IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා

(සුජිත් හේවාජුලිගේ)

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට බාර දී නැතැයි වාර්තා වේ.

මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි. මෙම නිවස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නිල නිවස නැවත රජයට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය පසුගියදා එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කැබිනට් පත්‍රිකාව බාර දුන්නද ආණ්ඩුව වෙනස්වීමත් සමඟ තැබිනට් අනුමැතිය ලබා ගැනීම නතර වූ බව දැනගන්නට ඇත.

එම පත්‍රිකාව නව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට භාරදීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සම්බන්ධන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමි විය.

අනතුරුව 2018 ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වී දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධූරයට පත්වුවද සම්පන්දන් මහතාට එම නිල නිවසේ තවදුරටත් සිටීමට අවස්ථාව ලබා දුන්නේය.

අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව 2019 වර්ෂයේ පෙබරවාරි 26 ගත් තීරණයක් අනුව සම්පන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටින තුරු එම නිවස පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබිණ

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්,දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්, මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන සේවකයින්ට වැටුප් ලබාදෙන්නේ රජයෙන් බවත් වාර්තා වේ.

එම නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැයකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධූරය අහිමි වීමෙන් පසුව ඔහු මිය යන තෙක්ම එම විපක්ෂ නායක නිල නිවසේ ජීවත්විය.

 



අදහස් (23)

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා

රම්බොඩ Thursday, 03 October 2024 12:52 AM

කොහොමද කට්ටියම එකතුවෙලා කොටි හපුවන්ව මහජනයගෙ සල්ලි වලින් පෝෂණය කරලා තියෙන හැටි.

:       15       101

Ram Thursday, 03 October 2024 11:33 AM

කට්ටියම නෙවෙයි. රනිල් සහ මෛත්‍රී යහපාලන සමාගමේ වැඩ. ඒ කාලේ ව්‍යවස්ථාදායක සභාවේ හිටිය අයත් ඕකට වග කියන්න ඕනේ ඒ අයත් ඒ කාලේ ගෙනිච්චේ යහපාලන ප්‍රතිපත්තීන් නිසා.

:       2       22

priyanka Thursday, 03 October 2024 12:59 AM

අපේ රටට විපැත්තියක් උනේ මේ හොරිකඩ දේශපාලුවෝ .මේ වියදම් දරන්නේ .අපි මේවාට සම්බන්ධ එක හොරෙක් වත් පාර්ලිමේන්තු යවන්න එපා

:       5       89

Sarasi Thursday, 03 October 2024 07:59 AM

නිල නිවාස හිමි අනෙකුත් රජයේ සේවකයන් මොන දුකකට වැටුනත් ඔහොම ඉන්න දෙනවද. බෙදාහදාගෙන කාලා. හැමෝම ඒකට නම් එකතුවෙනවා. රටට හොද වැඩක් කරන්න නම්, කරන්න යන එකාගේ කකුලෙන් අදිනවා .

:       3       80

ලුම්බිණි Thursday, 03 October 2024 08:14 AM

රජයේ දේපල අවභාවිතා කරන බවට තවත් නිදසුන් ඕනද?

:       4       83

Gag Thursday, 03 October 2024 08:53 AM

මම ආදායම් බදු ගෙවන්නේ ඇයි? අපොයි..

:       3       70

Senarath Thursday, 03 October 2024 09:00 AM

තනතුරු දරණ කාලයට පමණක් ලබාදෙන වරප්‍රසාද ජිවිත කාලයටම දෙන්න ජනතාවගෙන් අනුමැතියක් නෑ මේ සෑම වියදමක්ම දරන්න වෙන්නේ රටේ ජනතාවට ඒ නිසා සියලුම අවභාවිතාවන් වහාම නවත්වන්න ඕනෑ

:       5       79

kamal Thursday, 03 October 2024 09:15 AM

යකෝ මේක මාර රටක්නෙ

:       4       71

Jayasekara Thursday, 03 October 2024 09:46 AM

මෙච්චර කල් යකෝ අපිනේ මුන්ව නඩත්තු කරලා තියෙන්නේ.. අපි මෙහෙ අපා දුක් විදිනවා උන් රජ සැප අරගෙන රටේ සල්ලි ගිල්ලා.... මාර ආණ්ඩු තමා පහුගිය ටිකේ රඟලා තියෙන්නේ මාලිමාව ඊළඟ ජන්දේ දිනෝලා ඔය කාලකන්නි රොත්තම සුද්ද කරන්න ඕන පාර්ලිමේන්තුවෙන්

:       6       79

samanThursday, 03 October 2024 02:14 PM

අපා දුක් විදින් හේතුව අප්පාගේ වැරදි එකට අනුන් පලි නෑ හම්බ කරන්න දෙන්නේ නැති කාලකන්නියෝ අනුරට බනිනවා

:       1       14

පිටරටවැසියා Thursday, 03 October 2024 10:09 AM

රටේ ජනතාව මෙවැනි පාලකයන්ට තමයි ඡන්දය "ලයිසන් තක්කඩින්" ගානට පත්කර ගත්තේ. බලය ලැබුණු ගමන්, රටේ ජනතාවගේ බදු මුදල්, රජය බාරයේ තියෙන පොදු දේපළ, ඔවුන්ගේ සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ සුඛ විහරණයට පමණක් යොදාගෙන, සාමාන්‍ය පොදු ජනතාවට සොච්චමක් පමණක් දී, දශක හතක් තිස්සේ මුලා කලා...තාමත් මේ අගාධයේ දිග පළල ලංකාවේ බොහොමයක් ජනතාවට නොවැටහෙන පාටයි.

:       0       15

යෝගා Thursday, 03 October 2024 11:03 AM

ඔය ලාල්කාන්තත් ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවසේ අනවසරයෙන් අවුරුදු 17ක් තිස්සේ. උනුත් එකයි මුනුත් එකයි.

:       14       10

අරවින්ද මොනරවිල Thursday, 03 October 2024 11:37 AM

අපරාදේ කියන්න බැහෑ කට්ටිය තනියම කාලා නැහැ බෙදා හදා ගෙන කාලා, එහෙම කනකොට කොටි ත්‍රස්ත්‍රවාදින් මුස්ලිම් අන්තවාදින් කියලා වෙනසක් කරලා නැහැ අපේ හාමුදුරුවනේ !

:       2       17

Wije Thursday, 03 October 2024 12:07 PM

අපි විතරයි එතකොට සිලින්ඩර මුත්තාගේ වැල් පාලමේ දක්කලා තියෙන්නෙ ,අනේ http

:       1       13

fairoos Thursday, 03 October 2024 12:56 PM

කාලකන්නි ආණ්ඩුවට තිත .දැන් හැමෝම මාලිමාව වටා එක්වෙමු

:       3       16

Jani Thursday, 03 October 2024 02:02 PM

දෙගොල්ලොම හොරු තක්කඩි

:       1       11

beau Thursday, 03 October 2024 02:06 PM

පල් හොරු මුන් යකෝ කූඩැල්ලන්ටත් අන්ත ජරා සත්තු ජාතියක් නේ පොදු ජනයාගේ ලේ උරා බොමින් මුන් සැප විදිනවා මුන්ට මේ රජයේ සැප දෙන නීති ඔක්කොම වෙනස් කළ යුතුයි... ජනපතිතුමනි ඉක්මණින් මුන්ව මෙවැනි තැන් වලින් එළවලා දමන්න

:       0       14

විපරමා Thursday, 03 October 2024 02:14 PM

ජනතාවට සේවය කරන්ඩ කියලයි එන්නේ? ඇවිත් කරපු හරිය දැන් රටම දන්නවා...බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ හැම එකෙක්ම මෙවර මැතිවරණයෙන් සදහටම අතුගා දැමියයුතුයි .

:       1       15

chandrika Thursday, 03 October 2024 03:01 PM

අලාභය රජයට අය කරගන්න .පාසල් ළමයින්ට දෙන්න

:       0       14

Gamini Friday, 04 October 2024 10:53 AM

මුන්ගේ ගොන් ටෙලි නාට්‍ය, සම්බන්දන් ගෙ දෙවැනියා සුමතිධරන් ඉන්නෙ අනුර ගෙ ඔඩොක්කුවේ . ඉතින් කතා කරලා බේර ගනිල්ලා.

:       2       0

Bala Friday, 04 October 2024 11:26 AM

ජේවීපී අයට මේවා පෙනෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන් වැඩ කරන්නේ එකම විදියටයි.

:       1       0

Sampath Friday, 04 October 2024 01:42 PM

මගේ ත් තියෙනවා බැංකු ණය ගෙවා ගන්න අමාරුයි ,බොල් ණය ලෙස කපා හරින්න

:       0       2

අප්පුහාමි Friday, 04 October 2024 10:11 PM

පොහොට්ටුවේ, හොරු දැක්ක ජේවීපී...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 110 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 96 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 203 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 106 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 215 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site