IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වන්නියලැත්තන්ගෙන් ජනපතිට දුක්ගැනවිල්ලක්

(අංජුල මහික වීරරත්න)

ආදි වාසීන්ට නොතේරෙන භාෂා වලින් ගිවිසුම් අත්සන් කරවාගෙන ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හිර කරගෙන ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

ජීවන බරින් මිරිකී සිටින අහිංසක ආදිවාසී ප්‍රජාව දුරදිග නොබලා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබෙන බව පවසන ආදිවාසී නායකයා හේනානිගල,වාකරේ ඇතුළු තවත් ප්‍රදේශ වල ආදිවාසී ජනතාව මෙම ශුද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව සඳහන් කරයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා  ගැනීමේ ගිවිසුම් බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන අතර ආදිවාසීන් බොහෝ දෙනකුට ඉංග්‍රීසි තබා සිංහල හෝ දෙමළ වත් කියවා ගන්නට නොහැකි බව පවසන ආදිවාසී නායකයා මෙලෙස ණය බරින් පීඩිත ආදිවාසී කාන්තාවන්ට ලිංගික අල්ලස් දීමට පවා සිදුව ඇති බව පවසයි.

ආදිවාසී ජනතාව මෙන්ම සෙසු අහිංසක දුප්පත් ජනතාව ද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරකරුවන් වී ඇති බව පවසන ආදිවාසී නායකයා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද යෝජිත ණය නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර එය ක්‍රියාත්මක කළ හැකි නීතියක් බවට පත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියි.

බලපත්‍ර ලාභී ශුද්‍ර මූල්‍ය ආයතන වශයෙන් හෝ සමාගම් නීතිය වැනි වෙනත් නීතියක් යටතේ  ලියාපදිංචි නොලත් ආයතන  නීතියේ රැහැනට හසුකර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙස ද ආදිවාසී නායකයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් සමග රතුගල ප්‍රාදේශීය නායක දානිගල බන්ඩලාගේ සුදු බන්ඩා, පොල්ලේබැද්ද ප්‍රාදේශීය නායක තලා බණ්ඩාලාගේ ගුණවර්ධන, හේනානිගල ප්‍රාදේශීය නායක තලාවරිගේ ගුණ බන්ඩියා සහ වාකරේ ප්‍රාදේශීය නායක නල්ලතම්බි වේලායුදන්,මුතූර්  ප්‍රාදේශීය නායක එන්.කනගරත්නම් මෙම ලිපියට අත්සන් තබා තිබේ.

අදාල ලිපියේ පිටපත් මහ බැංකු අධිපතිවරයාට ද ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ද යවා ඇත.



අදහස් (3)

වන්නියලැත්තන්ගෙන් ජනපතිට දුක්ගැනවිල්ලක්

රංබොඩ Monday, 06 November 2023 01:38 PM

තමන් නොදන්නා භාෂාවකින් ඇති කිසිඳු ලියැවිල්ලකට අත්සන් නොකිරීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත. එය එක්කෝ දන්න භාෂාවෙන් තිබිය යුතුය... නැත්නම් යම් කෙනෙකු එය පහදා දිය යුතුයි...

:       0       12

මැක්ස් Monday, 06 November 2023 02:42 PM

ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු විය යුතු ඉතාම සාධාරණ ඉල්ලීමක්. නමුත් මේ "විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය" නමැති ඇන්ජීඕ අටමගලයට මේ ලියුම් යැව්වේ අහවල් එකට ද?

:       2       33

Deshabandu Tuesday, 07 November 2023 09:27 AM

බල්ලො මරල හරි සල්ලි හම්බ කරන පවුල්වල අය කරන්නෙ ඔහොම තමයි. එහෙම කරන්ට උල්පන්දම් දෙන එවුන් සහ උන්ගෙ පවුලෙ එවුන් යහතින් ඉන්නවාද දන්නෙ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 855 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1502 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 324 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1364 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 465 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1182 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39635 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site