IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


විභාග අයැදුම්පතට විදුහල්පති අත්සන් නොකළැයි දැරිය අධිමාත්‍රා බෙහෙත් බීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙම වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය ටවැඩබලන විදුහල්පතිවරයා සහ පන්ති පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන පන්විල පොලිස් වසමේ පිහිටි පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවියක්ඖෂධ වර්ගයක් අධිමාත්‍රාව කින් පානය කිරීම නිසා රෝගාතුර ව පේරාදෙණිය ශික්ෂණ රෝහලට අද(26) ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

 සිසුවිය නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

ඖෂධ අධි මාත්‍රාවක් පානය කරරෝගාතුර වූ සිසුවියක්  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව එම රෝහල් පොලීසිය  පන්විල  පොලීසියට දැනුම් දී තිබේ.

පන්විල පොලිසියේ නිලධාරියෙක්පේරාදෙණිය ශික්ෂණ රෝහලට  ගොස්එම සිසුවෙකුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත. 

 තමන් ඉගෙනුම ලබන පාසැලට අපොස උසස් පෙළ විභාගයෙ අයදුම් පත්‍රයට අත්සන ලබාගැනීමටගිය අවස්ථාවේ එහි වැඩබලන විදුහල්පතිවරයා සහ දහතුන්වෙනි  වසරේ පංතිභාර  ගුරුවරියඑයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව සිසුවිය පොලිසියට ප්‍රකාශකර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුව නිසා මෙවර පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වන බැවින් ඒ ගැන සිත් වේදනාවට පත් වීදිවි නසා ගැනීම සඳහාමවගේ රෝගී තත්ත්වයකට ගෙනවිත් තිබූ ඖෂධ වර්ගයක් අධිමාත්‍රාව කින්  පානය කළ බවසිසුවිය පවසන්නේ යැයි යැයි පොලිසිය සඳහන් කරයි.

පන්විල පොලීසියසිසුවිය කල ප්‍රකාශ මත මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (5)

විභාග අයැදුම්පතට විදුහල්පති අත්සන් නොකළැයි දැරිය අධිමාත්‍රා බෙහෙත් බීලා

Sampath Wednesday, 26 July 2023 07:58 PM

විදුහල්පතිවරයාට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. විදුහල්පතිවරුන්ට අත්තනෝමතිකව මේ විදිහට තරුණ ජීවිත සමග සෙල්ලම් කරන්න ඉඩ නොදිය යුතුයි. අනෙක විභාග පුද්ගලිකව අයදුම් කරන්න දෙන්න විදුහල්පතිවරුන්ගේ අත්සනක් මොකටද? ළමයා විභාගයට පෙනී සිටින්නේ පාස් වෙන්නම නෙවෙයි. ඇතැමිවිට රැකියාවට යන්න විදේශගතවෙන්න අරමුණක් ඇති...

:       0       0

kassapa Thursday, 27 July 2023 07:15 AM

ගුරුවරයෙක් හෝ විදුහල්පති වරයෙක් කියන්නේ නිකන්ම නිකං රජයේ සේවකයෙක් නොවෙයි . ඔවුන් තමයි අපේ සමාජය යහමගට යොමුකරවන නියමුවන්. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ගුරුවරු මෙන්ම විදුහල් පති වරුන් බහුතරයක් අර දොස්තර සංගමය වගේ තමන්ගේ ගොඩම ලොකු කරගැනීමේ අරමුණෙන් කටයුතු කරන්න පටන් ගත්තා . වෘත්තිය සමිති හා දේශපාලුවන් මේ අයව බලල් අත් බවට පත්කරගත්තා . අවසානයේ වන්දනීය වෘත්තියක් වූ ගුරු වෘත්තීය තවත් එක්තරා වෘත්තියක් බවට පත් උනා . ඒ වගේම මානව හිමිකම් වැනි දෑ අනවශ්‍ය අන්දමින් පාසල් පද්ධතියට බලපෑම් කරන්න පටන් ගත්තා . මේ සියලු කරුණු හේතුවෙන් නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරවෙන් කපන තැනට පත්වෙලා පාසල් තුල සිඟිති පාතාල හා මත්ද්‍රව්‍ය පවා පැතිරුණා . ගුරුවරු හා සිසුන් අතර තිබුණු ආදරණිය බැඳීම වෙනුවට නිල බැඳීමක් ඇතිවුණා . සිසුන් ගුරුවරුන්ටත් , ගුරුවරු සිසුන්ටත් වෛර කරන තැනට පත්වුණා . මේ සිද්ධියත් මෙකි ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් තමයි . කොහොම උනත් තවමත් අතීතයේ පාසලේ සිටි වන්දනීය විදුහල්පති වරයා මෙන්ම ගුරුවරයාත් අතම පාසල් වලදී හමුවෙනවා. නමුත් ඒ අයට විතරක් උඩුගං බල පිනන්න්න බැහැ . ගුරුවරයාව නිසි ඇගයීමකට ලක්කර , වෘත්තීය ගරුත්වය

:       1       10

චන්දන Thursday, 27 July 2023 08:06 AM

ඕනෑම අයකුට කිසිම ගැටලුව ක් නැති ව පුද්ගලිකව විභාගයට ඉදිරිපත් වෙන්න පුළුවන් . අනෙක පාසල් එන්නේ නැති ව විභාගයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකළ යුතුය . මේ නීතිය ලංකාවේ තමා අඩුවෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ . පුද්ගලික විශ්ව විද්‍යාල සහ විදෙස් රටවල විභාගයට ඉදිරිපත් කිරීමට නම් අධ්‍යයන සැසි වලට සම්බන්ධ වීම අත්‍යවශ්‍යය .

:       1       9

Senarath Thursday, 27 July 2023 09:04 AM

උන් දෙන්නට බම්බු ගහගන්න කියල පෞද්ක අයඩුම්කරුවෙක් විදියට ඉල්ලුම් කරානම් වඩා හොදයි නේද.

:       0       4

ගමේ එකාලා Thursday, 27 July 2023 01:18 PM

මේ වගේ උන්‍ රටට සාපයක් ? අත්සන් කෙරුවා කියලා උන්ට හෙන ගහනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 9 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 219 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 848 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 116 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 62 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 1231 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site