IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විමධ්‍යගත ඉල්ලා මන්ත්‍රීවරුන්ගෙන් ගෝරනාඩුවක්

 

(සුජිත් හේවාජුලිගේ )

තම ප්‍රදේශයන්හි සංවර්ධනය සඳහා විමධ්‍යගත අරමුදල් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගේ පසුගියදා   නැවත වරක්  දැඩිව ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම කර ඇති පිරිසට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.

විමධ්‍යගත  අරමුදල් නොලැබීමෙන් තම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලට ලොකු බාධාවක් ඇති හෙයින්  දේශපාලන වශයෙන්ද තමන්ට විශාල ගැටලුවක් පවතින  බව එම මන්ත්‍රීවරුන් එහිදී පෙන්වාදී ඇත.

ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙන හෙයින් මේ තත්වය යටතේ තමන්ට ජනතාව හමුවට යෑමට නොහැකිවී ඇති බවද  මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබාදීම වසර තුනක පමණ කාලයක  සිට නතර කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ  ප්‍රදේශවල සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ලබාදෙන බවයි. එම කමිටු හරහා ප්‍රාදේශීය සහ ග්‍රාමීය කමිටුවලට මුදල් බෙදා දීම කරන බවත් එම කමිටු සාකච්ඡාවලට  සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ටද  ආරාධනා කරන බවත් බවත් ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට  විමධ්‍යගත අරමුදල් ලබාදීමට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම  ජනතාවගේ ඉල්ලීම බවද  හෙතෙම කීවේය.

මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීමේදී   තමන්ට හිතවත් තමන්ට ඡන්දය දුන් අයගේ පාරවල් පමණක් හැදෙන තත්වයක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණු බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

විමධ්‍යගත  අරමුදල් වහාම ලබාදෙන ලෙස  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදීද  පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.



අදහස් (4)

විමධ්‍යගත ඉල්ලා මන්ත්‍රීවරුන්ගෙන් ගෝරනාඩුවක්

Hafeel Saturday, 13 January 2024 03:32 PM

එහෙමනම්, මෙයා මෙයාගේ බෑණාව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කළ එක සාධාරණද? ඔයාට නෑදෑකමට බෑණාව පත් කරන්න පුළුවන් නම්, ඔයා කොහොමද අනිත් අයට නීති පනවන්නේ?

:       0       7

Nimal Saturday, 13 January 2024 06:03 PM

ජනතා මුදලින් බාල් නැටුවා මදිවට මොවුන්ට තව විමධ්‍යගත අරමුදලිනුත් මුදල් දෙන්න. කොහොමටත් මොවුන්ට ජනතාව අතරට එන්න බැහැ තමයි, විශේෂයෙන්ම ඡන්දෙ කාලෙදී... ආවොත් ගහලා පන්නගන්නවා.

:       0       8

Bamunuarachchi Saturday, 13 January 2024 07:18 PM

යන්න ඉන්න එවුන් තවත් ගානකට කෙලලා යන්න හදන්නේ...!

:       0       8

චින්තක Saturday, 13 January 2024 08:22 PM

මංත්‍රීලා සදහා පුද්ගලික වනසේ ජනතා මුදල් ලබාදෙන විමධ්‍යගත අරමුදල් ක්‍රමය වහාම ක්‍රියාත්මක වනසේ නැවැත්වීම කලොත් නාස්තිය හා දූෂණය වංචාව නැතුව යනවා .රටේ සංවර්ධනය අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදනමෙන් සුදුසු ව්‍යාපෘති තෝරාගෙන කලොත් තරමක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දේශපාලන හිතවතුන්ට ත්‍රීවීලර් නැවතීමට ගොඩනැගිලි හදාදීම වැනි අනවශ්‍ය වියදම් අනන්තවත් වෙනවා .කොහොම වුනත් දිස්ත්‍රික් මංත්‍රී ක්‍රමය යටතේ ඔවුන්ට පුද්ගලික වනසේ මුදල් වෙන්කිරීම ඉතාමත් අසාධාරණ නාස්තියක් කියන්න පුළුවන්. විමධ්‍යගත මුදල් කියන්නෙ දේශපාලුවන්ගේ මැතිවරණ කටයුතු කරන්න දෙන මුදලක් නොවෙයි නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 273 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 421 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 779 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 905 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 679 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 647 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site