(අංජුල මහික වීරරත්න)
සිංහරාජය ඇතුළු වනාන්තර විනාශයට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වනාන්තර විනාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ පරිසරය සම්බන්ධව ක්‍රියා කරන්න සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට දැනුම් දීමට ද එක්සත් ජාතික පක්ෂය අදහස් කර සිටින බවද වික්‍රමසිංහ මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය එළි දැක්වීම වෙනුවෙන් නුගේගොඩ පැවැති තරුණ හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි
වන විනාශය පිළිබඳ ප්‍රශ්නය දේශපාලනීකරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතය නොවේ යැයි කී වික්‍රමසිංහ මහතා මෙි ගැටලුව පක්ෂවල ප්‍රතිරූපය ගොඩනගා ගන්නට පාවිච්චි කළ යුතු මාතෘකාවක් ද නොවන අතර වන විනාශයට එරෙහිව මූලික වැඩ කටයුතු කළ යුත්තේත් ඉදිරියට පැමිණිය යුත්තේත් රටේ ජනතාව බව කීය.
වන විනාශය නතර කොට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා හැකි උපරිම අයුරින් ජනතාවට සහයෝගය ලබාදීම දේශපාලන පක්ෂ වල යුතුකම බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
වනාන්තර ආරක්ෂා කිරීම සඳහා පනත අනුමත කළ ජේ.ආර් රජයේ 1988 කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයෙක් ලෙස මේ පිළිබඳව කතා කිරීමට තමාට විශේෂ අයිතියක් තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වන විනාශයට එරෙහිව එජාපය නඩු මඟට
මුණසිංහ Monday, 05 April 2021 02:20 AM
ෂ.. මාර උනන්දුවක්නේ තියෙන්නෙ දූෂණයට එරෙහිව..... බැඳුම්කරය ඇතුළු අනෙකුත් ඒවටත් දැන් ක්‍රියාත්මක වේවි නේද?...
Hafeel Monday, 05 April 2021 04:46 AM
වත්මන් ආණ්ඩුව බැදුම්කර වංචාවට එරහිව නඩු පවරලා. එතනත් එවකට මුදල් ඇමතිධූරය දැරු මේ රනිල්ව මඟහැරලා. දැන් මෙයා මේ ආණ්ඩුවේ වන විනාශයට එරහිව නඩු පවරනවලු. දෙගොල්ලම පුංචි කාලේ හොරා පොලීස් සෙල්ලම තමයි දැනුත් කරන්නේ.
Pradeep Monday, 05 April 2021 02:44 AM
කවරෙක් මැදිහත් වී හෝ වනාන්තර විනාශය වළකා ලන්නේ නම් විය යුත්තේ එයයි. නමුත් තමන්ගේ කාලයේ එවැනි ක්‍රියා සිදුවන විට නොදුටු දෑස්ව නොඇසූ කන්ව සිටි ඔබලා වෙනත් අයෙකුගේ කාලයක මේවා සිදුවන විට හඩ නැගීමයි හාස්‍යය. ඔබලාගේ කාලයේ විල්පත්තුව දැන් සිංහරාජය.. අපට නම් කවුරු කලත් වැරැද්ද වැරැද්දමය. නීතියෙන් ඊට දඩුවමක් නොලැබේ නම් සොබා දහමින් හෝ ඊට දඩුවම් ලැබෙනු ඇත. නමුත් සොබාදම් දඩුවම් කරන්නේ වැරදි කල පුද්ගලයාටම නොව සමස්තයක් ලෙස අප සියළු දෙනාටමය.
kapila Monday, 05 April 2021 10:43 AM
දැන් ඉතින් පිදුරු ගැහේ එල්ලෙනවා වෙනුවට, ගහක අත්තකවත් එල්ලිලා බේරෙන්ට තමයි තියෙන්නේ