IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වන සංරක්ෂණ ඉඩම් කෘෂිකර්මාන්තයට

(අංජුල මහික වීරරත්න 

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.

මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වල කෘෂිකාර්මික අංශය දියුණු කිරීම සඳහා මේ වන විටත් වැව් 61ක  ප්‍රතිසංස්කරණ කටයුතු  ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය 

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.   

විදේශ ආධාර මත විවිධ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම දියත් කර තිබෙන අතර  කෘෂිකාර්මික අංශයේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ අතර විශේෂ බව සඳහන් කළේය.

 



අදහස් (9)

වන සංරක්ෂණ ඉඩම් කෘෂිකර්මාන්තයට

Amal Tuesday, 23 January 2024 07:54 PM

දේශපාලුවන්ගේ සහ හෙන්චයියන්ගේ කල්ල මරේ. කැලේ ඔක්කෝම ගස් කපලා, වගා කරන්නයි, හෝටල් ගහන්නයි පටන් ගනීවි. ඔක්සිජන් මොකටද කියලා අහපු ගොබ්බයෝ ඉන්න රටක් මේක...!!!

:       0       2

Lalla Tuesday, 23 January 2024 11:01 PM

වගාවට ඕනෑවටත් වඩා ඉඩම් දීලා තියෙනවා. ඒත් ඵලදායිතාවය නෑ. මේ ජනවාර්ගික පදනම මත කරන ඉඩම් කොල්ලයක් මිස වගාව අරමුණු කරගත් දෙයක් නොවේ...!

:       0       1

විජිත් Tuesday, 23 January 2024 11:03 PM

මස්තාන්, ඔයා දන්නවද හුස්මගන්න ඔක්සිජන් වායුව හදන්න ඔය " වන සංරක්ෂණයේ " ගහ කොළ විශාල දායකත්වයක් දෙනවා කියලා. ඔබලා හදන්නේ මේ රට ඉන්දියාව වගේ කාන්තාරයක් කරා ඇදීගෙන යන ගහ කොළ නැති ශුෂ්ක භූමියක් කරන්නද? ලොකු ගස් ටික කපලා විකුණා ගනීවි, ඊට පස්සේ ඔබලාගේ ඉතිරි කටු කන හෙන්චයියලාට ඉඩම් බෙදා දේවි කෘෂි කර්මාන්තයට කියලා. ඒවාවල අය වවන දෙයක් නැහැ. වවන්න ආණ්ඩුවෙන් ආධාරත් ලබාදේවි. ඔබලා වගේ දේශපාලකයින් අවුරුදු 70ක් පුරාවටම මේ රටේ බලය අල්ලන් සිටි නිසා තමයි මේ රට ලෝකයේ දුප්පත්ම රටක් වුනේ... පරිසරය විනාශ කරපු කාලකන්නින්ට හෙන වදින්නේ නැත්තේ ඇයි? කියලයි මට තියෙන ගැටලුව.

:       0       1

Indhika Wednesday, 24 January 2024 05:32 AM

ලංකාවේ වවන්නේ නැති ඉඩම් ඕනෑතරම් තියෙනවා. අලුතින් වන රක්ෂනේ ඉඩම් වවන්න යොදවන්න වුවමනා නැහැ. ඔයාලා ඔය කරන්න යන දෙය පැහැදිලියි. ඔයාලාගේ කට්ටිය පදිංචි කරවන්න.

:       0       1

ranjith Wednesday, 24 January 2024 06:28 AM

වනාන්තර ටිකටත් වැඩේ දෙන්න තමයි අන්තිමට බොන්න වතුර පොදක් නැති රටක් තමයි ඉතුරු වෙන්නේ...!

:       0       1

Sampath karunasagara Wednesday, 24 January 2024 06:46 AM

ඊට කලිනුත් ඔහොම මහත්තයෙක් ඉඩං දුන්නා. අපි දැක්කා ඒ ගොල්ලන්ගේ කොලනි හදලා තිබ්බ හැටි. මේ සැරේත් ඔය මුට්ටිය දාලා බලලා තියෙන්නේ වැඩේ දෙන්න තමයි. කවුරුත් බලන් ඉන්න කොහොමද ඉඩම් බෙදන්නේ කියලා. සාමූහිකව ජාති භේදයකින් තොරව ඉඩම් බෙදනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ.

:       0       1

සමන් Wednesday, 24 January 2024 07:35 AM

විල්පත්තු ණාඩගම 02 ආරම්භය. NGO ඩොලර් කාක්කොත් උදච් කරයිිනෙ.

:       0       2

සරත් කුමාර Wednesday, 24 January 2024 10:04 AM

ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවෙදිම කවුරුහරි ඇහුවනම්, 1. මේ වෙනකොට කෘෂිකාර්මික ඉඩම් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? 2. එම ඉඩම්වලින් කොච්චර ප්‍රමාණයක් වගා කෙරෙනවද? 3. එම ඉඩම්වල උපරිම ධාරිතාවයෙන් කොපමණ ප්‍රතිශතයක් වගා කෙරෙනවද? 4. කෘෂිකාර්මික නිශ්පාදනයෙන් කොච්චර ප්‍රතිශතයක් විනාශ වෙනවද? 5. පවතින කෘශිකාර්මික ඉඩම්වල/නිෂ්පාදන ඵලදායීතාවය නැංවීමට ඇති වැඩ පිළිවෙල කුමක්ද? වගේ ප්‍රශ්න ටිකක්.. එහෙනම් ඔය හාදය එතනම හාන්සියි. ඔය මොන ඉලව්වක්වත් දැනගෙන නෙවෙයි ඔය දොඩවන්නෙ. ගිරව් වගේ ඔහේ කියවනව. අන්තිමේ කවුරුහරි ගොබිලෙක් දෙන්නෙක් සාකුපුරවගන්නව. රටට, මිනිස්සුන්ට ලැබෙන දෙයක්වත්, වෙන සෙතක්වත් නෑ.. අපිව කාබාසිනිය කරන්ඩම උපන් හපන් රැලක්..

:       0       6

Bamunuarachchi by Wednesday, 24 January 2024 04:21 PM

තව කැලෑ ටිකකට වැඩේ දෙන්න වගේ... හම්බයෝ ටිකක් පදිංචි කරන්න හිතේ ඇති...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 59 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1725 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4618 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3410 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3518 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site