(විශේෂ බී.ජී. චතුරංග)
වර්තමාන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බැවින් සහ ඊට අදාළ නිසි පියවර නොගැනීම හේතුවෙන් වහාම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර සේවය අවසන් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී අද(20)වැනි දා පැවසීය.
මෙහිදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ කොමසාරිස් ජනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බවය. ඒ වෙනුවෙන් එම චෝදනාකරුවන්ට විභාග රාජකාරී අත්හිටුවීම ඇරෙන්න කිසිම වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
2015 වසරේ සිට මේ දක්වා බරපතල ගණයේ විභාග වංචා 439 ක් සිදුව ඇතැයි ද ඒ වෙනුවෙන් ද ලබා දී ඇති උපරිම දඬුම වී ඇත්තේ ජීවිත කාලයටම විභාග රාජකාරී පමණක් තහනම් කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කල විමසීමේ දී මේ කරන චෝදනාව ඒ මහතා ප්‍රතික්ෂේප කළ අතර මේ වනවිට ශිෂ්‍යත්ව විභාග සිද්ධියට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුවක් පවා ක්‍රියාත්මක බව පැවසීය.
එමෙන්ම දෙපාර්තමේන්තුව පූර්ණ විමර්ශනයක්ද මේ වනවිට සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිලි කළේද තමන් බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අවධාරණය කළේය.
තම සීමාව තුළ උපරිම සාධාරණයක් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද තවදුරටත් ඒ මහතා කීය. එහෙයින් මේ කටයුතු කිසිසේත් අතහැර නොමැති බවද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විභාග වංචා වලට පියවර නොගත් විභාග කොමසාරිස් ඉවත් කරන්න
Dewage Sunday, 20 October 2024 01:27 PM
එක එකා කියන ආකාරයට රජයේ සේවකයින් වේවා, නිලධාරි වේවා සේවයෙන් පහකිරීම කරන්න කාටවත් අයිතියක් නැහැ... රජයේ නිලධාරි පාලනය වෙන්නේ ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව මිස සමිති සමාගම් අටවාගෙන පිං පඩි ගන්න අයගේ උපදෙස් අනුව නොවෙයි වරදක් වෙලා කියලා පැහැදිලි වෙනවා. ඒත් මූලික විමර්ශනය කර ඒ අනුව ලැබෙන තොරතුරු මත නිදහසට කරුණු විමසීමක් කර විධිමත් විනය පරීක්ෂණයක් කිරීමෙනුත් පස්සේ තමයි දඬුවමක් කරන්න පුළුවන් වෙන්නේ... ඒ නිසා රාජ්‍ය සේවය අවමානයට පත්කිරීම වෙනුවෙන් (ඔහු ආයතන සංග්‍රහයේ රෙගුලාසි නොදන්නා නිසා ) මොහුටත් දඬුවමක් දියයුතුයි. දැන් ඔය මිනිහා කියාවි අපිට ආයතන සංග්‍රහය වලංගු නැහැ කියලා... ඒකට කියන්න තියෙන්නේ ලැබුණු පත්වීම් ලිපිය කියවා බලන්න කියලා තමයි...
AsangaMonday, 21 October 2024 08:22 AM
ස්තූතියි දැනුවත් කලාට... හැබැයි ඔය ටික මීට ඉස්සෙල්ලා වුණ මේවගේ වංචා වලදි කිව්වේ නෑනේ. ඇමැතිට අස් වෙන්න බලකරා ඇරෙන්න
රම්බොඩ Sunday, 20 October 2024 01:59 PM
මෙයාලා කියන කියන එක කරන්න ගියොත් අපේ රටත් බංග්ලාදේශයක් වෙයි.
PereraMonday, 21 October 2024 05:12 AM
ලංකාව බංගලා දේශයක් තමයි දැන් .බලන්න මැති ඇමතිලාට නිකන් ලැබුන බංගලා භාර දෙන්න නියෝග දීලා තියෙන්නේ
ජයනාත් Sunday, 20 October 2024 02:16 PM
එක එකාට ඕන විදියට රටක් කරන්න බැහැ. විභාග වංචාවලට ගත යුතු ක්‍රියා මාර්ග තියෙනවා . කැකිල්ලේ නඩු තීන්දු දෙන්න බැහැ . නිකං බොරුවට කිච වෙන්නෙ නැතිව ඉන්න.
කිතුල්හොදා Sunday, 20 October 2024 08:56 PM
කොච්චර වංචාකාරී දේවල්වල යෙදුණත් ඒවාගෙන් ප්රතිලාභ ලබන කොටස කැමති වෙයිද තම තමන්ට ලැබෙන වාසිය නැති කර ගන්න. ඉතිං කිතුලට නැග්ග එකාටත් කියන්න දේවල් තිබුණනේ.