(යොහාන් භාසුර)
විනාශ කිරීමට නිර්දේශ කළ කොළඹ වරායේ තිබූ ඉස්සන් කන්ටේනරයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමක යන්ත්‍රවලට දමා ඇඹරීමේ සිද්ධිය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කළ බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
විනාශ කිරීමට නිර්දේශ කර තිබූ මෙම ඉස්සන් කන්ටේනරය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගෙන ගොස් ජනතාවට අළෙවි කිරීමට සූදානම් වන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් හෝ භාණ්ඩ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ බලපත්‍රයක් අදාළ සමාගමට නොමැති යැයි මූලික පරීක්ෂණවලදී හෙළිවූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා කීය.
ඒ හේතුවෙන් එවැනි විනාශ කිරීමකට එම සමාගමට ඇති බලපත්‍ර ඇතුළු ලියකියවිලි රැගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත හෙට (7) දින පැමිණෙන ලෙස එම සමාගමේ ප්‍රධානියාට දැනුම් දුන් බවත් මෙවැනි විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍ය හෝ භාණ්ඩ විනාශ කිරීමට විශේෂ ක්‍රියාපටිපාටියක් ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වරායෙන් පිටකළ කන්ටේනරයේ ගබඩා කර තිබූ ඉස්සන් විශාල තොගයක් අදාළ සමාගමේ යන්ත්‍රවලට දමා අඹරා ඇති බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමකට ගෙන යාම පවා නීති විරෝධි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
පසුගිය ජනවාරි මස ඇමෙරිකාවේ සිට කොළඹ වරායට ළඟා වූ කන්ටේනර් දෙකක් තුළ විශාල ප්‍රමාණයේ ඉස්සන් කිලෝග්‍රෑම් 50,000 ක් ගබඩාකර තිබූ බවත් ආනයනකරුවන් එම ඉස්සන් තොගය නිදහස් කරනොගැනීම නිසා ඒවා අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවුවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඒ සඳහා ඉහළ ලංසුවක් තබා තිබීම නිසා ඉල්ලුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් වරාය අධිකාරියේ සේවකයෝ පවසති.
එම ටෙන්ඩර් කැඳවීමේදී ඉස්සන් කන්ටේනර් දෙක මිලදීගැනීම සඳහා එම කන්ටේනරයක් රැගෙන ගොස් ඉස්සන් ඇඹරූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ ඇති ඉහත සඳහන් පෞද්ගලික සමාගම ද ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ බව ද වරාය සේවකයෝ කියති.
පළමු ටෙන්ඩරයකදී ගැනුම්කරුවකු ඉදිරිපත් නොවුවහොත් තුන්වරක් ටෙන්ඩර් දැමිය යුතු වුවද වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය එම ඉස්සන් තොගය නැවත ටෙන්ඩර් නොකළ බව කියන එහි සේවකයෝ වරායේ සහ රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ඉස්සන් තොගය විනාශ කරන ලෙස නිර්දේශ කළ බව ද සඳහන් කළහ.
එම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමේ නිර්දේශය ඉක්මන් කිරීමේ උපක්‍රමයක් ලෙස එම කන්ටේනර් දෙක හිමි නැව් සමාගමට හිස් කන්ටේනර් දෙක ඉක්මණින් අවශ්‍ය යැයි පවසා වරාය වෙත ලිපියක් ද ලැබී තිබූ බවත් මෙම ඉස්සන් විනාශ කිරීමට නිර්දේශ කර පෑලියගොඩ අදාළ සමාගමට පසුගිය 3 වැනිදා යොමු කරන ලෙස රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී.පී.එම්. පෙරේරා ලිඛිතව දැනුම් දී තිබූ බවත් වරාය සේවකයෝ සඳහන් කරති.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරු (සේවා සැපයුම්) ප්‍රියශාන්ත කැටිපේආරච්චි, අදාළ කන්ටේනර්වල ඉස්සන් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කරමින් ඒවා ඉවත් කිරීමට අවසර ඉල්ලමින් පසුගිය පෙබරවාරි මස දිනයක් නොමැති ලිපියක් හරහා රේගුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වරාය සේවකයෝ කීහ.
මෙම කන්ටේනරය පෑලියගොඩ පෞද්ගලික සමාගමට ගෙන යන තෙක් ඒ සම්බන්ධ සියලුම කටයුතු වරාය පාර්ශවයෙන් එකම නිලධාරියෙක් මෙහෙය වූ බව කියන සේවකයෝ මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත් කළ වර්තමාන ආණ්ඩුව එම නිලධාරියා එම උසස් තනතුරට මෑතකදී පත් කළ බව ද සඳහන් කළහ.
විනාශ කිරීමට නිර්දේශ කළ මෙවැනි සත්වයන් තොගයක් පෞද්ගලික සමාගමක් වෙත ගෙන යාමට රේගුවට හෝ වරාය අධිකාරියට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත් මෙම සිද්ධිය පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතු බවත් වරාය සේවකයෝ පැවසූහ.
මෙම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමට නිර්දේශ කිරීමේ නිසා රජයට සහ වරාය අධිකාරියට රුපියල් කෝටි ගණනක පාඩුවක් වූ බව ද වරාය සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම ඉස්සන් තොගය නරක් වී ඇති බැවින් ඒ ආකාරයටම විනාශ නොකරන ලෙස සත්ව නිරෝධායන වෙතින් උපදෙස් ලැබී තිබූ බවත් ඒ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඇති අදාළ සමාගමේ යන්ත්‍ර වලට දමා වියලූ බවත් එම කන්ටේනරයේ තිබූ ඉස්සන් මලු 67 ක් වියලා ඇති බවත්ය.
ඉතිරි කන්ටේනරයේ ඉස්සන් තොගය ද පෑලියගොඩ එම සමාගමටම හෙට (8) ගෙන ගොස් වියළන බවත් කන්ටේනර් දෙකේම ඉස්සන් වියළීමෙන් පසුව කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිමක වලදමන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු ව
ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (7)ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී ච
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස් හින්න අතර දුම්රිය මාර්ගයට අද (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට අවසන් ගෞරව දැ
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
වනසන්න කියූ ඉස්සන් අඹරන්න දීලා
ගුණරත්න Monday, 07 April 2025 05:29 PM
ඔය ඉතින් පේන්නේ මාලිමාවුන්ගේ හපන්කම්...!