IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විපක්ෂයෙ හුස්මෙන් කුරුණෑගල රෝහලට ලක්ෂ 64 උපකරණ

(නිමල කොඩිතුවක්කු)

රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කෙරෙන සමගි ජනබලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන යටතේ ලක්ෂ හැට හතරක රෝහල් උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ නායක කාර්යාලයේ දී අද සිදු කෙරිණ.

සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 15වන පියවර මෙයයි.

එහිදී එකක් රුපියල් 450,000ක් වටිනා මල්ටිපැරා මොනිටර්ස් තුනක් ද, එකක් රුපියල් 1,350,000ක් වටිනා Optiflow Nasal Therapy දෙකක්ද, රුපියල් 1,200,000 වටිනා CPAP/BIPAP යන්ත්‍රයක් ද, රුපියල් 1,200,000 වටිනා Highflow Oxygen යන්ත්‍රයක් ද, රුපියල් 100,000 වටිනා Pulse Oximeter ද කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මෙහිදී රුපියල් 1,350,000 වටිනා Optiflow Nasal Therapy යන්ත්‍රයක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සමගි ජන ලවේගයේ ඔස්ට්‍රේලියානු මෙල්බර්න් ශාඛාව ප්‍රදානය කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන, ජේ. සී අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (2)

විපක්ෂයෙ හුස්මෙන් කුරුණෑගල රෝහලට ලක්ෂ 64 උපකරණ

මානවඩු Friday, 18 June 2021 11:57 PM

මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් වාද භේද නැතිව කළහැකි දෙයක් කිරීම මහඟු ආදර්ශයක්...!!!

:       0       1

Mahendra Kalingamudali Saturday, 19 June 2021 12:39 AM

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මෙම ව්‍යාපෘතියට මුදල් එකතු කල සංවිධායකයින් පැවසුවේ මෙම ව්‍යාපෘතියේ උපකරණ දේශපාලනයෙන් තොරව රෝහල් වෙත ලබාදෙන බවයි. නමුත් එම සංවිධායකයින් සිදුකර ඇත්තේ පරිත්‍යාග ශීලීන්ට වංචාවකි. දේශපාලකයින්ගේ හෝ දේශපාලන පක්ෂ වල ප්‍රතිරූපය නැංවීමට නොව බොහෝ දෙනා මෙම ව්‍යපෘතියට දායක වුනේ ශ්‍රී ලංකික ජනතාවට උපකාර කිරීමේ චේතනාවෙනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 258 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 201 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 360 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1213 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 394 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site