(විමුක්ති එස් රුද්‍රිගු)
වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය.
වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් එසේ එක් නොවූවහොත් වඳුරු උණ මීළඟ ගෝලීය වසංගතය විය හැකි බවත් වෛද්‍යවරයා පැවැසුවේය.
අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ (එම් පොක්ස්) වසංගතය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර පැය කීපයක් යන්නටත් මත්තෙන් වඩාත් අනතුරුදායි වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු ස්වීඩනයෙන් වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය වසංගතයක් ලෙස ව්‍යාප්තවී ඇති අප්‍රිකානු කලාපයෙන් පිටත එම ප්‍රභේදය අසාදනයවූ රෝගියකු වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ස්වීඩනයෙන් වාර්තාවූ මෙම රෝගියා අප්‍රිකාවේ සංචාරයක නිරත වී ඇති බවත් එහිදී ඔහුට වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය ආසාදනය වී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
කොංගෝ ජනරජයෙන් ආරම්භ වූ වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය හේතුවෙන් මේ වනවිට 450 දෙනකු මියගොස් ඇති බවත් වසංගතය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවට පැතිර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට පාකිස්තානයේද වඳුරු උණ රෝගියකු වාර්තාවී ඇති බවත් එම රෝගියා සෞදි අරාබියේ සිට පාකිස්තානයට පැමිණි පුද්ගලයකු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වඳුරු උණ හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ප්‍රකාශයට පත්කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2022 වසරේ වඳුරු උණ ක්ලෙඩ් 2 ප්‍රභේදය ව්‍යාප්තවූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වරට වඳුරු උණ හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. වඳුරු උණ ක්ලේඩ් 1 සහ ක්ලේඩ් 2 ලෙස ප්‍රභේද දෙකකි. ඉන් ක්ලෙඩ් 1 අනතුරුදායි ප්‍රභේදය වේ.
වඳුරු උණ 100 කට අසාදනය වුවහොත් සිව් දෙනකු ඉන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය. ලිංගික ඇසුරෙන්, සමට සම ස්පර්ශ වීමෙන් සහ වෙනත් පුද්ගලයෙකු සමඟ සමීපව කතා කිරීම හෝ හුස්ම ගැනීම වැනි සමීප සම්බන්ධතා හරහා වඳුරු උණ සම්ප්‍රේෂණය වේ.
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්