිකයකු තම සුඛෝපභෝගී වෑන් රථයෙන් අකුරැස්ස දෙස සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබී ඇති අතර වෑන් රථය ඔවුහු යටකරගෙන ගොස් අසල පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය කීය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති මාකදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති බවත් පොලීසිය කීය.
සැකකාර ව්‍යාපරික රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණි.
මියගිය භාග්‍යා ගැබිණියක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෑන් මාරයාට තරුණ යුවළ බිලි
Kamal Wednesday, 25 September 2024 09:46 PM
පාරේ නීතිය අවනීතිය වෙලා තියෙන්නේ. ඊට අමතරව අපේ රටේ පාරවල් වලට සම්බන්ධයෙන් සම්මත වෙච්චි ප්‍රතිපත්තියක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පාරවල් හදලා තියෙන්නේ වාහන පුමුඛ කරගෙන මිසක් පදිකයින් පුමුඛ කරගෙන නෙමෙයි. හුඟාක් පාරවල්, පාලම් වගේ දේවල් සැලසුම් කරලා හදලා තියෙන්නේ මාරාන්තික රිය අනතුරු වලට අතවනන විදිහට. බොරු නම් ළඟදී කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය ඉහළින් හදපු ගුවන් පාලම් දෙකේ ගිහිල්ලා බලන්න. ළඟදීම ඒ හදපු විදිහටයි.. අපේ මිනිස්සු යන වේගයයි එක්ක මාරාන්තික රිය අනතුරක් ලඟදීම වෙනවා...
Ugitha Thursday, 26 September 2024 08:11 AM
ජීවිතාන්තය දක්වාම එයාගේ රියදුරු බලපත් අවලංගු කරන්න..!
Udhuli Thursday, 26 September 2024 08:19 AM
ඔබ දෙපලට නිවන්සුව අත්වේවා. නිවන්දක්නා තුරු මෙවන් ශෝචනීය මරණයකට ගොදුරු නොමවේවා..!
Nimal 1 Thursday, 26 September 2024 10:58 AM
සිදුවී තිබෙන්නේ නම් දැරිය නොහැකි විපතකි... පොලිසිය දැන්වත් හිරියට නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...