IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


‘විපක්ෂයේ කාරිය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවේ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම යැයි අදහස නතර  කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.

"රටට ගැළපෙන පරිදි දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ කළ යුත්තේ සියලුම දෙනා ගැඹුරු මැදිහත් සිතකින් එකඟතාවයකට ආවොත්  පමණයි.

සමහර දේශපාලන පක්ෂ බලය බෙදීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අදිමදි කරන බව මට පෙනෙන්නට තිබුණා.අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු කරමු

අපේ රට ඉදිරියට ගෙන යන්නට හැකි වන්නේ සියලුම දෙනා එක්ව ඉදිරියට ගියොත් පමණයි. අතීතය පාරමින් නොසිට අනාගතය ගැන සිතමු.රටේ අනාගතය ගැන සිතා පොදු තීරණයකට එළඹෙමු යැයි ජනාධිපතිවරයා කීය.



අදහස් (16)

‘විපක්ෂයේ කාරිය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවේ’

podi hadaya Wednesday, 09 August 2023 10:22 AM

ඔබතුමා මහජන චන්දෙකින් ජනාධිපති වෙච්ච කෙනෙක් නෙමෙයි නේද .ඒකවත් අවබෝධ කර ගන්න බැරි ඔයා ගැන වෙන මොන කතාද අනේ

:       16       47

PatriotWednesday, 09 August 2023 11:24 AM

මහජන ඡන්දෙන් ආවාද නැද්ද කියන එක අදාල නෑ... ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම ජනාධිපති තනතුරෙ මූලික කාර්යයක්... 13 වෙනි සංශෝධනය දැන් ව්‍යවස්ථාවේ කොටසක්... ඇයි ඒකට බය වෙන්නේ ඔයගොල්ලෝ... අකැමැත්තක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැල්ලා ඒක අහෝසි කරන්න කියන්න ඔයගොල්ලන්ගෙ නියෝජිතයින්ට...

:       31       11

ගාමිණි Wednesday, 09 August 2023 12:54 PM

ඔය කියන ව්‍යවස්තාවේම තමයි තියෙන්නේ නිසි කලට ඡන්ද පැවැත්විය යුතුයි කියලා. ඡන්දය ජනතාවගේ අයිතියක් කියලා. පළාත් සභා දින නියමයක් නැතුව කල් දාලා, පළාත් පාලන සල්ලි නෑ කියලා කල්දාලා විධායක බලය පාවිච්චි කරලා අධිකරණ නියෝග මග ඇරලා නීතිය බල්ලට දාලා වැඩ කරන්න කියලා ව්‍යවස්ථාවේ කොහේවත් නෑ.

:       5       24

kushan pereraWednesday, 09 August 2023 11:28 AM

මහත්තයෝ රටක ව්‍යවස්ථාවක් තිබෙනවා. එම ව්‍යවස්ථාවට අනුකූලව තමයි ජනාධිපති කෙනෙකු පත්කරලා තිබෙන්නේ. ඔබ කියන ආකාරයට එහෙනම් බලයේ ඉන්න ජනාධිපති කෙනෙකු මරණයට පත් වුණොත් ආයෙත් ඡන්දයක් පවත්වා මහජනයාගෙන් තෝරාගන්න කියලද? රටේ වාසනාවකට මෙතුමා පත් වුනේ නැතිනම් අද රටේ මිනිසුන් එකිනෙකා ඇනකොටා ගන්න තත්වයකට පත්වෙලා ඇති. මොහු බලය ගෙන මාස 4කින් බොහෝ මූලික ප්‍රශ්න ඉවර කළා. ටිකක් 2022 මැයි, ජුනි, ජුලි මාසයන් ආවර්ජමය කර බලන්න. රටේ විදුලිය නැහැ, ගෑස් නැහැ, පෙට්‍රල් නැහැ, ජනතාවට ගෙදර උයාගන්න විදිහක් නැහැ. කියන්නම් වාලේ ඔහේ කියවන්න එපා ...

:       33       8

samanWednesday, 09 August 2023 01:01 PM

මොකද්ද ඉවර කරපු ප්‍රශ්නේ? ණය ගෙවන්නැති නිසා ඩොලර් ටිකක් එකතුවෙලා තියෙනවා... ඒ වුණාට කොමිස් ගහලා ගෙනාපු බාල බෙහෙත්වලින් ලෙඩ්ඩු මැරෙනවා... ප්‍රශ්න පත්‍ර ගහන්න සල්ලි නැති නිසා විභාග තියෙන එක තහනම් කරන්න යනවා. ජනාධිපතිවරණයට සල්ලි හොයන්න සමාගම් දෙකකට පිටි ඒකාධිකාරයක් දීලා තියෙනවා... දොස්තරලා, මහාචාර්යවරු රට අතැරලා යනවා අසාධාරණ බදු නිසා. තව අවුරුද්දක් අල්ලන් ඉන්න හදන්නේ ජනාධිපතිවරණය එනකල්... ඊට පස්සේ තමයි අපායේ ඉන්ටවල් ඉවර වෙන්නේ...!

:       4       23

අනුරාධ Wednesday, 09 August 2023 10:57 AM

උතුරු නැගෙනහිර දෙමළ චන්ද අරං ජනාධිපතිවරණය දිනන්න කරන කැත වැඩක් හැටියටයි සාධාරණ සිංහලයෙක් වන මා මෙය දකින්නේ.

:       6       31

Hafeel Wednesday, 09 August 2023 02:17 PM

මමත් ඔබ සමග එකඟයි. පළාත් සභාව කියන්නේ ඉන්දියාව බලහත්කාරයෙන් අපිට පටවපු, රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්න නැති සාපයක් මිස මේ රටේ ජනතාව ඉල්ලපු එකක් නොවේ. දැන් බැඳුම්වාදයත් පරාජය කරලා වසර 14 ටත් වැඩියි. මේ ජනවරමක් නැති ජනාධිපති මැරිච්ච, කල් ඉකුත් වූ, කිසිම ඵලක් නැති පළාත් සභාවට පණ දෙන්න යන්නේ. පළාත් සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලාගේ බිරින්දලාට දූ පුතුන්ලාගේ පෙර පාසල. පළාත් සභාවල ඉන්නේම පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ බිරිඳ, දු දරුවන් මිස, අනිත් අයට ඉඩ නැහැ.

:       1       5

Perera Wednesday, 09 August 2023 10:59 AM

ආණ්ඩුව කරන නොසණ්ඩාල වැඩවලට, විපක්ෂයට එකඟ වෙන්නද කියන්නේ?

:       8       27

Rata Perata Wednesday, 09 August 2023 11:45 AM

කතාව දෝලාවෙන්, ගමන පයින්... මෙයා කියන ඔක්කොටෝම හා කියන්න නම් පාර්ලිමේන්තුවක් මොකටද? මෙයා ඔය කතාව විනිශ්චයකාරවරුන්ටත් කළා...

:       5       26

සමන්ත Wednesday, 09 August 2023 11:52 AM

​ දැන් මහජන චන් ද 69 ලක්‍ෂයක් දීලා පත් කරපු මිනිහා පැනලා ගියේ රනිල් කියලා ද​? රටයි ආර්ථිකය යි විනාශ කරපු උන් දැන් රනිල් ට පින්සිද්ද වෙන්න පණ ගහලා ඇවිත් ඒ මිනිහටම බනිනවා.ගරහනවා. ඔහෙලා වගේ ම්නිස්සුන්ට ලුණු කැඳක් වත් නැතිවෙන්න තිබ්බේ. අපරාදේ රනිල් වැඩේ කෑවානේ.

:       27       8

duplicate ralahami Wednesday, 09 August 2023 11:55 AM

ජනතාවට හෙන දෙන මුත්තට වෙන රජකරි වැඩ නැතුව ඇති පාර්න්තුවට එන්නෙ

:       2       25

Nimal Wednesday, 09 August 2023 12:09 PM

දැඩි ලෙස විරුද්ධ නොවිය යුතු දෙයක් මේ පින් ජඩාදිපති යටතේ සිදුවුනාද ?

:       2       24

janaka Wednesday, 09 August 2023 01:04 PM

රටම අකමැති - රටේ (පිං) ජනපති...

:       4       22

ලුම්බිණි Wednesday, 09 August 2023 01:26 PM

ඒ වගේම ආණ්ඩුවත් විපක්ෂය කියන්නේ මොකද්ද කියලා සලකලා බලන්න ඕනෑ නේද? ආණ්ඩුව කියන හැමදේටම එකඟ වෙනවා නම් විපක්ෂයක් මොකටද හලෝ...?

:       2       19

chandima Thursday, 10 August 2023 04:20 AM

මදැයි කොලා.ඉන්දියාවට කෙලින්න ගිහින් කරගත්තු දේ.මෙදාපාර ඉන්දියන් කාරයෝ ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියලා කපන්න යන්නේ නේද ?පව් ලංකාව

:       0       1

සල්ලි Thursday, 10 August 2023 07:52 AM

ආණ්ඩු පක්ශයේ කාර්‍යය නෑදෑ හිතවතුන් පිනවීම නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 178 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 218 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 474 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 1718 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1754 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 244 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1417 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site