(සුජිත් හේවාජුලිගේ)
අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි හෙයින් සියලු දෙනා ඒ ගැන කල්පනාවෙන් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය
ඒ රෝගය මෙරට පැතිර ඇත්දැයි සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
වඳුරු පැපොල වැළඳුණු රෝගීන් අනූ දෙදෙනෙකු මේ වනවිට වාර්තාවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවද කිවේය.
සමේ සැරව බිබිලි මතුවීම සහ උණ ගතිය මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත් එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටී නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවත් දීපාල් පෙරේරා මහතා පැවසීය.
මේ අතර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් බෝවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ පෝෂණය ගැන මවුපියන් වෙනදාටත් වඩා උනන්දු විය යුතු බවද ප්‍රකාශ කළේය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඳුරු පැපොල ලංකාවටත් එන්න පුළුවන්