IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විනිසුරු නිවෙස හොරු බිඳලා

 

වාරණ - ආනන්ද ඉ. ජයකොඩි, මීරිගම - පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

ඒ සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ද අන්තනගල්ල පොලීසිය සඳහන් කරයි.

විනිසුරුවරයා එම නිවෙසේ නොමැති බවත්, සේවකයන් පමණක් එහි සිට ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

නිවෙසේ අල්මාරියක තිබූ කුඩා සේප්පුවක් තුළ තිබී මෙම රන් භාණ්ඩ හා මුදල් අස්ථානගත වී ඇති බවට පොලීසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි, අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

විනිසුරු නිවෙස හොරු බිඳලා

ඔබේ අදහස් එවන්න

දියත

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 273 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 200 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 281 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 919 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 851 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 423 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site