IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


විපක්ෂනායකගෙන් විදේශ ඇමතිට යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශපාලනඥයන් ඇතුළු පිරිස් විදේශ රටවල සඟවා ඇති මුදල් ඇතුළු සම්පත් මේ රටට ගෙන්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඒ සඳහා නිදිවරාගෙන වැඩ කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ජාතිවාදය සහ ආගම් වාදය හැමවිටම ප්‍රතික්ෂේප කරන බව පැවසූ විපක්ෂනායකවරයා  රටට අවශ්‍ය වන්නේ  ශ්‍රී ලාංකික චින්තනය බවද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිදි වරාගෙන වැඩ කරනවා කියලා අපිට ආරංචියි. ඒ නිලධාරීන්ට අපි සුබ පතනවා. දේශපාලනඥයන් ඇතුළු පිරිස් පිටරට සඟවා ඇති අපේ සම්පත් සොයා ගැනීමට නිදිවරාගෙන වැඩ කිරීමත්  නරක නැද්ද කියලා මම අහනවා.මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බැසිල්  රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට නියෝගයක්  දුන්නා.   ඒ අහිමිවුණු දේපළ ලබා ගැනීමටත්  ඔබගේ යාන්ත්‍රණය මෙහෙයවන්න.

නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි ප්‍රවේශ වෙන්න ඕන. අවබෝධතා තුළින් රටට ප්‍රතිලාභ අත්වෙන්න ඕන. කොරෝනා සමයේදී මුස්ලිම් ජනතාවගේ අයිතිය නැතිවුණා. අපි ඉන්නේ ශ්‍රී ලාංකිකත්වය කියන ප්‍රතිපත්තිය තුළ. එදා රාජ්‍ය පාර්ශවයේ හිටපු මුස්ලිම් නායකයන් නිවැරදි තැන හිටගත්තේ නැහැ. අපි ඒ ක්‍රියාවලියට එරෙහිව මහ පාරට බැස්සා.  අපි විතරයි මහ පාරට බැස්සේ.

ප්‍රති ත්‍රස්ත පනත පීඩාකාරී එකක්. ත්‍රස්තවාදය තුරන් කරන්නට අණ පනත් තියෙන්න ඕන. රටට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. ත්‍රස්තවාදයට ඉඩ නොතබන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන නීති පද්ධතියකට අපි එකඟයි.



අදහස් (6)

විපක්ෂනායකගෙන් විදේශ ඇමතිට යෝජනාවක්

Prabha Thursday, 07 December 2023 03:02 PM

ඔක්කොම හොරු .ඉතින් කවුද අල්ලන්නේ

:       4       6

Prabha Thursday, 07 December 2023 03:02 PM

ඔක්කොම හොරු .එතනින් කවුද අල්ලන්නේ

:       6       4

මොහොට්ටාල Thursday, 07 December 2023 03:48 PM

නිදි වරාගෙන වැඩ කරනවා වගේම ඉවසීමෙන් වැඩ කිරීමත් ඕනෑ කියලා කියන්න කැමතියි (නිදි වැරුවා දහස් වටී ඉවසමනා දහස් වටී කියලා පැරණි කියමනක් තියෙනවා)

:       0       1

රංබොඩ Thursday, 07 December 2023 04:15 PM

පුතාණෝ හිටු කියලා කට්ටියකට කඩේ යනවා. ඡන්ද ටික බලාගෙන. මේ නිවට ගති නිසා තමයි මොවුන් රටට අහිතකර වැඩ කරන්න පෙළඹෙන්නේ. තමන්ට ඡන්ද ලැබෙනවා නම් රටක්, ජාතියක් නෑ මොවුන්ට...!

:       0       1

Prasanna Thursday, 07 December 2023 04:42 PM

මෙයාගේ තාත්තා ළඟ සල්ලි ඇති...

:       0       1

Bamunuarachchi Thursday, 07 December 2023 06:13 PM

ලොක්කා මෝඩ කතා කියන්න එපා... ඉක්මන් වෙන්න එපා. බැරිවෙලාවත් කාලකන්නි ජෙප්පන් බලයට ආවොත් ඒ මිනිස්සුගේ සල්ලිවලට මොකද වෙන්නේ...? අපි හදන්නේ අපේ මෙහෙ තිබෙන ඩොලර් ටිකත් පිටරට ඇදගන්න. මෝඩයෝ JVP එකට ඡන්දෙ දුන්නොත් හෙන 14ම වදිනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 365 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 944 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1421 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 788 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 903 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25654 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site