IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විපක්ෂ නායකවරයා රනිල්

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) පැවසීය.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.



අදහස් (62)

විපක්ෂ නායකවරයා රනිල්

Shantha Tissera Wednesday, 27 November 2019 08:25 AM

ජය වේවා! චන්ඩිකමෙන් නොව ඉවසීමෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලය.

:       7041       5802

SuranimalaWednesday, 27 November 2019 10:18 AM

එජාපය විනාශයි. ඇත්තටම මෙයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද? මෙයා නිසා අද එජාපයේ මළගම වෙලා ඉවරයි. නම්බු පිටින් සජිත්ට පක්ෂය දීලා දැන්වත් ගෙදර යන්න.

:       1784       7667

ලියනගේWednesday, 27 November 2019 10:55 AM

එජාපය විනාශකරන්නේ රනිල් නොව මැතිවරණයක් දිනාගැනීමට බැරි දේශපාලනය ගැන අවබෝධයක් නොමැති කිහිපදෙනෙකි. සජිත් විපක්ෂනායකකම දෙන්න සිටියත් ඔහුව මැතිවරණයෙන් පසු සොයාගැනීමට අපහසු විය. සජිත් හම්බන්තොට ඔහුගේ ආසනය එක්වරක්වත් දින නැත.

:       1828       1048

ජහපාලThursday, 28 November 2019 02:21 AM

හා..හා ඉවසීමෙන් රජපක්ෂලා වෙනුවෙන් තව අවුරුදු 10-15ක් වැඩ කරන්න පුළුවන්. එක්සත් ජාතික පාක්ෂිකයින්ටත් තව අවුරුදු 10-15ක් ඉවසීමෙන් ඉන්න පුළුවන්. සැනසීමෙන් ඉවසිල්ල ලැබේ.

:       8       170

chamath Wednesday, 27 November 2019 08:38 AM

ඔබතුමා තමයි අපිටත් ඕනෑ... ජයවේවා..!!!

:       2336       652

NimalWednesday, 27 November 2019 08:59 AM

හොරුන්ට හොරු කොහොමත් එකතුයිනේ...

:       144       1681

Hafeel Wednesday, 27 November 2019 09:28 AM

අනිවාරයෙන්ම.

:       123       912

පුරවැසියා Wednesday, 27 November 2019 05:25 PM

පසුගිය රජය කාලයේ හොරකම, දූෂණය, මිනීමැරුම් පිළිබඳ නඩු ඉබිගමනේ ගිය බව සැබෑය. නමුත් පසුගිය මැතිවරණයේදී 69 ලක්ෂයක ඡන්ද දායකයන් හොරකම, දූෂණය, මිනීමැරුම් සහ ඒවා කළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ ඡන්දය ඉතාම ඉහළින්ම ලබාදී තිබියදී ඔබ කියනදේ ගැන ඔබම සිතා බලන්න.

:       160       137

wimal Wednesday, 27 November 2019 08:41 AM

සාදරයෙන් පිළිගනිමි.

:       1176       307

suranjithWednesday, 27 November 2019 01:06 PM

අරවායින් මුට්ටියක් ඔලුවට වක්කරලා පිළිගන්න...

:       2       0

ලැවොයිසියර් Wednesday, 27 November 2019 08:48 AM

එහෙනම් ඊළඟට පවත්වනු ලබන සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පෙරමුණට අත්වන පැහැදිළි පරාජය පිළිගන්නත් දැන් ඉඳන්ම සූදානම් වන්න.

:       486       2115

sas Wednesday, 27 November 2019 08:51 AM

ශ්‍රි ලංකාවේ නිත්‍ය විපක්ෂනායක !

:       1       35

MIHIRA Wednesday, 27 November 2019 08:54 AM

ආණ්ඩුව කැමැති මෙයා ඉන්නවට..

:       144       1210

විජිත් Wednesday, 27 November 2019 10:17 AM

ආණ්ඩුවේ ඉන්න හොරු, මිනිමරුවෝ, වංචා දුෂිතයෝ ඔක්කොම හිරේ නොයවා බේරා ගත්තේ මෙයානේ. අන්තිමට අවංකව සිය රාජකාරි කොට පරීක්ෂණ මෙහෙයවපු පොලිස් නිලධාරීන් බිල්ලක් වුනා. ඔබ ඒ ගැන වචනයක් කතා කලාද ?තමන්ගේ ආණ්ඩුව කාලයේ විපක්ෂයේ අය කරපු අපරාධ ගැන පරීක්ෂණ කළ නිලධාරීන් මේ රජයෙන් පළිගැනීමට ලක්වුන වෙලාවේ ලැජ්ජයි ඔබ වැනි දෙපැත් නයි ගැන.

:       496       2109

suddaThursday, 28 November 2019 03:42 AM

මේක ආණ්ඩුවේ කැමැත්තක් හෝ අකමැත්තක් නොවෙයි. මේ පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක්. හැබැයි හීන් නූලෙන් බෑනාට පාර හදනවා.

:       0       43

sirimal Wednesday, 27 November 2019 08:56 AM

තමන් හිතනදේ පමණක් හරි කියලා හිතාගෙන ක්‍රියා කරනවා වගේ පෙනෙන අජිත් මහත්තයලා ප්‍රධාන කණ්ඩායමේ අවධානය පිණිසයි. දුම්මල ගහලාවත් එලවා ගන්න නම් බැරි බවයි පෙනෙන්නේ...

:       107       326

hemantha Wednesday, 27 November 2019 08:59 AM

හුරේ ... ! කමෝන් ... රනිල් හාමු...එහෙම තමයි වෙන්න ඕනෑ. නියමයි...!

:       126       173

eresh S kumara Wednesday, 27 November 2019 09:02 AM

ඔයා තමයි සර් එකම සුදුස්සා... ජයවේවා..!!!

:       79       273

indra Wednesday, 27 November 2019 09:13 AM

නියමයි ,ඔහොම යමු කාව පත් කලත් රටට ආදරය කරන පිරිස වැඩියි ඉපදෙන්න ඉන්න දරුවන්ට ජාති වාදයෙන් තොර රටක් ඕන, පක්ෂ බේදයෙන් තොරව ඒ ගැන අපි හිතමු.

:       125       170

Lakmal Wednesday, 27 November 2019 09:16 AM

කථානායකවරයා කළ දේ හරි නමුත් පක්ෂය නියම තැන නියම තැනැත්තාට දිය යුතුයි...

:       46       209

වීදියබණඩාර Wednesday, 27 November 2019 10:43 AM

දැන් ලෝක පූජිතද නියම සුදුස්සා දීලා ඉල්ලන් කෑවා නේද...?

:       522       128

lakmalWednesday, 27 November 2019 11:07 AM

කවුරු ආවත් ඒගොල්ලෝ කොහොමත් පරදිනවා. මම කතා කරන්නේ ඇත්ත තත්වේ. වෙන්න ඕනේ හරි දේ.

:       2       254

sena Wednesday, 27 November 2019 09:28 AM

මම සතුටුයි අහවල්තුමාගේ පුතා පහුගිය කාලේ කියපු කතාවලින් එතුමාගේ බුද්ධි මහිමය අපි තේරුම් ගත්තා.

:       1824       267

හංසිකා කුමාරි ජයවර්ධන Wednesday, 27 November 2019 09:29 AM

සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරුනත් එතුමා එය භාර නොගෙන බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව එය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතුයි. ඒ වගේම පක්ෂ නායක ධුරයද සජිත්ටම පැවරිය යුතුයි. එසේ නොකළොත් ඊලඟ මැතිවරණයේදී යුඑන්පී ඡන්දදායකයින් ලක්ෂ ගණනින් ඡන්ද පොළට නොයාම නිසා යුඑන්පී එකට ඡන්ද දස ලක්ෂයකට අඩු ගණනක් ලැබෙනු ඇත. ඉන්පසු යුඑන්පීඑකට මතක වස්ත්‍ර පූජා කිරීම හැර වෙන කළහැකි දෙයක් නොවනු ඇත. මෙසේ වීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම පොහොට්ටුව මෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වී අතරමං වන යුඑන්පී ඡන්දදායකයින්ට නව මගක් විවෘත කොට දිය යුතුය.

:       189       1859

MaheshWednesday, 27 November 2019 10:54 AM

රනිල් නම් කොහොමත් වැඩක් ඇති මිනිහෙක් නෙමේ... සජිතුත් ආගිය අතක් නෑනේ. හැබැයි මේ දෙන්නගේම නායකත්වයක් පේන්න නෑ.

:       0       135

Hafeel Wednesday, 27 November 2019 09:34 AM

මෙයාත් මහින්ද මහත්තයත් එක්කෝ අගමැති, එක්කෝ විපක්ෂනායක.

:       13       135

Raveendra Wednesday, 27 November 2019 10:14 AM

නැතුව නැතුව....... හුරේ ......මම ආපහු විපක්ෂේ .....

:       0       61

sharm warn Wednesday, 27 November 2019 10:20 AM

මේක තමයි කොහොමත් තිබුණු ප්ලෑන් එක.. ජීවිතේ අදාල කාලවල කළයුතු දේවල් කලේ නැතුවම කාට වුණත් මේ වගේ කුණු කතාවලට මුහුණ දෙන්න වෙනවා.. මොකද දැන් මෙයාට දරු මුනුපුරෙක් එක්ක සතුටින් ඉන්න කියලා ප්‍රශ්නයකුත් නැහැනේ.. ඉතින් පාර්ලිමේන්තුවේම මැරිලා යන්න තමයි.. අනික නහින දෙහින අයටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. බල තණ්හාව කියන්නේ පිළිකාවකටත් අන්ත ලෙඩක්.. ඒකට බෙහෙත් නැහැ..

:       57       281

kamaniWednesday, 27 November 2019 11:50 AM

ඇත්ත.. මෙයා මැරෙන්නේ පර්ලිමේන්තුවේමයි..." මිනිස්සුන්ගෙන් ගුටි කාලා "එ්ක ස්ථිරයි... මෙයා මහින්දට පොරොන්දු වුණු වැඩේ ඉටු කළා. ඒ කියන්නේ මහින්දලාව හිරේ නොයවා ආරක්ෂා කළා. දැන් මහින්දලාගේ වාරය මෙයාව පණ පිටින් බේරා ගැනීම... හැබැයි එ්ක අපහසුයි... මහපාරේදී හරි ගුටි කන එක කනවාමයි..

:       0       5

sumana Wednesday, 27 November 2019 10:20 AM

ඉහලම ප්‍රතිලාභ ඇති, අඩුම වගකීම් ඇති සුපිරිම තනතුරක් මේක.

:       0       183

Mahesh Wednesday, 27 November 2019 10:52 AM

ඔහු කැමතිම තනතුරු තමයි ඕක.. 1994 සිට 25 වසරක් පක්ෂයට මෙලෝවැඩක් නොකරපු රටට මෙලෝ වැඩක් කරලා නැහැ.

:       46       161

බද්රානි Wednesday, 27 November 2019 11:06 AM

රට වනසන අයව දුම්මල ගහලාවත් එළව ගන්න බැරි ගැටලුව තමයි ලංකාවට තිබෙන්නේ.....

:       0       400

බබා Wednesday, 27 November 2019 03:43 PM

අශුචි ගහලාවත් එළවනු බොරු..!!!

:       85       192

sandy123 Wednesday, 27 November 2019 11:08 AM

එකම කාසිය දෙපැත්තට පෙරළෙනවා. ජරා ජීර්ණ වුන දේශපාලනය කවදා හරි මගට යාවිද? කවුද කිව්වා වගේ රේල් පාර එකයි. දුම්රිය විතරමයි වෙනස. මේ ඔක්කොම හැමදාම සතුටින්. අපි හැමදාම දුකින් හුල්ලනවා.

:       4       61

විජිත් Wednesday, 27 November 2019 11:53 AM

නැහැ සැන්ඩි, අපේ රටේ ඉන්න නූගත් මෝඩ ගෝත්‍රික වහල්ලු තමයි මේ දුෂිත පක්ෂ දෙක බලයට ගෙනෙන්නේ. ඔය ගෝත්‍රිකයින්ට විලි වහගන්න රෙදි කෑල්ලක් දුන්නොත් ඇති ඡන්දෙ දමාගන්න.

:       0       45

sampath Wednesday, 27 November 2019 11:17 AM

මට මෙතුමා ගිය ඉස්කෝලෙට දවසක් යන්න බැරි වුණානේ.. ඉතා සූක්ෂම සහ දුරදක්නා දේශපාලකයෙක්.. තමන්ගේ හිමි ස්ථානය රැකගත්තට දෙවනපෙළ වැඩවලට මෙතුමා පලි නැහැ..

:       9       69

suddaThursday, 28 November 2019 06:40 AM

රනිල් ගිය ඉස්කොලෙටම තමයි සජිත් ගියෙත්. මේක හැබැයි මුලසුනේ ඉන්න මාමගේ ඉස්කෝලෙට ගියා නම් හොඳයි කියලා හිතෙන වැඩක් නේද?

:       0       0

kumara Wednesday, 27 November 2019 11:21 AM

කරු කැමති මෙය ඉන්නවා නම්... එතකොට ඔක්කොම සම සම නේ... නැත්නම් එයාටත් ලැජ්ජයිනේ..

:       0       10

hira Wednesday, 27 November 2019 11:49 AM

සජිත්ගේ බුද්ධිය කතාකරන විදියෙන්ම අපි හොඳට මැන ගත්තා. රනිල් පැරදුණත් දාහෙන් සම්පතයි... පුතානෝට වැඩියෙන්. නවීන් හරි, රුවන් විජේවර්ධනව හරි පක්ෂයේ නායකත්වයට ඔසවා තැබිය යුතුයි.

:       1       0

ශ්‍රියානි බ Wednesday, 27 November 2019 12:35 PM

එජාප තරුණ, විප්ලවකාරී, කඩාකප්පල්කාරී කල්ලියක් තමයි මැර බලයෙන් වගේ රනිල් මහතා එලවන්න බලන්නේ. අපරාදේ ජනාධිපතිවරණයට ඉල්ලන්නවත් දුන්නේ නැහැ.

:       98       226

Rohana Wednesday, 27 November 2019 02:03 PM

හැබැයි මේ තීරණයේ ප්‍රතිලාභියා ආණ්ඩුව තමයි. නායකයත්වය වෙනස් නොකළත් එජාප එකට යනඑන මං නැතිවෙයි.

:       2       104

Prasanna Wednesday, 27 November 2019 03:04 PM

මහින්දගේ ප්ලෑන් එක! ගෝඨාට තවත් ඡන්ද..!! මමත් මින්පසු දූෂිත මහින්දට දෙනවා. රනිල් UNP සමග මියගියාවේ... !!!

:       35       93

Bandara Wednesday, 27 November 2019 04:31 PM

බුදු අම්මෝ...!!! 30 වතාවක්ම පැරදිලා තවමත් ඉන්නවා.

:       5       219

Kumara Wednesday, 27 November 2019 06:42 PM

කතානායක වෙනස් කිරිමට කාලය ඇවිත්. කරු සහ රනිල් හොඳ එකතුවක් නොවේ. ඔවුන් දිය යටින් ගිනි ගෙනයා හැකි පිරිසකි.

:       0       0

Gurula Wednesday, 27 November 2019 08:03 PM

රටේ නැති ප්‍රශ්න ඇතිකරලා .... කෑදරකම තමයි.

:       0       0

Perera Wednesday, 27 November 2019 09:05 PM

මොන මළ කරුමයක්ද මේ...? දුම්මල ගහලා යක්කුන්ව එලෙව්වත් මෙයා මේ තරමට රටත් කාලා, පක්ෂයත් කාලා පිටපිට ඡන්දත් පැරදිලා එ්ත් යවාගන්න බැරි හැටි...

:       0       0

wicky italy Wednesday, 27 November 2019 10:07 PM

එජාපය නැතිකළේ මොනවද කලේ පක්ෂයට? බේදභින්න කළ එක විතරයි. අපි හිතුවේ උගත්කම නිසා මොනවා හරි දෙයක් රටට කරයි කියලා. කෝ කළාද? සුරන්ගනා කතා කියකියා අවුරුදු හතරක්ම කාලා දැම්මා. අවසානයට මොකද වුනේ.... ආපහු විපක්ෂ නායකවෙලා ඉන්නවා. ලැජ්ජා නැතිකමද? බල තණ්හාවද. දැන්වත් ඔය නූල් සුත්තර වැඩ නතර කරලා ජීවිතේ ඉතිරි කාලය ගෙව්වොත් නරකද?

:       0       4

Ranjith Wednesday, 27 November 2019 11:57 PM

අලුත් බෝතලයක් නම් ලැබුණා... එ්ත් ඇතුලේ පරණ වයින් මනේ තියෙන්නේ

:       0       0

Dimuth Thursday, 28 November 2019 12:59 AM

එක්සත් ජාතික පක්ෂය කියන අභිමානවත් පක්ෂය විනාශ කිරීම නම් මතු ආත්ම වලදීද ගෙවීමට සිදුවනු ඇත.

:       0       0

Thilak Samaraweera Thursday, 28 November 2019 01:47 AM

සජිත් හම්බන්තොට ගියදා ඉඳන් ආසනය පරාදයි.

:       0       2

bandaThursday, 28 November 2019 08:20 AM

සජිත් උපන් මැද කොළඹ මහින්ද හැමදාම පරාදයි.

:       4       61

chandima Thursday, 28 November 2019 02:48 AM

අනේ ඉතින් තව කීවතාවක් ඔහොම ඉන්නද?

:       0       0

Thilak Sagara Thursday, 28 November 2019 03:23 AM

සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරුණත් එතුමා එය බාර නොගෙන බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව එය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතුයි. ඒ වගේම පක්ෂ නායක ධුරයද සජිත්ටම පැවරිය යුතුයි. එසේ නොකළොත් ඊළඟ මැතිවරණයේදී යූඑන්පී ඡන්දදායකයින් ලක්ෂ ගණනින් ඡන්ද පොළට නොයාම නිසා යූඑන්පී එකට ඡන්ද දස ලක්ෂයකට අඩු ගණනක් ලැබෙනු ඇත. ඉන්පසු යූඑන්පී එකට මතක වස්ත්‍ර පූජා කිරීම හැර වෙන කළහැකි දෙයක් නොවනු ඇත. මෙසේ වීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම පොහොට්ටුව මෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වී අතරමං වන යූඑන්පී ඡන්දදායකයින්ට නව මගක් විවෘත කොට දිය යුතුයි...

:       0       35

shan Thursday, 28 November 2019 05:19 AM

රනිල් ඉන්නකම් මහින්දට වාසියි.

:       0       2

beau Thursday, 28 November 2019 06:09 AM

සජිත් දැන් ඔබතුමා කියනවා කියපු දෙය කරන්න කියලා. මේ යන ගමනින් නම් ඔබතුමාට කවදාවත් ගොඩ එන්න බැරිය.

:       0       0

ravi Thursday, 28 November 2019 07:22 AM

මේ අය කවදාහරි මැරෙන්නෙත් පාර්ලිමේන්තුව ඇතුලේමයි...

:       0       0

tharu Thursday, 28 November 2019 07:24 AM

බලන්න නයනි එ්කෙත් හැටි.. ජය වේවා.. ජය වේවා..!!

:       0       0

චන්න Thursday, 28 November 2019 07:25 AM

2025න් පසුවත් රනිල් මහතාම විපක්ෂ නායකයා විය යුතුයි.

:       0       7

isurandi Thursday, 28 November 2019 07:58 AM

පරිණත දේශපාලනයේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි රනිල් කියන්නේ... ලංකාවට පමණක් නෙමෙයි ජාත්‍යන්තරයේත් රාජතාන්ත්‍රික මට්ටමින් ඔහුව පිළිගැනෙනවා. එහෙම පිරිස් හරි අඩුයි අපේ රටේ දේශපාලන කරලියේ... නමුත් මේ තනතුර දෙන්න එජාපයේ කිසිවෙක් නැති ගානයි... මෙතුමා ඇරෙන්න මගේ නම් හැඟීම... සජිත් තව ටිකක් තටු ගසලා වැඩේට බැස්සොත් අගෙයි.

:       0       3

Aruna Thursday, 28 November 2019 08:25 AM

රනිල් සැබවින්ම නිහතමානී මෙන්ම බුද්ධිමත් නායකයෙක්. ඔහුට යම් දැක්මකුත් තියනවා. හැබැයි මිනිසුන් අතර කරන දේශපාලනයට ඔහු සුදුසු නැහැ. ලංකාවේ කෙරෙන ජනප්‍රිය දේශපාලනයට ඔහු සුදුසු නැහැ. ඔහුගේ ලිබරල් චින්තනය ලංකාවට ගැලපෙන්නේ නැහැ. මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැරි නායකයෙක් පක්ෂයකට ඕන නැහැ. ඉතා ප්‍රබල පක්ෂයක්ව තිබුණු යූ.එන්.පී. ය අද වැටිච්ච තත්වයට ඔහු අනිවාර්යයෙන්ම වගකියන්න ඕන. ඉතා දුර්වලව සිටි රාජපක්ෂලා ශක්තිමත්ව නැගී සිටීමටත් ඔහු වගකියන්න ඕනෑ. අලුත් පරම්පරාවට කතා කරන්න දන්නෙම නැහැ. බිම් මට්ටමේ පාක්ෂිකයින්ට කතා කරන්නත් දන්නේ නැහැ. යු.එන් පි. යට නැවත ගොඩ එන්න නම් ඔහු යන්නම ඕනේ. හැබැයි ඔහු වෙනුවට විකල්පය ලෙස සජිත් දකිනවා නම් එකත් ලොකුම මෝඩකමක්. ඔහුට රටට තියා පක්ෂයටවත් නායකත්වයක් දෙන්න දැක්මක් නැහැ. පක්ෂයේ අසමගියට ඔහුත් වගකියන්න ඕනේ. පක්ෂය ඇතුලේ විනයක් නැති විටක, රටක විනයක් හදන්නේ කොහොමද? මේ නිසා රටට ශක්තිමත් විපක්ෂයක් නැතිවේගෙනයි එන්නේ. රාජපක්ෂලා දෙවෙනි වතාවටත් වරද්ද ගන්නේ එතැනින් තමයි. ඔවුන් නිවැරදි කරන්න කව්රුවත් නැහැ. ජේ.වී.පි. යනු හුදෙක් ප්‍රායෝගික නැති විකල්පයක් පමණයි.

:       0       7

Bamunuarachchi Thursday, 28 November 2019 02:15 PM

එ්ක බොහොම හොඳයි. පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නත් ඕනේ නේද? විපක්ෂ නායකයා නීතිඥයෙක් කියලාවත් සැනසෙන්න පුලුවනිනේ. නැතිනම් උගත් අයට අපහාස කරන්න පුළුවන්යැ.

:       0       0

banda Thursday, 28 November 2019 08:53 PM

කවදාකහරි එජාපයට වෙන්නෙත් ශ්‍රී ලංකා එකට වුන වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම්
2024 නොවැම්බර් මස 27 101 0

නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්


වැස්ස
2024 නොවැම්බර් මස 27 6 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 465 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 657 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 120 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 1344 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 557 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2133 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site