IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සජබ සංවත්සරය ඇරැඹෙයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් කොළඹ හයිඞ් පිටියේදී අද(15) පස්වරුවේ පැවැත්විණ.

‘‘අභියෝග හමුවේ එකට සිටගමු’’ යන තේමාවෙන් මෙම සංවත්සර උත්සවය සංවිධාන කර තිබිණි.

මහා සංඝරත්නය ඇතුලූ සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද පූජාවලින් අනතුරුව ජාතික ගීය ගායානා කිරීමෙන් පසු පස්වරු 3.00 ට පමණ ආරම්භ කළ පක්ෂ සංවත්සරය පස්වරු 6.00 පමණ වනතෙක් පැවැත්විණ.

නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය අලංකාර වී තිබිණ.

කහ සහ කොළ පැහැති ධජ වලින් හයිඞ් පිටිය සහ ඒ අවට මාර්ග අලංකාර වී තිබිණ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලූ පක්ෂයේ ශාඛා සමිති සහ සියලූම වෘත්තීය සමිති සහ පාක්ෂිකයන් මේ ස`දහා එක්ව සිටියහ.

පාට, පක්ෂ, මතවාද සහ දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට හමුවේ ඇති අභියෝග ජයගැනීම ස`දහා එකට සිටගැනීමට  සියලූ කණ්ඩායම්වලට ආරාධානා කර සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ සංවත්සරය අමතමින් ප‍්‍රකාශ කළේය.

රටේ ජනතාව ජීවත්කරවීමේ මහා දැවන්ත අරගලය දිනා ගැනීමේ සටනට සමගි ජනබලවේගය නායකත්වය දෙන බවත් ඒ වෙනුවෙන් ජීවිතය උවත් පූජා කිරීමට තමන් සූදානම් බවත් විපක්ෂනායකවරයා ස`දහන් කළේය.

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප‍්‍රධානී හරීන් ප‍්‍රනාන්දු  යන මහත්වරුන් ඇතුලූ පිරිසක්ද රැුස්ව සිටි ජනතාව අමතනු ලැබීය.

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, සමගි ජනබලවේගයේ පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාද් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, හරීන් ප‍්‍රනාන්දු, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක සහ  ජලනි පේ‍්‍රමදාස යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් මේ ස`දහා එක්ව සිටියහ.

(ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සජබ සංවත්සරය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

දියත

සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 53 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 3 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 527 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 197 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 187 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 16 326 0

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site