IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදියටයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තුවාලය පෙන්වමින්  හිඟා කන හිඟන්නාගේ ඒ තුවාලය සුවකිරීමට  යෑමේදී  ඔහු කලබලයට පත්වීම ස්වාභාවික  බවත්  ආර්ථික ප්‍රශ්නය නමැති තුවාලය මේ ආණ්ඩුව සුව කිරිමට  යද්දි   සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  කලබලවී ඇත්තේද ඒ ආකාරයටම බවත් මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී  අද (23) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව පිළිබඳ විවාදයේදීය .

වත්මන් රජය බාර ගත්තේ අගාධයට ඇද දමා තිබූ  ආර්ථිකයක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රජයට අද සියල්ල කිරීමට සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සමග යැයි ද  ප්‍රකාශ කළේය.

මිනිසුන්ගේ ජීවිත රැක ගන්න ගමන්ම රටේ ආර්ථික ප්‍රශ්නයටද රජය මුහුණ දෙන බව ඔහු  පැවැසුවේය.

මිනිසුන් ගේ ජීවිත හා ජීවනෝපාය යන දෙකම රැක ගැනීම මේ වෙලාවේ ඉතාම අමාරු බවත් රජය මේ අවස්ථාවේදී විපක්ෂයේ සහායද ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

පොදුවේ විපක්ෂය ඒ සහය මෙතෙක් ලබා දී නැතැයිද ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් රජයට සහය දක්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත්  මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

විපක්ෂය හැටියට රනිල් වික්‍රමසිංහ මහතා අද හොඳ කතාවක් කළ බවත් ඒ කතාවෙන් අනෙක් අයටත් පාඩම් උගෙන ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවට වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන් බවද කබ්රාල් මහතා සිහිපත් කළේය.

කොවිඩ්  පාලනයට අමතර මුදල් අවශ්‍යවී ඇති බවත් සියලු කටයුතු කරද්දී ජනතාවට ණය සහන ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.

මේ සහන සඳහා  රජය බැංකුවලට  රුපියල් කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහසක්  ලබා දී ඇතැයි පැවසූ කබ්රාල් මහතා රට ආර්ථිකමය පැත්තෙන් වර්ධනය වී ඇත්තේ ඒ සහන නිසා බවද සඳහන් කළේය.

සෞභාග්‍යා ණය යටතේ ජනතාවට බිලියන මිලියන 160 ක් ලබා දී ඇතැයිද ඔහු පැවසුවේය.

 



අදහස් (17)

විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදියටයි

ලලිත් එම් Wednesday, 23 June 2021 02:18 PM

රැකියා ව්‍යාපාර කටයුතු වලින් මුදල් ඉතිරි කල රටට ණය නැති සාමාන්‍ය ජනතාවගේ ඉතුරුම් වල පොලිය අඩුකර බොල් ණය කරුවන්ට අඩු පොලී ණය දීලා රටේ සල්ලි බංකළොත් බැඳුම්කර වල දමලා කොමිස් ගත්ත මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම දුකක්. මූණ දැක්කාම දවසේම කැඳත් නැතිවෙනවා...

:       2       565

duminda Wednesday, 23 June 2021 02:51 PM

අගාධයට වැටුණු ආර්ථිකයක් ඇයි බාරගත්තේ ගෙදරට වෙලා ඉන්නේ නැතිව..? නිකම් බයිලා කාරයෝ...

:       7       372

Nuwan Wednesday, 23 June 2021 02:54 PM

සත පහකට වැඩක් නෑ..!!!

:       2       284

hira Wednesday, 23 June 2021 02:55 PM

ඔලුවක් තියෙන එක යම්කිසි දුරකට හෝ මේ තත්වය තේරුම් ගත්තත් ඔලුව නැති එක මේ වෙලාවේ කරන්නේ වටේ කියව කියවා යන එක... මොකද එයා දකින්නේ එක පැත්තක් විතරයි.

:       313       456

pardeep Wednesday, 23 June 2021 03:08 PM

ඔව් ඒක ඇත්ත අපිට පේනවා තවම පොහොසත් අය විදින සැප

:       0       0

Kap Wednesday, 23 June 2021 03:17 PM

විපක්ෂේ නෙමෙයි, මහජනතාව නම් හිතන්නේ හැසිරෙන්නේ සහ කන්නේ බොන්නේ හිඟන්නෝ වගේ. අවාසනාවට මේ වගේ උඩඟු මිනිස්සුන්ට උකස් පෝලිමේ ඉන්න මහජනතාව පේන්නේ නෑ...

:       16       115

Viki Wednesday, 23 June 2021 03:22 PM

ලංකාව සුර පුරයක් කරනවා කියලනේ බාරගත්තේ

:       0       0

Sri Lanka Wednesday, 23 June 2021 03:27 PM

අපිට නම් පේන්නේ කොරෝනා කියන තුවාලය වවන් කන්නේ ආණ්ඩුව... ඉවරයක් කරන්න හිතන්නෙවත් නෑ මේ ආත්මයට...

:       11       119

වාසුදේව Wednesday, 23 June 2021 03:37 PM

අත ගැහුවොත් හොරකමක්... මතකයිනෙ ග්‍රීක බැඳුම්කර, හෙජින් ගනුදෙනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා.. වලට වියදම් කළ ප්‍රකෝටි ගණන් මහජන මුදල් මොනතරම් නාස්ති කරාද? අපේ රට හිඟන රටක් වුනේ මේ තකතීරු නායකයන්ගේ මෝඩ වැඩ නිසා. පව් අපේ මාතෘභූමිය...

:       10       432

විපරමා Wednesday, 23 June 2021 03:53 PM

බයිලා ගැහැව්වට තමුන් පවුල් පාලන ආණ්ඩුවත් එක්ක කරපු දේවල්, ගහපු ඩීල් ගැන දන්නෝ දනිති. ඒකනේ රාජ්‍ය ඇමතිකම පුදලා තියෙන්නේ. මේ වෙනකොටත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි. බොරු බේගල් ගහලා අනුන්ට වරද පටවන්න හැදුවාට දූෂිත දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ දනිති.

:       1       127

athula Wednesday, 23 June 2021 04:08 PM

රට හිඟන්නෝ කලේ ඔබයි, ඔබේ ඇට්ටර හොරු රැලයි. ග්‍රීක බැඳුම්කරවලින් කෝටි ගණන් නැතිකලේ කවුද..? එක එක හොර සූදු රටට ගෙනාවේ කවුද...? රට හිඟන තත්වයට ඇදලා දමලා තව කට ගහනවා. මේ වගේ අය මොනවට මේ ලෝකෙට උපන්නද?

:       1       444

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 June 2021 05:19 PM

එතකොට එහෙනම්, හොරුන් හිතන විදියට හිතනා එක හරි වෙන්නැති නේද?

:       1       58

pradeepa Wednesday, 23 June 2021 05:39 PM

2005 ඉඳන් අදවෙනකම් රටේ ජනතාවගේ ධනයෙන් 50%ක් විතර හොර නඩයක් ඇවිල්ලා හොරා කෑවා. 2005 එනකොට එයාලට මොනවද තිබු‍ණේ... අද කොහොමද එයාලාට තියෙන ධනය? ඔය දෙක අතර වෙනස බැලුවා නම් හොයාගන්න පුළුවන් අපේ ජාතික ධනය කා ගාවද කියලා..

:       10       230

kapila Wednesday, 23 June 2021 06:01 PM

විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදිහට නම් ආණ්ඩුව හිතන්නේ බේබද්දා හිතන විදිහටයි. කන්න නැති වෙනකොට ගෙදර බඩු විකුණනවා.. ඊට පස්සේ තියෙන ඉඩම් විකුණලා කනවා,

:       7       102

Prabha Wednesday, 23 June 2021 06:45 PM

කබ්‍රාල්ලාගේ, ගොඩහේවාලගේ ප්‍රායෝගික දැනුම පේන්නේ දැන් තමයි.

:       4       83

fairoos Wednesday, 23 June 2021 07:57 PM

ලංකාවේ දේශපාලකයින් කවද්ද කිව්වේ ඉස්සර ආණ්ඩුවේ හොඳ වැඩ...? හැමදාම වුණේ ඕකම තමයි.

:       6       122

Sri Lanka Wednesday, 23 June 2021 10:52 PM

ඔබ හරි, ආණ්ඩුව සුපිරි විදිහට සල්ලි වියදම් කරනවා කොරෝනා වලට...දැන් බටහිර කුමන්ත්‍රණ ඉවරයි... කාලයකට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 4 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 133 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1065 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 573 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 517 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1309 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site