IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විමලුත් මහ ඡන්දෙට නෑ

(සුජිත් හේවාජුලිගේ සහ කේ. බුද්ධික කුමාරසිරි)

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව හෝ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක  ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (33)

විමලුත් මහ ඡන්දෙට නෑ

Shashika519 Thursday, 10 October 2024 02:25 PM

මැක්කො ඉවරයි දැන්...!

:       0       1

Nadun Thursday, 10 October 2024 02:35 PM

ඉල්ලුවත් පරාදයි විමලේ...

:       0       2

sarath Thursday, 10 October 2024 02:37 PM

කොල්ලා රතු ඇඳලා නේද? අම්මෝ එළිය...

:       0       2

achini Thursday, 10 October 2024 02:40 PM

නියමයි අපතයින් එක එක ඉවතට... රට හරි මගට.

:       0       2

බද්රානි Thursday, 10 October 2024 02:43 PM

මේ හැමෝම මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කොට තිබෙන්නේ, මේ රටින් පැන යාම අරමුණු කරගෙනයි.. නව රජයක් යටතේ මොවුන් කල වංචා යට ගැසීමට නොහැකිවෙන තත්වයක් උදාවෙන බව මොවුන් හොඳින් දන්නවා. මහමැතිවරණයට පෙර මොවුන්ට ඇති චෝදනා වලට නඩු දැමීම කළ යුතුයි. මේ රටින් හොරා කෑ සියල්ල රජයට පවරාගෙන මොවුන්ව නිසි දඬුවම් දිය යුතුයි.

:       0       2

ජනරළ Thursday, 10 October 2024 02:43 PM

ඔව් අනේ ! මේ පොඩි රෙස්ට් එකක් ගන්න හිතුවා. දැන් අවුරුදු කීයක් ගිරිය පුප්පාගෙන කෑගගහා ගියාද? මොවුන්ගේ කෙහෙම්මල් රට වෙනුවෙන්. ඔය ඡන්ද දායකයෝද කවුද ගැන... මගේ නම් දැන් සත පහක විශ්වාසයක් නැහැ.

:       0       1

Gunendra Thursday, 10 October 2024 02:56 PM

නියත පරාජය හමුවේ ගත් අති විශිෂ්ඨ තීරණයක්...!

:       0       1

fairoos Thursday, 10 October 2024 03:07 PM

මේ පාර ඉල්ලන්න මුකුත් නැතිව ඇති... ඉතාම හොඳ තීරණයක්... තොලොංචි වෙලාම යන්න ඕනේ...!

:       0       1

saman Pushpakumara Thursday, 10 October 2024 03:11 PM

මෙහෙමත් අසරණ වීමක්..

:       0       1

dasun Thursday, 10 October 2024 03:33 PM

ඉතිරිව ඇත්තේ පවුල් පිටින් සිරබත් කෑමට සූදානම් වීම පමණයි.

:       0       1

ගමේ එකාලා Thursday, 10 October 2024 03:39 PM

ආවත් අනිවාර්යයෙන්ම පැරදෙන බව දන්නවා.. බලුවෙනවාට වඩා මැතිවරණයට ඉදිරිපත් නොවෙන එක හොන්දා කියලා හිතෙන්න ඇති.

:       0       1

C.K.Lankaputhra Thursday, 10 October 2024 03:41 PM

ඒ පාර මොකක් හරි ගොන් උප්පරවැට්ටියකට අදින පාටයි. වරෙන් පුතා, දෙන්නන් ඇට්ටි හැලෙන්න.

:       0       1

විකුම් Thursday, 10 October 2024 03:43 PM

මවුබිමේ පංචායුධය දන්නවා ආවොත් ඇපත් නෑ කියලා. ඒ නිසා ඔහොම හොඳයි විමලේ...

:       0       1

ravin Thursday, 10 October 2024 04:14 PM

මිදි තිත්තයි කීවේ කවුද? තව අටුවා ටීකා අවශ්‍යද?

:       5       17

Kazi Shajahan Thursday, 10 October 2024 04:28 PM

විමලේ, අපි දන්නවා ඔයා...

:       2       11

Harsha Thursday, 10 October 2024 04:31 PM

බර වචන ඕනැ නෑ. පරදින බව දන්නා නිසා එන්නේ නෑ කීවා නම් කාටත් තේරෙනවා...

:       5       20

Sarath Thursday, 10 October 2024 05:05 PM

හයියෝ...! ශුවර් දිනනවා. කොළඹ මිනිසුන් සුදුසුකම් ඇති නායකයෙක් නැතිකරගත්තා.

:       4       15

යෝගා Thursday, 10 October 2024 05:15 PM

මේ වගේ අවස්ථාවාදී පක්‍ෂ වල සාමාජිකයෝ මින් ඉදිරියටවත් බොරු වලවල් වල නොවැටෙන්න හිතට ගන්න.

:       21       22

Rajan Thursday, 10 October 2024 05:17 PM

ජාතියේ පිනට පහත් වූ ඔබ වගේ ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් ගත්තු මේ තීරණය, මාතෘ භූමියට කරපු මහඟු සේවාවක් වශයෙන් මා දකිනවා. ඉතුරු ජීවිත කාලෙටම පාර්ලිමේන්තු පැත්ත පළාතකටවත් නොවෙන්නයි කියා ඔබතුමාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

:       21       39

Deshapriya Thursday, 10 October 2024 05:37 PM

බහුතරයක් පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකයින්ට එළැඹෙන මහා මැතිවරණයෙන් හිමිවන නියත පරාජය දරාගැනීමේ හැකියාව නෑ. තමන් පවත්වාගෙන ගියපු මහා දේශපාලන අධිරාජ්‍ය බිඳවැටිමේ ලැජ්ජාව වහගන්න තරඟ කිරීමෙන් වැළැකී සිටීමට උත්සාහ කරනවා. මේ පුද්ගලයත් ප්‍රතිපත්ති පාවාදී කට පමණක් පාවිච්චි කොට හොර නඩ ආරක්ෂා කාරමින් ගෞරවය නැති කරගෙන දේශපාලන අන්තයෙක් බවට පත්වී ඇත...

:       17       42

පිටරටවැසියා Thursday, 10 October 2024 06:00 PM

අනේ මේකාගේ කල්පනාව... දැන්, වරදාන-වරප්‍රසාද, ආරක්ෂක නඩ නැතිව මනාප ඉල්ලන්න යන්න බැහැ. මනාපේ හම්බ වෙන්නෙත් නෑ, ජනතාවගෙන් අසූචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නෙ.... රට කාපු තක්කඩි හැත්ත...

:       21       37

Walter pieris Thursday, 10 October 2024 06:03 PM

විමල්ට ජය... !

:       9       26

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:05 PM

නඩු පිට නඩු වැටෙන කොට හැංගෙන්න තැනක් හොයාගන්න වෙයි.. නැත්නම් ආණ්ඩුවේ බෝඩිමේ කල්දේරම් බතේ රස තමයි බලන්න වෙන්නේ.

:       20       34

සෙනෙවිරත්න Thursday, 10 October 2024 06:25 PM

මේ තඹුත්තේගම කොල්ලෙක් කරපු විනාසෙ.

:       13       26

ranjith Thursday, 10 October 2024 06:34 PM

මේ වගේ ගෙම්බෝ හැමදාම කලේ ලොකු පක්ෂෙකට හේත්තු වෙලා මනාපෙන් පාර්ලිමේන්තුවට එන එක. තනියෙන් ඉල්ලුවොත් ඇපත් නෑ කියලා දන්නවා. ලොකු පක්ෂ බාරගත්තෙත් නෑ. ඊලගට ඕක වෙන්නේ චම්පිකට...

:       8       26

Nimal 1 Thursday, 10 October 2024 07:30 PM

රටේ තවත් වනසන්නේ නැතිව, බිරිඳ සමඟ අහිමි වරප්‍රසාද භුක්ති විඳින්නේ නැතිව, නොඑන එකමයි කාරිය...

:       2       16

උකුස්සා Thursday, 10 October 2024 07:31 PM

ස්තුතියි මාලිමාවට...!

:       5       20

Asith Thursday, 10 October 2024 07:37 PM

සිංහලයින් වෙනුවෙන් පෙනී හිටපු නායකයෝ ඡන්ද සටනෙන් ඈත් වෙනවා. හැබැයි වෙන ජාතීන්වල ඉන්නා ජාතිවාදී නායකයෝ උඩින්ම පත් වෙලා එයි. එදාට අපි වෙනුවෙන් කතා කරන්න එකෙක් පාර්ලිමේන්තුවේ නෑ. ඒ ගැන දුකයි විමල්...!

:       19       12

ලක්විදුThursday, 10 October 2024 11:37 PM

මේ මිනිහා පෙනී සිටියේ සිංහලයින් වෙනුවෙන් නොව, හොරුන් වෙනුවෙනි. උපන්දින දෙකක් ඇති අය...!

:       0       2

Jaliya Fernando Thursday, 10 October 2024 11:58 PM

ඇමරිකාවේ උදව් ගන්න අපි දැන් සුලු ආගම් උඩට ගේන්න ඕනා. එහෙම නැති වුනොත් ඇමෙරිකාව අර ගෝටාව ඇරියා වගේ අනුරවත් පෑයෙන් ගෙදර අරින්නේ

:       0       0

මෙලොව සුනිල් Thursday, 10 October 2024 08:19 PM

කඳු නැගලා, කඳු බැහැලා, මාස ගණන් දුක් විඳලා, මහා සයිකල් රේස් එකට පුරුදු වුණා මං... මගෙ ෆුල් ඩම් එක දමලා ගත්තා වංගුව කපලා, අඹ ලෙල්ලක ලිස්සලා මං ගියානේ ගුවනින්... උඹ නාඩන්, උඹ නාඩන්, උඹට ඕවා හොඳ පාඩම්...

:       0       2

nimal Thursday, 10 October 2024 08:27 PM

තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයිකියන එකයි ඔය පොර ටෝක් එකේ යටි පෙළ. නරිවාද බේරෙනවා ඔන්න ඔහෙගේ රෙද්ද පල්ලෙං. ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත්නෑ. ජනතාවගෙන් අසුචි පාරකුත්කාලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත... ඇත්තටම ගෝඨාභයගේ අසාර්ථකත්වයට හේතුවුනේ මේ පිරිස ගැන එතුමාගේ තිබුණු අකැමැත්ත කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක්. බලාපොරොත්තු නොවූ හොඳ ප්‍රතිඵල ගෙනැවිත් තියෙනවා.. මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා... ඒ කෙනුත්හොරාකාලා, බංකලොත් කරලා දායි.

:       0       2

ගමේ එකාලා Thursday, 10 October 2024 11:12 PM

ඔය කියන දූෂිත දේශපාලුවෝ ජාතිවාදය අවුස්සලා, බොරු, බේගල් ගහලා බලයේ ඉන්න හැදුවා මිසක් රට ගැන හිතපු අය නොවෙයි. මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 67 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 68 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 150 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 87 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 204 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site